IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


අල්ලස් කොමිසමෙන් විමල්ට නඩු පවරයි

මනෝප‍්‍රිය ගුණසේකර
 
ඇමතිවරයෙකු ලෙස කටයුතු කළ වසර හයක කාලය තුළදී සිය වත්කම්  හා  ආදායම්  වලින්  උපයාගත  නොහැකි, අල්ලස් මඟින්  උපයාගත් රුපියල් කෝටි 71කට ආසන්න මුදල් හා දේපළවල හිමිකරුවෙක් සිටි බවට චෝදනා කරමින් නිවාස ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව නඩු පවරා ඇත.

 
එම නඩුව විභාග කිරීමට දින නියම කිරීම සඳහා ලබන මැයි මස 16 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කලුආරච්චි මහතා අද (19) නියම කළේය.
 
අල්ලස් කොමිසම හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව පවරා ඇති නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී පැමිණිල්ල විත්ති පාර්ශවයට ලබාදිය යුතු ලේඛණ බාරදී ඇතැයි කියමින් ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් විනිසුරුවරයා එලෙස නියම කළේය.
 
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.
 
2009 වසරේ සිට 2014  වසර දක්වා වු වසර හයක කාලය තුළදී විත්තිකාර හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා රුපියල් කෝටි 71 කට ආසන්න මුදල් හා දේපළ උපයාගෙන ඇති බව අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ  චෝදනා පත‍්‍රයේ  සඳහන් වේ.
 
2009  ජනවාරී මස පළමුවැනිදාත් 2014  දෙසැම්බර් මස 31 වැනිදාත් අතර කාලය තුළදී සිය නීත්‍යානුකූල වත්කම් හා ලැබීම් වලින් උපයාගත නොහැකි රුපියල් 744 80 017 මුදල් හා දේපළ උපයාගෙන ඇති බවත් එම මුදල් හා දේපළ උපයාගෙන ඇත්තේ අල්ලස් වලින් බවත් අධිචෝදනා පත‍්‍රයේ වැඩිදුරටත් සඳහන් කොට ඇත.
 
මුදල් උපයාගෙන ඇති ආකාරය හා දේපළ උපයාගෙන ඇති ආකාරය දැක්වෙන උපගොනු දෙකක්ද අධිචෝදනා පත‍්‍රය සමඟ අල්ලස් කොමිසම අධිකරණයට ඉදිරිපත් කොට තිබිණි.
 
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් නීතීඥ සුනේත‍්‍රා ජයසිංහ මහත්මිය කරුණු ඉදිරිපත් කරමින් පැමිණිල්ල විත්ති පාර්ශවයට බාරදිය ලේඛණ තමන් බාරදුන්නේ යැයි කීවාය.
 
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ මහතා කරුණු ඉදිරිපත් කරමින් තමන්ට ලැබිය යුතු සියලු ලේඛණ ලබාදී ඇත්ද යන්න දැනුම් දීමට මත්තෙන් මෙම ලේඛණ පරීක්‍ෂා කළ යුතු හෙයින් ඒ සඳහා තමන්ට දිනයක් ලබා දෙන්නැයි ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වු කරුණු සළකා බැලූ විනිසුරුවරයා අදාළ නියෝගය නිකුත් කළ අතර මෙම නඩුව ලබන මැයි මස 16 වැනිදා කැඳවීමට ද අධිකරණයේ පෙනී සිටින ලෙස විත්තිකරුට ද නියම කළේය.



අදහස් (24)

අල්ලස් කොමිසමෙන් විමල්ට නඩු පවරයි

d.upul Monday, 19 February 2018 10:11 AM

කතා කරන්නෙනම් හරියට බෝධිසත්වයෙක් වගේ.

:       176       457

Upali Monday, 19 February 2018 10:20 AM

මේක නම් බටහිර අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත‍්‍රණයක්. ඒ අය තමයි ඔය කෝටි 71 මෙයාගේ ගිණුමට දාලා තියෙන්නේ. මේ මව්බිමේ දේශපේ‍්‍රමියා කවදාවත් හොරකම් කරන්නේ නෑ.

