IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


අමාත්‍ය අරුමුගම් තොණ්ඩමන්ගේ දේහය ගුවනින් ගම්පොළ ක්‍රීඩාංගණයට

(රංජිත් රාජපක්ෂ)                    

අභාවප්‍රාප්ත, ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සහ අමාත්‍යය ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ දේහය කොළඹ සිට ගුවන් හමුදාවේ එම්.අයි 17 හෙලිකොප්ටර් යානයකින් ගම්පොල ක්‍රිඩාංගණය වෙත අද (29) උදැසන රැගෙන ආවේය.
 
ගම්පොල ක්‍රිඩාංගණයේ සිට අමාත්‍යවරයාගේ දේහය රිය පෙරහැරක් මගින් කොත්මලේ රම්බොඩ වැවන්ටන් වත්තේ පිහිටි අමාත්‍යවරයාගේ නිවස වෙත රැගෙන විත් මහජන ගෞරවය සදහා තැන්පත් කර ඇත.
 
අභවප්‍රාප්ත ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ 56 වෙනි ජන්ම දිනයද අද (29) දිනට යෙදි ඇති අතර අමාත්‍යවරයාගේ දේහය (30) දින උදැසන රම්බොඩ සිට නුවරඑලිය නගරය හරහා කොටගල ලංකා කම්කරු මුලස්ථානය වෙත රැගෙන විත් මහජන ගෞරවය සදහා එහි තැනපත් කෙරෙනු ඇත.
 
 අමාත්‍යවරයාගේ අවසන් කටයුතු මේ මස 31 දින පස්වරුවේ  හැටන් නොර්වුඩ් තොණ්ඩමන් ක්‍රිඩාංගණයේදි රාජ්‍යය ගෞරව සහිතව සිදු කිරිමට අවමංගල්‍යය කමිටුව තිරණය කර තිබේ.
 
අමාත්‍යවරයාගේ වියෝවයෙන් පසු කම්පනයට පත් වතු කම්කරුවෝ අමාත්‍යවරයා අභවප්‍රාප්ත වු (26)  දින සිට අවසන් කටයුතු සිදු කරන තෙක් වතු වල දෛනික වැඩ කටයුතු කිරිමෙන් වැළකී සිටිති.

 

 

 

 



අදහස් (14)

අමාත්‍ය අරුමුගම් තොණ්ඩමන්ගේ දේහය ගුවනින් ගම්පොළ ක්‍රීඩාංගණයට

Lakmal Friday, 29 May 2020 05:59 AM

දැන් මේ අවමගුලට කොරෝනා නීති අදාල නැද්ද එතකොට? ඒ නීති පොඩි මිනිහට විතරද?

:       0       215

සාරසී Friday, 29 May 2020 06:04 AM

ඇයි මෙයාලාට විතරක් එක විදිහක් දවස් ගණන් තියාගෙන ඉන්නේ... අනිත් කොරෝනා නොවන කෙනෙකුට ඔහොම දෙයිද..?

:       44       223

de silva Friday, 29 May 2020 07:03 AM

මම මුලින්ම මියගිය තොණ්ඩමන් මහත්මයට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. නමුත් කොරෝනාවලින් ආරක්ෂා වෙන්න රට වහලා තිබෙන මේ මොහොතේ මෙතුමාගේ මෘතදේහය රට වටේ අරන් යමින් පාලකයෝ ජනතාවට දෙන්නේ වැරදි ආදර්ශයක්... සාමාන්‍ය මිනිස්සුත් මේ අවස්ථාවේ මේ විදිහට අවමංගල කටයුතු කරන්න ගත්තොත් වෙන්නේ මහා විනාශයක්... කොරෝනා නීතිරීති සාමාන්‍ය ජනතාවට, නිලධාරීන්ට සහ දේශපාලකයින්ටද එක සමාන විය යුතුයි. එහෙම නොකලොත් අපට මේ කොරෝනා වලට විරුද්ධ සටන ජයගන්න බැහැ...

:       0       232

Binkunndaa Friday, 29 May 2020 07:12 AM

පිස්සු නටන රටක්...

:       32       264

thushara Friday, 29 May 2020 07:16 AM

අප්පොච්චියේ මීටරේ...!!!

:       30       252

ජයන්ත Friday, 29 May 2020 07:32 AM

වතු කම්කරුවන්ගේ ඡන්ද ගන්න පරම චේතනාවෙන් ඉහළ සැලකිලි...

:       0       286

Hafeel Friday, 29 May 2020 08:02 AM

වතුකම්කරුවන් තාම ජීවත් වෙන්නේ ලයින් කාමරවල. ඔවුන්ගේ ඡන්ද අරන් පාර්ලිමේන්තු යන්න මැතිඇමතිලා ජීවත් වෙන්නේ සුපිරි නිවාසවල. ඔවුන්ගේ දු දරුවන් යන්නෙත් කොළඹ සුපිරි පාසල්වලට... මෙහෙම තමයි රිශාර්ඩ්ට ඡන්ද දෙන්න රිශාර්ඩ් සමග උතුරෙන් පන්නපු අනාථයින් තාම ජීවත් වෙන්නේ අනාත කඳවුරුවල. නමුත් රිශාර්ඩ්ල ජීවත් වෙන්නේ කොළඹ සුපිරි නිවාසවල සහ ඔහුගේ දරුවන් යන්නෙත් කොළඹ සුපිරි පාසල්වලට. කවද්ද අපේ මිනිස්සු මේවා තේරුම් ගන්නේ?

