IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


අය වැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 43 කින් සම්මතයි

 

මාධ්‍යවේදීන් ඝාතනය නැවැත්වීම, අමු අමුවේ මිනී මරණ එක නැවැත්වීම  රට පාවාදීමක්දැයි තමා ප්‍රශ්න කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.
 
තම ආණ්ඩුව සිදු කළ දේවල්වලින් යුරෝපා සංගමයට වාසියන් අත් නොවූ බවත් වාසියක් අත්වූයේ රටේ ජනතාවට බවත් සමරවීර මහතා කීවේය.
 
මංගල සමරවීර මහතා මේ බව පැවසුවේ දැන් පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන අයවැය දෙවැනි වර කියවීමේ විවාදයට එක් වෙමිනි. 
 
‘‘සිංහල සහ  මුස්ලිම් ජනතාවගේ සමගිය ගැන කතා කිරීම රට පාවාදීමක්ද? ජීඑස්පී ප්ලස් නැතිවුණු එක අපි  සාකච්ඡා  කරලා යළි ගත්තේ රටට සංහිඳියාව සහ සංවර්ධනය ඇති කරලා.  අපි කරපු දේවල්වලින් යුරෝපා සංගමයේ කාටවත් වාසියක් වෙලා නෑ. වාසියක් වුණේ අපේ ජනතාවට. 2015 අපි එන විට මත්ස්‍ය තහනමක් තිබුණා. එය අපි සාකච්ඡා කරලා යළි ලබා ගත් නිසාම මත්ස්‍ය අපනයනය සියයට එකසිය ගණනකින් වැඩි වුණා‘‘

‘‘වාහන මිල ඉහළ යෑම ගැන විවිධ ආකාරයේ විග්‍රහ තිබුණා. පොඩි වාහන පසුගිය සමයේ සුනාමියක් වගේ ලංකාවට ආවා. රථවාහන තදබදය වැඩි වුණා. අපේ මුදල් විදේශයන්ට ඇදී ගියා. සංඛ්‍යාලේඛන අනුව වැඩිම රථවාහන ප්‍රමාණයක් මිලදී ගෙන ඇත්තේ අපේ ආණ්ඩු කාලයේ. ඒ නිසා රුපියලටත් යම් බලපෑමක් ආවා. ඒ නිසා සියයට 200ක මිල සීමාවක් දමන්න සිද්ධ වුණා. පසුගිය සිකුරාදා සිට යළි වතාවක් එය සම්පූර්ණයෙන්ම ඉවත් කර තිබෙනවා. රුපියල් පහළ වැටීමේ ප්‍රවණතාව වලක්වා ගැනීමට වාහන බලපත්‍ර සම්බන්ධයෙනුත් යම් තහංචියක් දැම්මා. ඒ නිසා එය සලකා බලන්නත් සූදානම්. දැන් රුපියල ස්ථාවර වෙලා විතරක් නෙමෙයි වටිනාකම වැඩි වෙමිනුත් යනවා.  මැයි මාසයේ පළමු වැනිදා සිට එම තහංචිය ඉවත් කරනවා. ‘‘

‘‘රජයේ සේවකයන්ගේ වැටුල් වැඩිකිරීම ගැන කොච්චර කතා කළත් මදි. රජයේ සේවකයන්ගේ පඩිය සියයට 107කින් වැඩි කළ වෙනත් යුගයක් තිබෙනවා නම් කියන්න. ඒ වැඩි කරලත් තවත් 2500ක දීමනාවක් දීලයි තියෙන්නේ. ගුරුවරයකුගේ වැටුප 16000 සිට 29000ක වෙනකං අවුරුදු තුනක් ඇතුළත වැඩි වුණා.‘‘

‘‘සමහරු කියන්න ගත්තා මෙවර හමුදාවට දීමනා වැඩි කළාට පොලිසියට මුකුත් දීලා නැහැනේ.  පොලිසියේ අයගේ වැටුප් මීට අවසර දෙකකට කලින් සියයට 40කින් වැඩි කළා. ඒ වැඩි කළෙත් අපිමයි. 2016දි පොලිසියෙ සංයුක්ත දීමනාව වැඩි කළා.‘‘
 
අය වැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම මංගල සමරවීර මහතාගේ කතාවෙන් පසු පැවැත්වීමට නියමිතය.


අය වැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම මීට ටික වේලාවකට පෙර ඇරැඹිණි.

අය වැය දෙවැනි වර කියවීම වැඩි  ඡන්ද 43 කින් සම්මත විය.
 
අය වැයට පක්ෂව ඡන්ද 119ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 76ක් පමණි.