:       487       1273

R.Liyanage Monday, 19 February 2018 10:21 AM

මොහුගේ වේදිකාවේ කතාව කොහොමද බබා වගේ... හිටපු ජනපති පිරිවරාගෙන ඉන්න දෙතුන් දෙනෙක් හැරුණාම ඒ ඔක්කොම හොරු. ටිකක් කලින් ඔය නඩු දැම්මා නම් දෙනාටමත් හිරේ. අපේ රටේ මෝඩයෝ ඡන්දය දෙන්නේ මේ හොරුන්ගේ කතා වලට රැවටිලා.. මේවා තේරුම් නොගැනීම රජයේ මෝඩකම බව දැන්වත් තේරුම් ගත යුතුයි.

:       202       376

Prabath Monday, 19 February 2018 10:27 AM

දැන් ඉතින් මේ ඡන්දේදී මහජන මුදල් කෝටි ගණන් හොරකම් කළ මේ ඒකාබද්ධයේ කල්ලියට වැඩි ඡන්ද මහගොඩක් දුන්නනේ. අනේ මෙහෙමත් මෝඩ ඡන්ද දායකයන් ඉන්න රටක් මේ ලෝකෙම නැහැ. ට්‍රිලියන නමයක් මහජන මුදල් හොරාකම් කළ අයට නැවතත් ඡන්දෙ දුන්නනේ...

:       185       372

sam Monday, 19 February 2018 10:28 AM

මේක ඊනියා අධිරාජ්‍යවාදී ඩයස්පෝරාවේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් වෙන්නැති...

:       153       265

ගුණවර්ධන Tuesday, 20 February 2018 10:13 PM

ඔහොම යද්දි ආයෙත් ඒවා බලාගන්න පුළුවන් වෙයි වැඩි කල් නොගිහින්ම.

:       0       0

lalindra Monday, 19 February 2018 10:29 AM

පාර්ලිමේන්තු මන්ත්‍රීකමෙනුයි, ඇමතිකමෙනුයි 2009 ඉඳන් හම්බකරපුගාන පෙන්නනවලුනේ.. කෝටි 71 එහෙමයි හොයලා තියෙන්නේ. එතකොට මෙතුමා කාපු බිපුවා, ළමයින්ට උගන්නපුවා එහෙනම් හොරකම් කරපුවා වෙන්න ඇති. අනේ දෙයියනේ හොරාකාපු සල්ලි වලින් ළමයින්ට දෙනවද කන්න බොන්න.

:       152       216

Pradeep Monday, 19 February 2018 10:36 AM

ඔන්න දැන් කියයි පළිගන්නවා කියලා. මොනවා වුණත් අන්තිමට වෙන්නේ පාස්පෝර්ට් නඩුව වගේ මෙයා නිදහස් වෙනවා. පාස්පෝර්ට් නඩුවෙන් ඇතුළට ගියානම් අවුරුදු 7ක් ඇතුළේ. මේවා හොඳයි කොන්ඩේ බැඳපු තට්ටයින්ට...

:       146       161

සුමතිපාල Monday, 19 February 2018 10:39 AM

මේ අල්ලස් කොමිසම තවත් ඇවන්ගාඩ් වගේ කේස් එකකට අත ගහලයි කියලයි මට හිතෙන්නේ. විමල් වීරවංශගේ බිරිඳ කලින් දවසක කියලා තිබුණා විමල් වීරවංශට තවම නිවසක අයිතියවත් නැති බව. ඔක්කොම කරලා අන්තිමේදී රජයෙන් අපහාසෙට වන්දියකුත් ගෙවලා තමයි නවතින්න වෙන්නේ.

:       4       57

සුමතිපාල Monday, 19 February 2018 10:39 AM

මේ අල්ලස් කොමිසම තවත් ඇවන්ට් ගාඩ් වගේ කේස් එකකට අත ගහලා කියලයි මට හිතෙන්නේ. විමල් වීරවංශගේ බිරිඳ කලින් දවසක කියල තිබුණා විමල් වීරවංශට තවම නිවසක අයිතියවත් නැති බව. ඔක්කොම කරලා අන්තිමේදී රජයෙන් අපහාසෙට වන්දියකුත් ගෙවලා තමයි නවතින්න වෙන්නේ.

:       149       233

Sena Monday, 19 February 2018 10:42 AM

හොරකම සහ දේශප්‍රේමය මනාව පිලිබිඹු වෙන නඩුවක්...

:       228       157

Mahee Monday, 19 February 2018 10:46 AM

ඔන්න ඔහොම කල් ගියාම කල් ඉකුත් වෙන්නත් පුළුවන් නේද?