:       119       233

banda Friday, 29 May 2020 08:22 AM

පොඩි මිනිහට බස් එකේ.., දුම්රියේ යන්න දෙන්නේ නෑ. පරතරේ නෑ කියලා. දැන් මොවුන්ගේ මළමිනියක් කරා තියාගෙන දවස් 6ක් රට වටේ යනවා.. කිසිම කොරෝනා මර්ධන නීතියක් නෑ...

:       0       151

de silva Friday, 29 May 2020 08:24 AM

රජයේ උසස් නිලධාරිනි, දේශපාලකයිනි ප්‍රසිද්ධියේ මෙහෙම හැසිරෙන්න එපා.. කණගාටුවන් වුනත් ප්‍රකාශ කරන්න ඕනේ පිටරට සිට පැමිණ සහ නිරෝධායන මධ්‍යස්ථාන තුළදී රෝගය බෝවුණු පුද්ගලයන් හැර ලංකාව තුළ කොරෝනා රෝගය බෝ වුණු පුද්ගලයින්ගෙන් 80%ට වැඩි ප්‍රමාණයක් කොරෝනා බෝවෙලා තිබෙන්නේ කොරෝනා මර්ධන රාජකාරිවල යෙදුණු රජයේ නිලධාරීන් අතර, එයට හේතුව සෞඛ්‍ය අංශ විසින් අනුමත කළ රජය මගින් ගැසට් කළ කොරෝනවලින් ආරක්ෂා වීමේ නීතිරීති ඔවුන් විසින් උල්ලංගනය කිරීම... කරුණාකර මහජනතාවට පනවන ආරක්ෂණ නීතිරීති දේශපාලකයින් සහ නිලධාරිනුත් පුළුවන් තරම් දුරට පිළිපදින්න වගබලා ගන්න (වැටත් නියරත් ගොයම් කා නම් කාට කියමුද එම අවනඩුව), නැතිනම් රටේ අාසාධිතයන් වැඩි වුණොත් නැවත ඇඳිරිනීතිය දැම්මොත්, දුක් විඳින්න වෙන්නේ සාමාන්‍ය පුරවැසි අපට... රජයේ නිලධාරියාට සහ දේශපාලකයාට වැටුප කොහොමත් ලැබේ.. ගෙදර හිටියොත් අපි බඩගින්නේ...

:       0       122

saman Friday, 29 May 2020 08:38 AM

කල්ලතෝනින්ට නීති කඩමින් රාජකීය තාලේ අවමගුල් අපිට සාමාන්‍ය අවමගුලක්වත් ගන්න දෙන්නේ නෑ. පක්ෂ විපක්ෂ සියලු දෙනාම මේවා විවේචනය කරනවා අපි දැක්කෙත් නෑ..

:       31       120

ලුම්බිණි Friday, 29 May 2020 09:06 AM

මේකට කියන්නේ අපි වෙනුවෙන් අපි කියලයි.

:       0       11

Prabha Friday, 29 May 2020 09:53 AM

අවමගුල ඉවර වෙනකල් කොරෝනා නිවාඩු ගිහින් මගෙ හිතේ...

:       0       16

Rohana Friday, 29 May 2020 02:17 PM

ඔවාදෙනු පරහට.. තමා සම්මතෙහි පිහිටා සිට කියලා කියමනක් තියෙන බව දන්නවා නේද? මම නම් හිතුවෙ අනිත්වා කෙසේ වෙතත් කොරෝනා ප්‍රශ්ණයේදී වත් මොවුන් සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කරයි කියලා. කොහෙද හරියට පිලිපදින්න අසමත්වීම ගැන කණගාටුයි. හැබැයි අලුත් කොරෝනා පොකුරක් ඇතිවුණා කියලා කියන්න ඉඩ තිබෙනවා. නීතිය කාටත් අඩුම තරමින් මේ ප්‍රශ්නයේදීවත් පොදු විය යුතුයි නේද? ලොක්කන්ට එක නීතියකුත්, පොඩි මිනිහට තව නීතියකුත් තියෙන්නේ ලොකු මිනිහට කොරෝනා හැදෙන්නේ නැති නිසාද?

:       0       0

Mr Don Friday, 29 May 2020 06:41 PM

කෝ මේ අජිත් රෝහණ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 85 0

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 196 0

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


නුවරඑළියේ ස්ටෝබෙරි ගමක් හදයි
2024 අප්‍රේල් මස 25 285 0

ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.


ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 682 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 1068 1

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 871 2

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 308 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1686 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site