අදහස් (24)

අය වැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 43 කින් සම්මතයි

sirimal Tuesday, 12 March 2019 12:12 PM

ඔය කීවට ජනතාවට ඒ පණිවිඩය ගිහින් නැති එකනේ අවුල. කොයි වෙලේ බැලුවත් හැම මාධ්‍යකම තියෙන්නේ බැඳුම්කර වංචාවයි, රණවිරු දඩයමයි, රට බෙදන එකයි ගැන විතරනේ. අනිත් අයගේ දේවල් නම් නැගලා යනවා.ඉතින් කොහොමද චන්දයක් දිනන්නේ?

:       305       302

NissankaTuesday, 12 March 2019 07:12 PM

ඒක තමයි මේ ආණ්ඩුවේ ලොකුම දුර්වලකම. බලය තිබිලත් මාධ්‍ය තමන්ට ඕන විදිහට හසුරුවා ගන්න බෑ. සමාජ මාධ්‍ය ජාල වල මතය හසුරවන්නෙත් පොහොට්ටුව. කරපු හොඳ වැඩ ටික ගැන කතා කරන්නෙත් නෑ. කලින් ආණ්ඩුව කරපු වැරදි මතක් කරලා දෙන්නෙත් නෑ.

:       126       108

BamunuarachchiWednesday, 13 March 2019 12:08 AM

රජයේ සේවකයින්ට විතරක් පඩි වැඩි උනාම රටටම හරියනවාද? රජයේ සේවකයින්ටයි දේශපාලුවන්ගේ පඩි, දීමනා ලක්ෂ ගණනින් වැඩිකර ගත්තේ කාගේ සල්ලි වලින්ද? ඒගොල්ලන්ගේ පඩි වැඩි කලේ දුප්පත් මිනිහා ගන්න බෙහෙත් පෙත්තටත් බදු ගහලා නේද? ඉංග්‍රීසි කියමනක් තිබෙනවා " පොල් ගෙන් සොරකම් කර පීටර්ට ගෙවනවා" කියලා එකනේද මේ සිදුවෙන්නේ. රටේ සංවර්ධනය වෙලා රටේ ආදායම වැඩිවෙලා ජනතාවට පහසුකම් සැලසීමක් උනේ නැහැ. මොකක්ද මේ ජීඑස්පී කතාව? ඕක අපිට ලැබුණේ සුනාමියෙන් පස්සේ. ඊට කලින් අපි ජීවත් උනේ නැද්ද? රටේ රැකියා, කර්මාන්ත, ආදායම් මාර්ග වැඩි උනාද? රටට කරපු එකමදේ තමයි මහා බැංකුව කොල්ලකාපු එක. එකේ පඩුව සොයන්න වෝහාරික පරීක්ෂණයක් කර ගන්න බැරුව ඉන්නවා. පොලිස්සියේත් පඩි වැඩි කළා කියන ඒවා මොන්ටිසුරි කතා හලෝ. කියනවා මේ අවුරුදු 4 රටට ඇතිකළ ආදායම් මාර්ග මොනවාද කියලා. පලවෙනවානම් අපි කියන්නම් නුඹලා රටට කරපු නස්පැත්තිය.

:       3       0

BamunuarachchiWednesday, 13 March 2019 01:16 AM

හා හා මේ ගොයියා මේ " බෙඩ් ටයිම් ස්ටෝරීස් " කියන්නේ අර 62 කක් අමන රැල නින්දට යවන්න. මෙතන ලියලා තිබෙන කමෙන්ට්ස් වලින් පෙනෙනවා කීප දෙනෙක් නින්දට ගිහිල්ලා හීනෙන් දොඩවනබව. ඒකෙන සමහරක් කියන්න නේ මේ පණිවිඩය මිනිසුන් අතරට ගිහිල්ලා නැහැ කියලා. කාගේවත් පණිවිඩ අහන්න ඉස්සෙල්ල මොලේ කලඳක් තිබෙනවානම් හිතන්න මහින්ද මහතා යුද්දය කරන කාලේ නොතිබුන ආර්ථික අහේනියක් දැන් කොහොමද රටට ආවේ කියලා. මහින්ද මහතා රටේ මුදල් තත්වය තේරුම් ගත්ත නිසා තමයි රජයේ සේවකයින්ට රු 3000 වැටුප් වැඩිවීමක් දුන්නේ. මොවුන් මොකද කලේ ජනතාවට බදු ගහලා රු 10000 පඩි වැඩිකලා.

