(හර්ෂණ තුෂාර සිල්වා)
ලබන වසර (2021) සඳහා අයවැය නොවැම්බර් 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (30) පැවැසීය.
‘කොවිඩ්-19’ වසංගතයෙන් පසු සංචාරක කර්මාන්තය හැර අනෙක් අංශවල වර්ධනයක් දැකිය හැකි යැයි රාජ්‍ය අමාත්‍ය කබ්රාල් මහතා කීය.
මුදල් අමාත්‍යාංශයේ අද (30) පැවැති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා එම කරුණු සඳහන් කළේය.
මේ වසරේ දී මෙරට ආර්ථික ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කරනු ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.
ඉදිරි වසර කිහිපයේදී අයවැය දළ දේශීය නිෂ්පාදිතයෙන් 4% ක අගයක් දක්වා ගෙන ඒමට පියවර ගන්නා බවත් ඒ ඔස්සේ ආර්ථික කටයුතු මෙහෙයවන බවත් රාජ්‍ය අමාත්‍ය කබ්රාල් මහතා කීය.
මේ වසරේ දී අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 9% ක් වනු ඇතැයි මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා කීය.
නව කොරෝනා වයිරසය පාලනය කිරීමත් ඒ සමඟ ආර්ථික කටයුතු නැවත ආරම්භ වීමත් යන කරුණු හේතුවෙන් බදු ආදායම් ලැබෙමින් තිබෙන බව ද ආටිගල මහතා කීවේය.
රටම වසා දමා තිබූ අප්‍රේල් මාසයේදී මෙරට ආදායම් රුපියල් බිලියන 70ක් දක්වා අඩු වූ බවත් ඉකුත් අගෝස්තු මාසයේදී ආදායම් රුපියල් බිලියන 144ක් දක්වා වැඩි වී ඇති බවත් ආටිගල මහතා මෙහිදි පැවැසීය.
නව කොරෝනා වයිරසය සහ සහන සැලසීම් යනාදිය හේතුවෙන් මේ වසරේ දී අයවැය හිඟය ඉහළ ගියද ලබන වසරේ සිට 2025 දක්වා කාලයේදී අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 4% ක අගයකට අඩු කරගැනීමට පියවර ගන්නා බව ද ආටිගල මහතා තවදුරටත් කීය.
ලහිරු හර්ෂණ -ඡායාරූප
කෘමි නාශක කළවම් කළ කල් ඉකුත් විමට ආසන්න කෝටි 15ක් පමණ වටිනා විස පාන්පිටි ගෝනි 10.000ක ආසන් ප්‍රමාණයක් ගනේවල්පොළ ප්‍රදේශයේ විශාල ගබඩාවක සඟවා තිබියදී සොයාගත
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
අයවැය නොවැම්බර් 17 දා පාර්ලිමේන්තුවට
Rohana Wednesday, 30 September 2020 05:05 PM
සිත නිවන කතා...