(මනෝප්රිය ගුණසේකර)
නීත්‍යනූකූල දඬුවමෙන් වළකාලීම සදහා කසිප්පු ව්‍යාපාරිකයකුගෙන් රුපියල් 15,000/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වු කහවත්ත පොලිසියේ හිටපු පොලිස් සැරයන්වරයකුට වසර 16 ක බරපතල වැඩ සහිත සිරදඩුවමක් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා රුපියල් 20,000/-ක දඩයකටද ඔහු යටත් කළේය.
විත්තිකරු අල්ලස් වශ්‍යයෙන් ලබාගත් රුපියල් 15000/- ක අල්ලස් මුදල දණ්ඩනයක් ලෙස අයකර ගැනීමටද නියම කළ විනිසුරුවරයා විත්තිකරුට නියම කළ දඩ සහ දණ්ඩන මුදල් නොගෙවුවහොත් අමතර වසර 05ක සිරද`ඩුවමකටද ඔහු යටත් කළේය.
සමාජය අල්ලසින් බේරා ගැනීම සදහා අනෙකුත් රාජ්‍ය සේවකයින්ද අල්ලසින් ඈත් කර තැබීමට හැකි වන ආකාරයේ දඩුවමක් විත්තිකරුට නියම කරන්නැයි අල්ලස් කොමිසමේ සහකාර අධ්යක්ෂ ජනරාල් නීතීඥ අනුරාධා සිරිවර්ධන මහත්මිය කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා විත්තිකරුට අදාළ දඩුවම් නියම කළේය.
විත්තිකරුට එරෙහි චෝදනා හතරම පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා එම චෝදනාවන්ට වරදකරු වු විත්තිකරුට අදාළ දඩුවම නියම කළේය.
චෝදනාවට වරදකරුවීම නිසා මෙලෙස දඩුවම් නියම වුයේ කහවත්ත පොලිසියේ පොලිස් සැරයන්වරයකු වශ්‍යයෙන් සේවය කළ ආර්.එම්. ජයසේන නමැත්තාටය.
2009 පෙබරවාරී මස 04 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කහවත්තේදී විත්තිකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා කහවත්ත පොලිසියේ පොලිස් සැරයන්වරයකු වශ්‍යයෙන් සේවයේ යොදවා සිටි විත්තිකරු නීත්‍යානූකූල දඩුවමෙන් වළකාලීම සදහා කසිප්පු ව්‍යාපාරිකයකුගෙන් රුපියල් 15,000/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීම ඇතුථ චෝදනා හතරක් යටතේ විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩු පවරා තිබිණි .මේ සම්බන්දයෙන් පැවැතී දීර්ඝ නඩු විභාගයේදී විත්තිකරුට එරෙහි චෝදනා හතරම පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා එම සියලුම චෝදනාවන්ට ඔහු වරදකරු කළේය.
එහිදී ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් විනිසුරුවරයා විත්තිකරුට වසර 16ක බරපතල වැඩ සහිත සිරදඩුවම් නියම කොට ඇති අතර එම දඩුවම වසර 04ක කාලයකින් ගෙවී යන පරිදි ක්‍රියාත්මක කිරීමටද නියම කළේය.
ඕමාන මුහුදේදී අනතුරට පත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක සිටි ශ්‍රී ලාංකික නාවිකයන් 21 දෙනකු බේරා ගැනීමට ඉරාන හදිසි සේවා සමත් වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.
පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන බවට කළ පොරොන්දුවකින් එක වාර්තාවක් අතපුච්චාගත් බවත් බලයට පැමිණි පසු පාස්කු දින ත්‍රස්ත ප්‍රහ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම
සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දනය කිරීම සදහා පොලිස් නිලධාරීන් 100 ක් පොලිස් විශේෂ කාර්ය බළකාය යටතේ පුහුණුවීම් සිදුකරමින් පවතින බව පොලිස් මූලස්ථානය පවසය
අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු මෙන්ම මානවහිතවාදී දේශපාලනඥයකු වූ පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්
ඥානාර්ථ ප්‍රදීපය කතෝලික පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරිල් ගාමිණී පියතුමා අනිද්දා(19) පෙරවරු 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබේ.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
අල්ලස් ගත් සැරයන් වසර 16 ක් හිරේට
Raveendra Tuesday, 23 July 2019 11:30 AM
ලබාදුන් දඩුවම පිලිබදව ගරු අධිකරණයට අප හිස නමා ආචාර කරන්නෙමු.. තෝරු මෝරු එළියේ යහමින් පිනමින් සිටින්නේය.
sirimal Tuesday, 23 July 2019 11:54 AM
අල්ලස් ගන්න දේසපාලුවෝ නම් යහතින් වැජඹෙනවා...
සමන් - ඕමානය Tuesday, 23 July 2019 05:34 PM
මට තේරෙන්නේ නැත්තේ ඔය මුලධර්මයම මරණ දඬුවම නියම කිරීම සම්බන්ධයෙන් අදාළ නැත්තේ ඇයි කියලා. ඔය සමහරු කෑ මොර දෙන්නේ, මරණ දඬුවම දුන්නාට අපරාධ අඩුවෙන්නේ නෑ කියලා! ඒක එහෙමයි, මේක මෙහෙමයි!!