IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


අම්මා මාස 9 ක ළදරුවාටත් පහර දීලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 
 
                         
මාස නමයක බිළිඳෙකුට අමානුෂික ලෙස පහර දීමේ සිද්ධියකට එම  බිළිඳාගේ මව අද  (2) යාපනය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය .
                
සැකකාර කාන්තාව එලෙස අමානුෂික  ලෙස පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක්  සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ  ඔස්සේ සංසරණය වීමෙන් අනතුරුව සිදුකළ විමර්ශන වලදී  එම පහරදීම සිදුකරන  සැකකාර  කාන්තාව යාපනය අරියාලේ නාවලඅඩි  ප්‍රදේශයේ පදිංචිකාරියක් බවට අනාවරණය වීමෙන් පසුව සැකකාරිය  අත්අඩංගුවට ගෙන ඇත .
              
ඒ අනුව එම නිවස වටලා පරික්ෂා කිරීමේදී  අමානුෂික ලෙස පහරකෑමට ලක්වූ බිළින්දා ද සොයා ගැනීමට හැකි වී ඇත.
                    
අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව මීට කලකට පෙර රැකියාව සඳහා කුවේට් රාජ්‍යයට ගොස් මීට මාසෙකට පමණ මෙම දරුවා ද සමඟ මෙරට පැමිණි තැනැත්තියක්  බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය. 
 



අදහස් (8)

අම්මා මාස 9 ක ළදරුවාටත් පහර දීලා

Raveendra Tuesday, 02 March 2021 06:35 AM

මෙවන් පුවත් දැකීමත් අප එක්තරා අන්දමකට පව්කාරයන් වී ඇති බව කීමට කැමැත්තෙමු.

:       0       29

Nuwan Tuesday, 02 March 2021 06:43 AM

කාන්තාවන් මෙහෙකාර වැඩවලට අරාබි රටවලට යවන එකේ අතුරුඵල තමයි මේ...!!! 

:       0       27

RaveendraTuesday, 02 March 2021 08:26 AM

ඇත්තෙන්ම ඔබ ඉතාමත්ම නිවැරදිය. මෙම පාපකර්මයට 1977න් පසු මෙරට පාලනය කළ සහ මේ මොහොතේත් පාලනය කරන දියවන්නාව පට්ටියේ සියලුම සාමාජික පක්ෂ අඩුවැඩි නැතිව තම දායකත්වය දක්වා ඇත.

:       2       23

Chinthaka Tuesday, 02 March 2021 10:07 AM

ඇත්තටම අහන්නත් දුකයි. මාස 09ක ළදරුවෙක්ට අතක් උස්සන්න පුළුවන්ද?

:       0       5

SL Tuesday, 02 March 2021 12:12 PM

අම්මා මානසික පීඩනයෙන් ඇත්තේ. අරාබියට මේ වගේ තරුණ කතුන් යවන එකේ ප්‍රතිඵල දැක්කත් "225" ට ඒ අයගේ සැප සම්පත් ... රටට ණය වෙලා හරි ලබා දෙන නිසා මේවා දැනෙන්නේ වත් නැහැ.

:       0       9

Anushka Tuesday, 02 March 2021 01:00 PM

මේ අම්මා නිරෝධායනය වෙන්න ගිහින් තියෙන්නේ කොහේටද? හෝටලයකටද? දවස් 14ක් දුක්විඳින්න ඇති. මානසික ප්‍රශ්න ඇති. අම්මාටම බැන්නාට වැඩක් නැහැ. ලංකාවේ මිනිස්සු පුදුම පීඩනයකින් ජීවත් වෙන්නේ. ළමයිමයි දුක් විඳින්නේ. පව්... මේ රටේ මිනිස්සු පව්...!!! අපි අසරණ වෙලා..

:       0       6

සිරිබිරි Tuesday, 02 March 2021 01:25 PM

මේවා පළවෙන්න, පළවෙන්න වෙනවා වැඩි වෙනවාද මන්දා...?

:       0       2

කපුරුහාමි Tuesday, 02 March 2021 03:41 PM

හය, හතර නොතේරෙන කිරිසප්පයෙකුට මොන හිතකින් ගහනවද මන්දා...? සමහරවිට අම්මාට මොලේ අමාරුවක් ඇති..

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඩොලරය දින 16 කට පසු හිස ඔසවයි
2024 අප්‍රේල් මස 18 133 0

ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියල දින 16 කට පසුව අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.


විදුලි පනතේ ගැසට්ටුව නිකුත්වේ
2024 අප්‍රේල් මස 18 59 0

විදුලි බල ප්‍රතිසංස්කරණ සංශෝධිත පනත් කෙටුම්පතට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත


ඉරිදා විනාඩි 2ක් නිශ්ශබ්ද වන්න
2024 අප්‍රේල් මස 18 60 0

‘පාස්තු දින’ ත්‍රස්ත ප්‍රහාරයට වසර පහක් සම්පූර්ණ වන අවස්ථාවේදී එම විනාශකාරී ප්‍රහාරයෙන් මියගිය සියලු දෙනාට පිං අනුමෝදන් කිරීමට ලබන ඉරිදා (21) පෙරවරු 8.45


පරිසර හානි දන්වන් දුරකතන අංකයක්
2024 අප්‍රේල් මස 18 102 0

පාරිසරිකව සිදු කරන වැරදි සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම සඳහා 1997 සහ 1981 යන කෙටි දුරකථන අංක හඳුන්වා දී තිබේ.


කැබ්-ලොරි අනතුරින් හතරක් රෝහලට
2024 අප්‍රේල් මස 18 237 0

හොරණ අඟුරුවාතොට ප්‍රධාන මාර්ගයේ බැල්ලපිටිය පාසල ඉදිරිපිට අද (18) බොල්රෝ වර්ගයේ කැබ්රථයක් සහ ඩිමෝ බට්ටා සැහැල්ලු ලොරි රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරින


නිවෙස් බිඳින ළමා කල්ලියක් අල්ලයි
2024 අප්‍රේල් මස 18 1175 0

මුහුණු ආවරණය කර අත් ආවරණ පැළඳ නිවස බිදුම් කරන බාලවයස් කාර කල්ලියක සාමාජිකයන් තිදෙනකු කහතූඩුව පොලිස් අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පො


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 192 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1480 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1391 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site