IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


අයි.එස්. ත්‍රස්තවාදීහු අල් නූරි මහ පල්ලිය වනසති

අයි.එස් සංවිධානය ඉරාකයේ මොසුල් නුවර අල් නූරි හි පිහිටි මහ පල්ලිය විනාශ කර ඇතැයි එරට හමුදාව ප්‍රකාශ කරයි.

මොසුල් නුවර මහ පල්ලිය මුස්ලිම් ජාතිකයන් අතර ඉතා ප්‍රසිද්ධියක් උසුළන අතර මෙම පල්ලියේ තිබෙන බැල්කනියක් වැනි උස් අටල්ල ද ඉතා සුප්‍රකටය. අයි.එස් සංවිධානයේ නායක අබු බකර් අල් බැග්ඩෑඩි 2014 වසරේදී ඉස්ලාමීය රාජ්‍යය හෙවත් ''කලීෆා"ප්‍රකාශයට පත් කළේද එහි සිටය.

කෙසේ නමුත් තමන් එම පල්ලිය විනාශ නොකළ බවත් ඇමෙරිකා හමුදාවට අයත් ප්‍රහාරක යානයකින් පල්ලිය ඇතුළු ගොඩනැගිලි සංකීර්ණය විනාශ වූ බවත් එම සංවිධානයේ විධානයේ පුවත් සේවය වන ''අමාක්" පුවත් සේවය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

අයි.එස් සංවිධානය මොසුල් නුවර මහ පල්ලිය පුපුරුවා හැරීමෙන් පෙනී යන්නේ එම සංවිධානය නිල වශයෙන් පරාජයට පත් බව පිළිගැනීම යැයි ඉරාක අගමැති හයිදර් අල් අබාදි මහතා පැවැසීය.

මුස්ලිම් පල්ලියත් එම පල්ලියේ අටල්ලත් සම්පූර්ණයෙන් විනාශයට පත්ව ගොස් තිබෙන අයුරු ගුවන් ඡායාරූපවලින් දැකගන්නට ලැබිණි.

''අයි.එස් සංවිධානය එම ඓතිහාසික අපරාධය සිදු කරද්දි අපි හිටියේ පල්ලියට මීටර 50ක් පමණ දුරින්" යැයි ඉරාක හමුදාවේ අණදෙන නිලධාරියෙක් පැවැසීය.

''අයි.එස් සංවිධානය මොසුල් නුවරට වගේම ඉරාකයට තිබූ වටිනා වස්තුවක් විනාශ කර දැමුවා" යැයි ඉරාකයේ සිටින ඇමෙරිකා හමුදාවේ ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙක් කීය.

''මෙය මොසුල් වැසියන්ට වගේම මුළු මහත් ඉරාක වැසියන්ට එරෙහිව කරන ලද අපරාධයක්. මේ සංවිධානය මුළිනුපුටා දැමීමට මෙය එක් උදාහරණයක් පමණයි" යැයි ඇමෙරිකා හමුදාවේ මේජර් ජෙනරාල් ජෝශප් මාටින් මහතා කීවේය.

අයි.එස් සංවිධානය ඉරාකයේ හා සිරියාවේ තිබෙන ඉතා වැදගත් ඓතිහාසික උරුමය සහිත බොහෝ ස්ථාන විනාශ කර දැමීය.  
 
ඒ.එෆ්.පී/රොයිටර් හා බී.බී.සී ඇසුරිනි 055



අදහස් (4)

අයි.එස්. ත්‍රස්තවාදීහු අල් නූරි මහ පල්ලිය වනසති

kumar (galf) Thursday, 22 June 2017 05:55 AM

අවිගත්තෝ අවියෙන්ම නැසෙති, විනාශය වපුරන්නෝ විනාශය නෙලා ගන්නෝය.

:       0       1

ravin Thursday, 22 June 2017 06:02 AM

බොහොම කිට්ටුවෙන් හිටියා නම් වැඩේ කරලා තියෙන්නේ කවුද ? කියල හිතා ගැනීම පාඨක ඔබට බාරයි.

:       1       1

saman Thursday, 22 June 2017 06:47 AM

ඉරාකයේ සිදුවන පුරාවිද්‍යා හා ඓතිහාසික ස්ථාන වැනසීමේ ක්‍රියා කලාපයම අපේ රටෙත් සිදුවේ. එවැනි දේට විරුද්ධව හඬ නැගීම සංහිඳියාවට විරුද්ධ වීමක් ලෙස සලකා හඬ නැගූ භික්ෂුන් වහන්සේලා හා සාමාන්‍ය මහජනතාව උසාවි පොලිසි ගානේ ගෙනයනු පෙනේ. රජයේ මෙම ක්‍රියා කලාපය වැරැද්ද කරන අයට කරන උදව්වක් සේම තව තවත් එවැනි ක්‍රියා සිදුවෙද්දී මහ ජනතාවට නොදැක්කා සේ සිටින ලෙස අනියම් ආකාරයෙන් හෝ තර්ජනය කිරීමකි.

:       0       1

upali Thursday, 22 June 2017 09:43 AM

මේකත් බොදුබලේ ගිණුමට වැටෙයිද?.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 202 0

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 101 0

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 166 0

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මත්පැන් බදු ජූනි 30ට පෙර අයකර ගන්න
2024 අප්‍රේල් මස 25 205 0

මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ලබන ජූනි 30 වැනිදා වන විට අයකර ගැනීමට කටයුතු ක‍රන්න ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව ශ්‍රී ලංකා සුරා


විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 349 0

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 795 2

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1688 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1537 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site