IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


අරියාලෙයිහිදී වෙඩි වැදුණු තරුණයා මරුට

(රොමේෂ් මධුෂංඛ)

යාපනය අරියාලෙයි මණියන්තෝට්ටම්හි වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලැබූ තරුණයා ඊයේ (22) රාත්‍රියේ මිය ගිය බවට යාපනය පොලීසිය කියයි.

මණියන්තොට්ට්ම් රා තැබෑරුම් මන්සන්ධිය අසලදි ඊයෙ සවස යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කොට ඇති අතර අදාල වෙඩි තැබීමෙන් පසුව යතුරු පැදි කරුවන් පළා ගොස් ඇත.

වෙඩිතැබීමෙන් පපුව ප්‍රදේශට වෙඩි පහර වැදීම නිසා බරපතල තත්වයේ සිටි තරුණයාට ඊයේ රාත්‍රියේ ශල්‍යකරුමයක් සිදු කොට ජීවිතය බේරා ගැනීමට යාපනය මහරෝහලේ වෛද්‍යවරු දැඩි පරිශ්‍රමයක් යෙදුවද තරුණයාගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වී ඇත.

මෙසේ වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ අරියාලෙයි උදයපුරම්හි පදිංචි 27 හැවිරිදි වින්දන් රිද්මන් නැමති තරුණයෙකු වන අතර ඔහු ධීවර කර්මාන්තයේ යෙදෙන අයෙකු බවටද වාර්තා වෙයි.


  



අදහස් (6)

අරියාලෙයිහිදී වෙඩි වැදුණු තරුණයා මරුට

Anton austria Monday, 23 October 2017 04:19 AM

දෙමලු ඉල්ලනවා වෙනම පාලනයක්, මේකටද ඉල්ලන්නේ. තව මරන්නද? තව ඉල්ලනවා හිරේ ඉන්න අයව එලියට දන්නා හමුදාව අයින් කරන්න කියල.

:       11       261

daham Monday, 23 October 2017 05:15 AM

ලෙඩා ගාව ගොඩක් ඉන්නවනේ... තියටර් එකෙන් ගෙනෙන ගමන් වගේ. මෙහෙ රෝහල්වල නම් මෙහෙම එන්න දෙන්නේ නැහැ එලවගන්නවා.

:       0       59

sathyapala Monday, 23 October 2017 07:12 AM

1980 ගණන්වල හර්තාල වලින් පටන්ගෙන ලෝකයේ දරුණුම යුද්ධයක් බවට පෙරලුන කොටි ත්‍රස්තවාදය ජිවිත දස දහස් ගණනක් දේපොළ බිලියන ගණනක් අහිමිකර අවසානයේ නිමා වුනා. ජාතින් අතර සාමය සහජීවනය සෙමින් දළුලමින් පවතින විටක යහපාලන ඉඩෝරය ඇවිත් ඒ සියල්ල දවා අළුකර දමා අවසන්. නැවතත් හමුදා කදවුරු පිහිටා ඇති ඉඩම් ඉල්ලමින් ඇරබුන සත්‍යග්‍රහ අවදිය පසුකර කැති පොලු සටන දක්වා ඇවිත් දැන් එතනින් නැවත ගිනි අවි සහ ඝාතන සමගින් වෙනම රටක් ඉල්ලන තැනට පාර කපා ඇත.

:       554       373

Nimal Monday, 23 October 2017 07:16 AM

මිනිහෙක් මැරිලා තියෙද්දි දහම්ට තියෙන ප්‍රශ්නෙ ඕකද? මෙහෙ රෝයල්වල තියෙටර් එකෙන් ඔපරේෂන් එකක් කරපු රෝගීන් එළියට ගනිද්දී වටේ මිනිස්සු එළවන එක... අනේ අපොයි..

:       26       21

nimal Monday, 23 October 2017 09:49 AM

මේ මැරී අැත්තේ කාගේ හෝ දරුවෙක්.

:       0       4

SLMonday, 23 October 2017 05:19 PM

ඔව්, මිණිමරුවත් කාගේ හරි දරුවෙක් තමයි!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අවුරුදු කන්න මැති ඇමැති විස්සක් රට යති
2024 අප්‍රේල් මස 16 40 0

මැති ඇමතිවරුන් විස්සකට වැඩි පිරිසක් විදේශගතව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


පෙම් හබේ දුරදිග ගිහින් මවට-පෙම්වතියට පිහිපහර:පෙම්වතා මරුට
2024 අප්‍රේල් මස 16 504 0

යාපනය ඉලවාලෙයිහිදී පුද්ගලයෙකු සිය පෙම්වතියට හා ඇයගේ මවට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමෙන් අනතුරුව ඔහුද මිය ගොස් ඇති බව ඉලවාලෙයි පොලිසිය සදහ


කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල වාහන තවම බාර දී නැහැ
2024 අප්‍රේල් මස 16 565 0

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවු


ගවයින් රකින්න ගිය කත වන අලියාට බිලි
2024 අප්‍රේල් මස 16 237 0

මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි.


නවතා තිබූ ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ
2024 අප්‍රේල් මස 16 400 0

ලංගම බස් රථයක් නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.


පාලිත තෙවරප්පෙරුම විදුලි සැර වැදී මරුට
2024 අප්‍රේල් මස 16 4698 0

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි නාගොඩ රෝහල් ආරංචි මාර්ග කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 150 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1426 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1353 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site