:       27       113

කැකිරිහේන Tuesday, 12 March 2019 12:20 PM

බදු සියයට 300 කින් වැඩි කලා

:       24       104

ගමගේ Tuesday, 12 March 2019 01:08 PM

ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පරාජය කරයි කියලා ශ්‍රීලනිප මන්ත්‍රීවරු අය වැයට ඡන්දය දීමෙන් වැලකී සිටියා

:       190       29

rocky Tuesday, 12 March 2019 01:19 PM

පාර්ලිමේන්තුවේදී ඡන්දයෙන් අයවැය පරදවලා මහ මැතිවරණයක් ලබාගන්නවා කියලා මේ ඊයේ පෙරේදා පොහොට්ටු ලොක්කා ගහපු කයිවාරුව වැරදුනා නේද? දැන් මොකද කියන්නේ? ආයේ කුමන්ත්‍රණයක් කරනවද?

:       7169       2287

chandima Tuesday, 12 March 2019 02:37 PM

ඒ කියන්නේ මහින්දට ආණ්ඩුව පරද්දන්න බැහැ කියන එකම නේද?

:       52       240

sirimal Tuesday, 12 March 2019 03:18 PM

අය වැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේ දී විපක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ ඉ‌ලෙක්ට්‍රොනික යන්ත්‍ර වල ‌‌දෝෂයක් ඇති වීම නිසා ‌ඒ තිදෙනාට අත් ඔසවා ඡන්දය භාවිතා කිරීමට අවස්ථාව සලසා දුන් බවත් ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් විපක්ෂයේ 15 ‌දෙනෙකු පමණ ඉ‌ලෙක්ට්‍රොනිකව ඡන්දය භාවිතා කර තිබියදී නැවත වතාවක් අත ඔසවාත් ඡන්දය ‌දෙමින් ‌දෙවරක් ඡන්දය භාවිතා කිරීමට උත්සාහ කළද කතානායකවරයාගේ කාර්ය මණ්ඩලය ඊට ඉඩ දුන්නේ නැති බවත් මේ සම්බන්ධ වාර්තාවක් පලවී තිබෙනු දුටුවා.

:       2       99

samanala rocky Tuesday, 12 March 2019 04:46 PM

මෝඩ තර්ක දැමීම කලාවක් නම් රොකි එහි පිකාසෝ වෙයි කියලා තමා කියන්න තියෙන්නෙ

:       46       1164

Rasika Tuesday, 12 March 2019 05:38 PM

නැ රොකි, එහෙම කරන්නේ නැහැ. ඔය යන විදියටම තව ටිකක් බදු ගහලා, ලංකාවේ නිෂ්පාදනවලට තවත් බදු ගහලා, පිටරටින් ගේන පිටිකිරි වගේ ඒවාට පුලුවන්නම් සහන දීලා රටේ තව කෑල්ලක් විකුණලා එකෙන් කොමිස් ගහලා ගන්න ණය ගෙවන්න ඔය වගේ ලංකාවේ ඉන්න අයටත් පිට රට ඉදලා ලංකාවට සල්ලි එවන අයටත් දීලා මරුටියක්වත් ගන්න බැරුව වැස්සේ තෙමි තෙමි ගිහින් , vat ,GST ,Income tax ඔය ඔක්කොම ගෙවලා. අපි එයාල දිහා බලන් ඉමු. ඊලග ඡන්දෙතිත් පුළුවන් නම් අනෙත් හොරු ටික පත්කරමු හොදේ. ලංකාවේ ඉන්න ඔයාලට ඔය යන විදිය හොදනම් ඔහොමම යන්න..

:       14       225

SusilWednesday, 13 March 2019 02:09 AM

ඔහාටම වෙලා "සතුටින් ඉන්න හොඳේ"

:       0       0

Sanath Kandy Tuesday, 12 March 2019 05:48 PM

බලාගෙන ගියාම රතු අලි විතරයි විරුද්ධ වෙලා තියෙන්නේ. ඇත්තටම ආණ්ඩුවට කඩේ යන්නේ කවුද කියලා ජනතාව තේරුම් ගනියි දැන්වත්. කෝ මේ බමුණා?

:       36       213

Bamunuarachchi Wednesday, 13 March 2019 01:49 AM

රටට කෙලින්ම ජාතික ධනය උපද්දවන වතු කමකරුවාගේ වැටුප රු. 250 වැඩිකරන්න බැරි මේ ආණ්ඩුව රජයේ සේවකයින්ගේ වැටුප 103% වැඩිකලාලු.

