IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි

(මනෝප‍්‍රිය ගුණසේකර)
 
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.

යහපාලන රජය බලයට පත්වීමෙන් අනතුරුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත් කළ දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව 2016 වසරේදී ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතා අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත් කෙරිණි.

ඒ වන විට ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතා නීතීපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ලෙස කටයුතු කෙළේය. ඔහු අල්ලස් කොමිසමේ තතත්වය ඉහළ දැමීමට හා අල්ලස් සිද්ධීන් සම්බන්ධ විමර්ශන සඳහා නවීන තාක්‍ෂණය යොදා ගැනීමට කටයුතු කළේය.
 
රාජ්‍ය අංශයේ නිලධාරීන් මෙන්ම අල්ලස් පනත යටතේ ආවරණය නොවු පෞද්ගලික අංශයේ නිලධාරීන්ද අල්ලස් පනත යටතට පත් කිරීම සඳහාද, එම අංශද ආවරණය වන අන්දමට අල්ලස් නීතීය සංශෝධන කරමින් නීතී කෙටුම්පත් කිරීම සඳහාද ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතා විශාල මෙහෙවරක් කළේය.
 
ලංකා ඉතිහාසයේ මෙතෙක් වාර්තා වු විශාලතම අල්ලස වශයෙන් සැළකෙන හිටපු ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප‍්‍රධානියා සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයා විසින් කොළඹ ප‍්‍රසිද්ධ හෝටලයක රථ ගාලක් තුළදී  විදේශිය ආයෝජකයකුගෙන් රුපියල් කෝටි 2 ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේදී අල්ලා ගැනීම සිදුවුයේද සරත් ජයමාන්න මහතා අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් කටයුතු කළ සමයේදීය.
 
අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ධුරයෙන් ඉවත් වු ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතාට සමුදීමේ උත්සවයක් පසුගිය 20 වැනිදා අල්ලස් කොමිසමේදී පැවැත්විණි.



අදහස් (11)

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි

කපුරුහාමි Wednesday, 22 January 2020 11:50 AM

සමහරවිට දුෂිත දේශපාලුවෝ බලපෑම් කරපු නිසා අස්වුනාදෝ කියන්නත් බැහැ ?

:       2       91

සේන Wednesday, 22 January 2020 12:44 PM

හඬ පටයක්වත් මග එනවද ?

:       22       53

athuraWednesday, 22 January 2020 02:23 PM

යු එන් පි අයට බැදුම්කරේ වගේ තමයි පොහොට්ටුවෙ කට්ටියට මේ දවස්වල හඩ පට.

:       0       1

athuraThursday, 23 January 2020 03:25 AM

සේන වගේ කට්ටියට ඉතින් හඩ පට කියන්නෙ බත් වගේ තමයි.

:       0       1

Karunarathna,Gampola. Wednesday, 22 January 2020 01:35 PM

මැතිතුමනි, විශිෂ්ඨයෝ බොහෝ කල් එකතැන නොරැදෙති. දිල්රුක්ෂි මැතිනියටද එය එසේම විය. බුදුදහම අනුව එය එසේ විය යුතුයි. කල රාජකාරිය පිළිබඳව හිතට එකග විය හැකිනම්, සෑහීමකට පත්වන්නේනම් මගේ සතුටත් එයම වේ.

:       82       46

Raveendra Wednesday, 22 January 2020 02:00 PM

මහජන මුදලින් වැටුප් ලබමින් තම ජීවිකාව සිය පවුල සමගින් ගෙනගිය මෙම නිලධාරියා තම " හදවතට එකඟව" රට වෙනුවෙන් සේවය කළේ නම් මෙම තනතුර හැරයාම රටට අඩුවක් වනු ඇත.

:       1       0

rocky Wednesday, 22 January 2020 02:03 PM

රන්ජන් රාමනායක උපදෙස් දුන්නා කියලා වසුරු නාලිකාවෙන් ප්‍රචාරය වෙන්න බැරි නැහැ!

:       0       11

gunda Wednesday, 22 January 2020 06:08 PM

මේ කාලයේ සාමාන්‍යයෙන් නිලධාරියෙක් ඉල්ලා අස්වෙන්නේ නැහැ . පුදුමයි මෙතුමා ඉල්ලා අස්වුණ එක, අනුමානයක් නැහැ රන්ජන් එක්ක හඬ පඩයක් ගහලා ඇති.

:       6       2

Nadeeka Wednesday, 22 January 2020 10:48 PM

වැඩ බැරි ටාසන් කෙනෙක්

:       14       38

ඉලේ Thursday, 23 January 2020 06:19 AM

පසුගිය කාලයේ පුවත්පත් වාර්තා අනුව අපි දැක්ක දෙයක් තමා දේශපාලනඥයන්ට එරෙහිව පැවරූ නඩු සියල්ලම පාහේ මේ කොමිසමේ කොමසාරිස්වරු තුන්දෙනාගේම අත්සන් සහිතව ඉදිරිපත් කර නැති නිසා උසාවියෙන් ප්‍රතික්ෂේප වුණා කියන කාරණය. ඒ නඩු ගොනු කර තිබුණේ කොමසාරිස්වරු දෙන්නෙකුගේ පමණක් අත්සන් කරලායි. දේශපාලනඥයන්ට එරෙහි නඩුවල දී පමණක් එහෙම වුණේ කොහොමද?

:       0       43

Perera Friday, 24 January 2020 12:36 AM

ඊගාවට පත්වෙන්නේ කවුද කියලා බලමු. ඒකෙන් නිගමනයකට එන්න පුළුවන් වුනේ මොකද්ද වෙන්න යන්නේ මොකද්ද කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජබ බෙලිඅත්තේ ලොකු අත්තක් එජාපයට
2024 අප්‍රේල් මස 18 0 0

සමගි ජන බලවේගයේ බෙලිඅත්ත ආසන සංවිධායක වෛද්‍ය ප්‍රවීන් රුවින්ද අතපත්තු මහතා අද(18) එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය.


කෘමියෙක් නිසා ජීවිතයක් අහිමිවෙයි
2024 අප්‍රේල් මස 18 0 0

යාපනය නගරයේ පදිංචි පුද්ගලයෙකුට කෘමියෙකු දෂ්ඨ කිරීමෙන් පසු ඇති වූ රෝගී තත්ත්වයකින් පසු මිය ගොස් ඇතැයි යාපනය පොලීසිය පවසයි.


සමාජ මාධ්‍ය පනතේ පළමු නඩුව නීතීඥ සංගමයේ නිරීක්ෂණයට
2024 අප්‍රේල් මස 18 59 0

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතාගේ පුද්ගලික තොරතුරු අන්තර්ජාලයට මුදා හැරීම හා ප්‍රචාරණය කිරීම වළක්වමින් ඔහුගේ


අන්තිම නැකතේ- පැලයක් සිටුවේ
2024 අප්‍රේල් මස 18 51 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නැකත් සීට්ටුවේ අවසන් අවුරුදු නැකත වශයෙන් යෙදුණු පැල රෝපණය කිරීමේ සමාරම්භක අවස්ථාව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය ම


කාන්තා ක්‍රිකට් පිලෙන් ලෝක වාර්තාවක්
2024 අප්‍රේල් මස 18 445 0

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව දකුණු අප්‍රිකාවේදී පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් තර


ඩොලරය දින 16 කට පසු හිස ඔසවයි
2024 අප්‍රේල් මස 18 824 0

ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියල දින 16 කට පසුව අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 194 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1480 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1396 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site