IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


අමාත්‍යංශයේ නිර්දේශය පොලිස් කොමිසම විසි කරයි

තරිඳු ජයවර්ධන
 
ආන්දෝලනයකට තුඩු දී ඇති කතරගම පොලිස් ස්ථානාධිපතිගේ ස්ථාන මාරුව සම්බන්ධයෙන් නීතිය හා සාමය අමාත්‍යංශය ඉදිරිපත් කළ නිර්දේශයක්  ප්‍රතික්ෂේප කළ ජාතික පොලිස් කොමිෂන් සභාව එම ස්ථාන මාරුව පෙර පරිදිම ක්‍රියාත්මක කරන ලෙස අද නියෝග කළේය.

 
කතරගම පොලිස් ස්ථානාධිපති ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක එස් කේ උපාලි මහතා ගම්පහ කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සදහා යොමු කරන ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාව මීට සති දෙකකට පෙර නියෝග කළේය.
 
එසේ තිබිය දී ඔහු පූගොඩ ස්ථානාධිපති ලෙස පත්කරමින් පොලිස්පතිවරයා පොලිස් පණිවුඩයක් නිකුත් කර තිබුණු අතර ඒ ගැන පසුගිය සතියේ රැස්වූ ජාතික පොලිස් කොමිසමේ දී විවේචනයට ලක් විය. දේශපාලනඥයකුගේ ඉල්ලීමත් මත ජාතික පොලිස් කොමිසම සහ පොලිසිය ඔහු පූගොඩ පොලිස් ස්ථානාධිපති ලෙස පත් කළ බවට ද චෝදනා එල්ල විය. ඒ සමගම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පූගොඩ ස්ථානාධිපති ලෙස පත් කළ පොලිස් පණිවුඩය අහෝසි කර ඔහු ගම්පහ කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සදහා යොදවන ලෙස කොමිසම පසුගිය සතියේ යළිත් වරක් නියෝග කර තිබිණි.
 
එම නියෝගය ක්‍රියාත්මක නොවූ අතර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන අවසන් වන තෙක් ඔහු පූගොඩ පොලිස් ස්ථානාධිපති ධුරයේ තබන ලෙස නීතිය හා සාමය අමාත්‍යංශය පසුගියදා  ජාතික පොලිස් කොමිෂන් සභාවෙන් ලිඛිත ඉල්ලීමක් කළේය.
 
ජාතික පොලිස් කොමිෂන් සභාව අද රැස්වූ අවස්ථාවේ දී මෙම ලිපිය සාකච්ඡාවට ගත් අතර එහි දී කොමිසම   නීතිය හා සාමය අමාත්‍යංශයේ ලිපිය ප්‍රතික්ෂේප කරමින් කොමිසම මීට පෙර දුන් නියෝග ක්‍රියාත්මක කිරීමට නියෝග කළ බව එහි ආරංචි මාර්ග කියයි. ඒ අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා  වහාම ගම්පහ කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සඳහා යොදවන ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාව පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ. ඊට පොලිස්පතිවරයා ද එකඟතාවය පළ කළ බව කොමිසමේ ආරංචි මාර්ග පවසයි.



අදහස් (10)

අමාත්‍යංශයේ නිර්දේශය පොලිස් කොමිසම විසි කරයි

sanath Thursday, 18 October 2018 01:20 PM

කොමිසමකට අපහාස කිරීමේ නීතිය මේ පුද්ගලයින්ට අදාළ නැද්ද ? මොකද කොමිසමක තීරණය ක්‍රියාත්මක නොකිරීමත් අධිකරණයක තීරණයක් ක්‍රියාත්මක නොකර හැරීමක් වගේම දෙයක්.

:       0       33

sanath Thursday, 18 October 2018 01:21 PM

කොමිසමකට අපහාස කිරීමේ නීතිය මේ පුද්ගලයින්ට අදාළ නැද්ද ? මොකද කොමිසමක තීරණය ක්‍රියාත්මක නොකිරීමත් අධිකරණයක තීරණයක් ක්‍රියාත්මක නොකර හැරීමක් වගේම දෙයක්.

:       0       0

irontha Thursday, 18 October 2018 01:31 PM

කොමිස සභාවන් ඉහල හස්තයක් මෙහෙයවනවා වගේ පේනවා වගේ

:       34       0

OMG Thursday, 18 October 2018 03:13 PM

විශිෂ්ටයි

:       0       1

Sriyal Thursday, 18 October 2018 03:37 PM

අශ්වයා ගියාට පස්සේ හරි කොමිසම ස්වාධීනව කටයුතු කිරීම යහපත් ප්‍රවණතාවයකි.............

:       0       11

සතයපාල Thursday, 18 October 2018 03:49 PM

දැන් නම් පොලිස් කොමිසම පණ ගහලා වැඩ පටන් ගන්න යන්නේ. මූල ඉදලම කොමිසම තම බලතල පාවිච්චි කරලා වැඩ කලානම් මේ තරම් රට අවුල් වෙන්නේ නැහැ.

:       0       13

Mahee Thursday, 18 October 2018 07:30 PM

ඉතින් කොහොමද ස්වාධීන කොමිෂන් සභා වැඩ කරන්නේ? දේශපාලුවෝ එකතුවෙලා රට විනාස කරනවා. ඒවා නවත්වන්න කොමිෂන් සභාවලට බැහැ කියන එක නැවත නැවත ඔප්පු වෙනවා.

:       0       5

රවින් Friday, 19 October 2018 02:33 AM

පොලිස් කොමිසම නිදහස් එකක් නම් ඇයි මේ අමාත්‍යංශ ඇඟිලි ගහන්නේ? නිදහස් කොමිසමක් පත් කලේ නිදහස් තීන්දු තීරණ ගන්න මිසක් දේශපාලුවන්ගේ ඕනෑ එපාකම් පිරි මහන්න නොවේ.

:       0       12

Deepal Nirosh Friday, 19 October 2018 03:30 AM

අපේ රටේ අනිකුත් ස්වාධීන කොමිසනුත් පොලිස් කොමිසම තරමටවත් මේ වගේ ක්‍රියාත්මක වුණොත් ආමන්ත්‍රණ මට්ටමින් හෝ යහපාලනයක් උදාවේවි.

:       0       9

sam Friday, 19 October 2018 08:03 AM

රටේ පාලකයින් හා ඔවුන්ගේ බත් බැලයන්ගේ අභිමතාර්ථ නීතියට ඉහලින් ක්‍රියාත්මක වූ රටක, මේ ආකාරයෙන් හෝ නීතියේ ආධිපත්‍යය රැකගැනීමට හැකිවීම යම් ධනාත්මකතාවයක්... නමුත් අපට තව බොහෝ දුරක් යා යුතුව තිබෙනවා...

:       0       43

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 48 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 137 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 676 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 68 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 233 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 224 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 321 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1707 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1549 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site