(උපාලි ආනන්ද)
පොසොන් රාජකාරි නිමවා නිවසට යමින් සිටි පොලිස් කොස්තාපල්වරයකු මරණයට කරමින් මාරක රිය අනතුරක් කළැයි රිමාන්ඩ් බාරයේ සිටින ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශයේ රියදුරුගේ රියදුරු බලපත්‍රය අත් හිටුවීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුනවෙල මහතා අද (28) නියෝග කළේය
අපරික්ෂාකාරි ලෙස අධික වේගයෙන් හා විරුද්ධ දිශාවෙන් කැබ් රථයක් පදවා සාවද්‍ය නොවන මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම,රිය අනතුරක් වළක්වා නොගැනීම,රිය අනතුර පොලිසියට වාර්තා නොකිරීම,තුවාලකරුවන් රෝහලට රැගෙන නොයාම යන චෝදනා මත ඔහු සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
මසකට ආසන්න කාලයක් රිමාන්ඩ් කර සිටි සැකකාර රියදුරා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හරින ලෙසට ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.එහි විමර්ශන අවසන් බව පොලිසිය අධිකරණයට දැන්වීමෙන් අනතුරුව මෙලෙස ඇප නියම කෙරිණ,
විරුද්ධ දිශාවෙන් අධික වේගයෙන් පදවා ඇතැයි කියන කැබ් රථය නාචිචාදූව හංදියේදි පොලිස් කොස්තාපල්වරයා ගමන් කරමින් සිටි යතුරු පැදියේ ගැටී ඇතැයි හෙළි වූ බව පොලිසිය මෙහිදි පැවසීය.
අනතුර සිදු වූ අවස්ථාවේ රථයේ සිටි බව කියන පළාත් සභා මන්ත්‍රි අනුර බුද්ධික ගුණසේකර මහතා ඇතුළු පිරිසත් රියදුරුත් පළා ගොස් ඇති බවත් සිද්ධියෙන් පැය පහකට පසුව රියදුරු පමණක් අනුරාධපුර පොලිසියට බාර වී ඇති බවත් පොලිසිය අධිකරණයට කීවේය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
අමාත්‍යංශ රියදුරාගේ බලපත්‍රය අත්හිටුවයි
kumar (galf) Wednesday, 28 June 2017 09:04 AM
වාහනය එලවන්න ඇත්තේ මෙයා වෙන්න ඕනෑ,... ඒකනේ දිව්වේ...
de silva Wednesday, 28 June 2017 01:15 PM
ඔය වාහනේ පැදවූවේ මෙම රියදුරාම කියල හොඳටම විශ්වාසද?