:       131       95

ravi Monday, 19 February 2018 10:48 AM

මේක මාර වැඩක්නේ! ලිපි ලේඛන පරීක්ෂා කරන්න මාස 3 ක්, මෙයාව හිරේ යවන කොට තව අවුරුදු 10ක් විතර යයි.

:       35       103

රවින් Monday, 19 February 2018 10:50 AM

නියම දේශප්‍රේමියෙක්. අහුවුණේ 71යි. තව කොච්චර ඇතිද නෑ පරපුර අතර බෙදාගෙන ?

:       221       235

ajith Monday, 19 February 2018 10:50 AM

කෝටි 7.1 ක් නේද?

:       3       133

Thummulle wimale Monday, 19 February 2018 10:53 AM

මට ඩේසි ආච්චි කෙනෙක් නොහිටියට, අපට පරම්පරාවෙන් උරුම වෙච්ච, කටු මැටි ගහපු ගෙයක් සමග දේපල තිබුණා. මට බිරිඳගේ පැත්තෙන් ලොකු දෑවැද්දකුත් ලැබුණා.

:       75       55

kumara Monday, 19 February 2018 10:54 AM

මේ තරම් සුද්දවන්තයෙක් මේ ලංකාවේවත් නැති තරම්.. මේවාට රැවටෙන මිනිස්සු තවත් ඉන්නවනේ...

:       38       79

Rohitha Monday, 19 February 2018 10:59 AM

විජේවීර, කස්ත්‍රෝ, කාල් මාර්කස්, ලෙනින් වගේ අයගේ ගිණුම් වල කීයක් සල්ලි තිබුණාද?

:       47       59

Sanath Monday, 19 February 2018 11:09 AM

විමල් වීරවංශගේ නිවසේ මාසෙක විදුලි බිල රුපියල් 118000/- කියල අනුර කුමාර නායකයා පාර්ලිමේන්තුවට ඔප්පුකලා. සාමාන්‍යයෙන් යමෙකුගේ අාදායමෙන් 5%ක් තමයි විදුලි බිලට ගෙවන්න වෙන්නේ.. එහෙම බැලුවොත් විමල්ගේ මාසික අාදායම මාසෙකට ලක්ෂ 24ක් වත් වෙන්න ඕනෑ.

:       161       194

ranjana Monday, 19 February 2018 11:47 AM

අපේ රටේ ඉන්න ලොකුම දේශප්‍රේමියා තමා වීරවංස හෙවත් පංචායුධ කුමාරයා.. මෙයාලා මෙච්චර දඟලන්නේ නඩුවලට කලින් ආණ්ඩුව පෙරලගෙන සුද්දවන්තයෝ වෙන්න තමා. ඔයාලා ඔක්කොම එකම වල්ලෙ පොල්ම තමයි...

:       0       126

Sunil Monday, 19 February 2018 02:27 PM

ඉතින් මන්තිරි පඩියෙන් බැරිද ඔය ඔක්කොම උපයගන්න? එතුමා තරම් පිරිසිදු දේශපාලකයෙක් මේ රටේ බිහිවී ඇතිද මීට කලින් කවදාකවත්. බලන්නකෝ කතා කරන හැටි.

:       0       71

David Monday, 19 February 2018 03:45 PM

කීයටවත් වෙන්න බෑ. මෙතුමා කවදාවත් හොරකම්, වංචා කරන පුද්ගලයෙක් නෙවෙයි. පේනවනේ කතා කරන හැටි. ඔය සල්ලි ටික තියන් ඉන්නේ රටේ අනාගතය වෙනුවෙන්.

:       0       0

Padmini Tuesday, 20 February 2018 07:15 AM

මම ඉන්න රටේ අමාත්‍ය ධුරයක් දරන්නේ උපාධියක්, පශ්චාත් උපාධියක්, තිබෙන උගතෙක්. ලංකාවේ මේ වගේ බෙහෙත් තෙල් කාරයෙක් වගේ උගුර පුප්පගෙන මොරදෙන මොහුගේ කැරැට්ටුව ගැන කුමන කතාද.

:       2       4

saman peiris Tuesday, 20 February 2018 12:45 PM

හොරකම් කරත් එකය් අනුබල දුන්නත් එකය් හොරකම වැහුවත් එකය් ඔක්කොම හොරු

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 357 1

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 368 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 108 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 1243 2

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 328 1

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 372 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1703 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site