IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


අල්ලස් කොමිසම අසතුටෙන්

(මුදිතා දයානන්ද)

            එකම වැටුප් තලයක පිහිටුවා සිටින ආයතන තුනක නිලධාරීන් අතරින් ආයතන දෙකක නිලධාරීන්ට වැටුප් වැඩිකර එක් ආයතනයක් වන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නීති නිලධාරීන්ගේ පමණක් අයවැයෙන් වැටුප් වැඩි නොකිරීමෙන් තමන්ට අසාධාරණයක් සිදුකර ඇතැයි එම නිලධාරින් කණස්සල්ලට පත්ව ඇති බවට අල්ලස් හෝ දූෂන චෝදනා විමර්ශන කොමිසන් සභා ආරංචි මාර්ගවලින් දැන ගන්නට තිබේ.

අල්ලස් හෝ දුෂන විමර්ශන කොමිෂන් සභාවේ නිති නිලධාරින්, නීතිපති දෙපාර්තමේන්තුවේ හා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ නිති නිලධාරින්, 1994 වසරේ සිට එකම වැටුප් තලයක පිහිටුවා තිබු බවත් එසේ තිබියදී යුක්තිය පසිඳලීමේ යාන්ත‍්‍රණයේ නියැලෙන ආයතන ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස 2018 ජනවාරී මාසියේ සිට අල්ලස් කොමිසමේ නිති නිලධාරින් අතහැර අනෙක් ආයතන දෙකේ නීතී නිලධාරීන්ට පමණක් වැටුප් වැඩිකර ඇත්තේ තම ආයතනය ජනාධිපති යටතේ පවතින නිසාදැයි එම නිලධාරින් ප‍්‍රශ්න කරති.

අපරාධ සිදුවිමක විත්තිකරුවන්ට එරෙහි අධි චෝදනා පත‍්‍රවලට අත්සන් තැබීමේ බලය නීතිපති දෙපාර්තමේන්තුවේ නීති නිලධාරීන්ට තිබෙන්නා සේම අල්ලස් හෝ දුෂණ චෝදනාවක විත්තිකරුවන්ට එරෙහි අධි චෝදනා පත‍්‍රවලට අත්සන් තැබීමේ බලය ඇත්තේ අල්ලස් කොමිසමේ නීති නිලධාරින්ට පමණක් වන අතර එවැනි බලයක් සහිත එක් ආයතනයක් පමණක් මෙම වැටුප් වැඩිකිරිමේදි නොසළකා හැර ඇත්තේ කුමක් නිසාදැයි ප‍්‍රශ්න කරති.

මෙම වැටුප් විෂමතාවය පිළිබඳව අයවැය විවාදයේදී ඇතැම් මන්ත‍්‍රීවරුන් ප‍්‍රශ්න කළ බවද පෙන්වා දෙන ඔව්හු අල්ලස් කොමිසමේ සේවය කරන නීතීඥවරුන්ගේ වැටුප් හා දීමනා හිතාමතාම වැඩි නොකරන්නේ  අල්ලස් හා දුෂණයට එරෙහිව නීතීය ක‍්‍රියාත්මක කිරීම නිසාදැයි ප‍්‍රශ්න කර සිටිති



අදහස් (3)

අල්ලස් කොමිසම අසතුටෙන්

Hafeel Friday, 15 March 2019 01:46 PM

මේ දේශපාලකයෝ අල්ලස් කොමිසන් සභාව අහෝසි කළත් පුදුමයක් නැත.

:       0       36

Mahee Sunday, 17 March 2019 08:09 AM

අපි ඉන්නේ ඊට වඩා අසතුටෙන්. පහුගිය අවුරුදු 10 ටම රුපියල් කෝටියකට වඩා වටිනා දුෂණ නඩු පවරලා තියෙන්නේ එකයි. හැබැයි කොමිසමේ වියදම කෝටි 250 ක් පවරණ නඩුවලිනුත් ඔප්පු කරගන්න පුළුවන් වුනේ කීයද? ඒක නම් ඉතින් මුළු රටේම හැටි. පවරන නඩුවලින් 4% යි ඔප්පු වෙලා තියෙන්නේ. මොකටද අපේ නීතිය ක්‍රියාත්මක කරන දෙපාර්තමේන්තු තියෙන්නේ.

:       0       0

Chanak Los angeles Sunday, 17 March 2019 07:45 PM

අල්ලස් දෙපාර්තමේන්තුව තිබෙන්නේ නමට පමණයි. රටට සිදුවෙන යහපතක් නැත. තේ දළු නෙලන කම්කරු ජනතාවගෙන් රටට ඔයිට වඩා සේවයක් වෙනවා .

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 159 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 418 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 1066 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1344 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 444 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 209 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site