IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


අල්ලස් ගත් කොස්තාපල් වසර 2ක් හිරේට

(මනෝප‍්‍රිය ගුණසේකර)
 
ඖෂධ පනත යටතේ ලියාපදිංචි භාණ්ඩ අවසර පත‍්‍රයේ මුල් පිටපත නොමැතිව ඡායා පිටපතකින් ගෙන යෑමට අවසර ලබාදීම සඳහා පුද්ගලයකුගෙන් රුපියල් 25,000 ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වු මට්ටක්කුලිය පොලිසියට අනුයුක්තව රාජකාරී කළ පොලිස් කොස්තාපල්වරයකුට කොළඹ මහාධිකරණ විනිසුරු ප‍්‍රදීප් හෙට්ටිආරච්චි මහතා වසර 2 ක බරපතල වැඩ සහිත සිරදඩුවමක් අද (19) නියම කළේය.
 

විත්තිකරුට නියම කළ සිරදඩුවමට අමතරව රුපියල් 50,000 ක දඩයකටද ඔහු යටත් කළ විනිසුරුවරයා දඩ මුදල් නොගෙවුවහොත් මාස 18 ක සිරදඩුවමකටද ඔහු යටත් කළේය.
 
විත්තිකරුට එරෙහි චෝදනා හතරම පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා එම චෝදනාවන්ට වරදකරු වු විත්තිකරුට අදාළ දඩුවම නියම කළේය.
 
චෝදනාවට වරදකරුවීම නිසා මෙලෙස දඩුවම් නියම වුයේ මට්ටක්කුලිය පොලිසියට අනුයුක්තව රාජකාරී කළ පොලිස් කොස්තාපල් ලියනගේ ශාන්තප‍්‍රිය විජේසුරිය නමැත්තාටය.
 
2011 ජුනි මස 12 වැනිදා හෝ ඊට ආසන්න දිනයක මට්ටක්කුලිය කදිරාන පොලිස් මාර්ග බාධකයේදී වැරදිකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කොස්තාපල්වරයකු ලෙස සේවයේ යොදවා සිටියදී ඖෂධ පනත යටතේ ලියාපදිංචි භාණ්ඩ රැගෙන යෑමට අවශ්‍ය අවසර පත‍්‍රයේ මුල් පිටපත නොමැතිව ඡායා පිටපතකින් ගෙන යෑමට අවසර ලබාදීම සදහා පුද්ගලයකුගෙන් රුපියල් 25,000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීම ඇතුළු චෝදනා අටක් යටතේ විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩු පවරා තිබිණි.
 
මේ සම්බන්දයෙන් පැවැතී දීර්ඝ නඩු විභාගයේදී විත්තිකරුට එරෙහි චෝදනා අටෙන් 6 ක්ම පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නැතැයි තීරණය කළ විනිසුරුවරයා එම චෝදනාවන්  6 න් ඔහු නිදොස් කොට නිදහස් කළේය.
 
ඉතිරි චෝදනා 2 ක පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා එම චෝදනාවන් දෙකට ඔහු වරදකරු කළේය.
 
එහිදී ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් විනිසුරුවරයා විත්තිකරුට අදාළ දඩුවම් නියම කළේය.
 



අදහස් (6)

අල්ලස් ගත් කොස්තාපල් වසර 2ක් හිරේට

Amila Thursday, 19 September 2019 11:25 AM

8 වසරකට පසු තීන්දුව ලැබෙනවා.. ඉතින් හිතාගන්න පුලුවන් නේද ඇයි දේශපාලනය කරන අයගේ හොරකම් අහුවෙන්නේ නැත්තේ කියලා...

:       0       108

රිස්වාන් සව්දි අරාබිය Thursday, 19 September 2019 01:06 PM

අමිල. දේශපලුවන්ගේ නඩු වලට තවම අවරුදු අටක් වුනේ නැහැ

:       0       0

Lion Thursday, 19 September 2019 11:51 AM

දඬුවම හොඳයි. එත් දුක ඔය දියවන්නාවේ නැව් ගිලපු අය සැපෙන් ඉන්නවා දැක්කහම .

:       0       116

Raveendra Thursday, 19 September 2019 02:06 PM

දියවන්නාවේ 225 ටත් මෙම දඬුවම් ලැබෙන දිනට ලක්මව සතුටු කදුළු හෙලනු ඇත. එදින ඉක්මනින් ලඟා වේවා !!! අපගේ ජීවිත කාලයට එ් නිසා ලක්මව සතුටු කදුළු හෙලනු දැකීමට වාසනාව අපට උදාවේවා.. !!!

:       0       101

Mahee Thursday, 19 September 2019 03:10 PM

අනේ අහිංසක රාළහාමි. ඡායා පිටපත නෙමෙයි මොනම පිටපතක්වත් නැතුව ඔයිට වඩා භයානක දේවල් පාස් කරලා යවන කට්ටියත් ඉන්නවා කිසිම අසනීපයක් නැතුව...

:       0       104

Kumar Thursday, 19 September 2019 06:19 PM

රාලහාමිලා සුළුමුදලට හිරේ ගියා... නෙළුන්දෙණියේ 25000ක් අල්ලස් ගත් කෙනා ජනාධිපති සමාව ලැබුණා. ජනාධිපතිතුමට බැරිද, මේ රාළහාමිලාටත් සමාව දෙන්න. මේ රාළහාමිත් ගත්තේ 25000යිනේ... මම බලාගෙන ඉන්නේ ජනාධිපති කාර්යාලයේ අල්ලස්ගත්ත කෙනාට මොන ආකාරයක දඬුවමක් ලැබේද කියලා. හය මසක අත්හිටවූ සිර දඬුවමක් ලැබේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 435 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 913 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 1074 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 712 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 190 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1865 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1638 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site