මහරගම අපේක්ෂා රෝහලට අත්‍යවශ්‍යව තිබූ ඖෂධ වර්ග 24 ක් මිල දී ගැනීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 1000 ක මූල්‍ය ප්‍රතිපාදන ලබාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.
ඒ අනුව මේ සතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග හදිසි මිලදී ගැනීමේ ක්‍රමවේදය උපයෝගී කර ගනිමින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් මිල දී ගෙන මහරගම අපේක්ෂා රෝහල වෙත ලබාදීමට කටයුතු කරන බවද අමාත්‍යාංශය සඳහන් කළේය.
එමෙන්ම මේ වන විට විවිධ ඖෂධ ආනයනය කරන ආයතන ණයවර ලිපි මගින් විවෘත කර ඇති ඖෂධ වර්ග ද ලැබෙමින් පවතින අතර, ඉදිරි මාසය තුල දී අත්‍යවශ්‍ය ඖෂධ වල හිඟය මගහරවා ගැනීමට හැකිවනු ඇති බවට අමාත්‍යාංශය කියයි.
පසුගිය 05 වැනි දින සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය සහ සෞඛ්‍ය ලේකම් පී.එම්.එස් චාල්ස් මහත්මිය මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා සමග පැවැති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම රුපියල් මිලියන 1000 ක මුල්‍ය ප්‍රතිපාදන ලබාගැනීමට හැකි වූ බව අමාත්‍යංශය සඳහන් කරයි.
මේ අතර මෙම ඖෂධ මිල දී ගැනීම් පිළිබදව අනුගමනය කරන ක්‍රමවේදයන් යාවත්කාලීන කිරීමටද අමාත්‍යවරියගේ අවධානය යොමු වී ඇතැයි අමාත්‍යංශය සඳහන් කරයි.
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
අපේක්ෂා රෝහලට මහා භාණ්ඩාගාරයෙන් මිලියන 1000 ක්
රවින් Sunday, 08 December 2019 10:17 AM
ලේකම්වරිය කෙරෙහි නම් විශ්වාසයක් තැබිය හැකිය. මෙතුමිය නේද ඉස්සෙල්ලා මඩකලපුවේ හිටියේ? දැඩි නීතිගරුක අවංක නිලධාරිනියක් කියලා තමයි ආරංචි...
නන්නාදුනන හාදයා Sunday, 08 December 2019 02:03 PM
ඔව් චාර්ලස් මහත්මිය එක්ක නම් සෙල්ලම් කරන්න බැහැ. අපේ රටේ නිලධාරීන් ඔක්කොම ඒ වගේ නම් අපේ රට ගොඩ..
sugath Sunday, 08 December 2019 12:42 PM
අත්‍යාවශ්‍ය ඖෂධ වර්ගවල හිඟවනවිට කලින් දන්වන්නේ නැත්තේ ඇයි? හදිසි මිලදී ගැනීමේ ක්‍රමවේදය උපයෝගී කර ගනිමින් දැන් කරන්නේ වැඩි වියදමක් දරමින් ඖෂධ මිලදී ගැනීමයි. මෙවැනි දේට රෝහල් පරිපාලනය වගකිව යුතු නැද්ද?
ThiwSunday, 08 December 2019 02:11 PM
බෙහෙත් නෑ කිව්වම සුවපතිගෙන් අහන්න..
ajithSunday, 08 December 2019 03:34 PM
බෙහෙත් නෑ කිව්වම සුවපතිගෙන් අහලා හරි යන්නේ නැහැ. ඒ දේවල්වලට අනුයුක්ත කර තිබෙන නිලධාරීන් තමන්ගේ රාජකාරිය හරියට කරා නම්, මේ දේවල් වෙන්නේ නැහැ...
nalinSunday, 08 December 2019 02:18 PM
කොමිස් කාක්කන් තමයි ඉන්නේ... රෝහල්වලින් කල් ඇතුව ඉල්ලුම් කළත් ඔවුන් විවිධ අයථා ක්‍රියා නිසා ඖෂධ ලබාදීම ප්‍රමාද කරනවා.
athula Sunday, 08 December 2019 07:54 PM
අපට ඕනේ රාජ්‍ය සේවය කාටත් පොදු එකක් විදිහට අද අඳුරන කෙනෙක් නැතුව කිසිම රාජ්‍ය ආයතනයකින් වැඩක් කරගන්න ගියහම දාහක් දේවල් ඕනෑ කියනවා. අඳුරන කෙනෙක් හිටියොත් කිසිම දෙයක් ඕනේ නැහැ. අර කියපු නීතිරීති සේරම ඔවුන් විසින්ම විසිකරලා දානවා. බලමු අපේ අලුත් ජනාධිපති කියපු දේවල් කෙරේවිද කියලා. එතුමා කිව්වේ රජයේ රෝහල් තිබියදී සල්ලි දීලා බෙහෙත් ගන්නවා නම් එම සෞඛ්‍ය සේවය වැඩක් නැහැ කියලනේ.. පිටින් ගෙනඑන්න නම් මොකටද අපි අපේ බදු මුදල් වලින් මේවා නඩත්තු කරන්නේ?
මුණසිංහ Monday, 09 December 2019 01:14 AM
කෝ මේ ඖෂධ හිගයක් නෑ කියපු ලෝක පූජිත සුවපති?