:       21       0

VajiraWednesday, 13 March 2019 05:09 AM

හාම්පුතුන්ගේ කැමැත්තකින් තොරව වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කරන්න රජයට හැකියාවක් නෑ. ඒකට වතු හිමිකරුවන් එකඟ විය යුතුයි. බමුණු ඔබ වෙනත් පුවතක මේ දුක් විඳින වතු කම්කරු ජනතාව "වතු දෙමලු" කියා ඉතා අවමන් සහගත ජාතිවාදී අදහස් දැක්වීමක් කර තිබුනා. මොකද එක පාරටම මේ අය ගැන කැක්කුමක් ඇති වුනේ?

:       0       105

athuraWednesday, 13 March 2019 08:26 AM

සහතික ඇත්ත මහත්මය. මෙයා ඉන්නේ හොකන්දරලුනේ. අනිවාර්යයෙන්ම අර පඩික්කම් කටක් තියන කෙනාගෙ ගෝලයෙක් වෙන්න ඇති.

:       0       3

BamunuarachchiThursday, 14 March 2019 02:14 AM

කතා කොරන මාතෘකාවේ හැටියට වචන වෙනස්වන බව කතාකරන පළපුරුදු අය, ඔබලා නොදන්නවාට, දන්නවා. දේශපාලුවා කියා අමතන අයටම දෙසපාලඥයා කියන අවස්ථා තිබෙනවා. රට මැද දෙමල පලාතක් ඇතිකරගන්න හදන්නේ පාරම්පරික ලංකා ද්‍රවිඩ ජනතාව නොවෙයි වතු දෙමල්ලු. ඒ පලාත්වල දේසපාලන නායකයෝ වතු දෙමල්ලු. නමුත් රටට කෙලින්ම විදේශීය ධනය ගෙවන්න උපකාරී වන්නන් ගැන කතා කලොත් ඔවුන් වතු කම්කරු ජනතාව. ඔබලාට වචන හරඹය තේරුම් ගන්න පුලුවන්ද.

:       2       0

BamunuarachchiThursday, 14 March 2019 02:22 AM

අතුර බුද්ධිමත්ව කතාවට එකතු වෙන්න බැරිනම් මෝඩ කතා නොකියා අනික් අයගේ අදහස් බලාගෙන ඉන්න

:       2       0

Bamunuarachchi Wednesday, 13 March 2019 01:53 AM

කුමන්ත්‍රණය කලේ පොහොට්ටු ලොක්ක නොවෙයි සිරිසෙනයි. උවමනා කලේ රට ඡන්දයකට තල්ලු කරන්නයි. මීලග කුමන්ත්‍රණ කොරන්නේ රටේ ජනතාවයි, නුඹලාට කරන්න දෙයක් මේර 2020 පස්සේ ඉතිරි වෙන්නේ නැත.

:       17       1

Bamunuarachchi Wednesday, 13 March 2019 01:56 AM

විරුද්ධව ඡන්දය නොදී සිටිය 30 දෙනා කව්ද?

:       2       1

Sujeewa Wednesday, 13 March 2019 03:49 AM

මෛත්‍රී, රනිල්, මහින්ද ඩීල් එකක්.

:       0       59

smn Wednesday, 13 March 2019 03:58 AM

තව තුන්වර කියවීමකුත් තියෙනවා…..එදාටත් ඡන්ද විමසීමක් කෙරෙනවා….

:       0       1

lal Wednesday, 13 March 2019 12:35 PM

මේ වගේ කපටි පාලකයෝ රැලක්.අය වැය සම්මත වෙනතුරු ඉඳල දුන්න නේද තෙල් වලට. අර පරද්දනවා කියාල දඟලපු අය ඡන්දෙ දීමෙන් වැලකි සිටියාලු. එතකොට හරිද? අපිට පවු .ඊළඟ පාරත් මෙයාල මෙතනට යවල හූල්ල හූල්ල ඉන්ඩ හොඳේ.

:       0       1

Bamunuarachchi Thursday, 14 March 2019 02:20 AM

"හාම්පුතුන්ගේ කැමැත්තකින් තොරව වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කරන්න රජයට හැකියාවක් නෑ." එහෙනම් කම්කරුවෙකුගේ අවම වැටුප මෙපණයි කියා තීරණය කලේ කව්ද? ඒ අවම වැටුප නොගෙව්වොත් ඊට විරුද්දව ක්‍රියා කරන්නේ කව්ද? මෙම කම්කරුවන් වැඩ වර්ජනය කලොත් පාඩු වෙන්නේ හාම්පුතාටද රජයටද? එතකොට මේ ප්‍රශ්නයට රජය මැදිහත් වෙන්නේ නැද්ද.

:       2       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 299 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1016 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2450 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1662 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 972 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 2249 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1444 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site