(වසන්ත චන්ද්‍රපාල)
නැගෙනහිර පළාත් සභාවේ මාර්ගස්ථ මගි ප්‍රවාහන සේවයේ සභාපතිවරයාගේ නිල රථය පොදු පෙරමුණේ අම්පාර දිස්ත්‍රික්කයට තරග වදින අපේක්ෂකයකුගේ රැස්විමක තිබියදී අම්පාර මැතිවරණ නිළධාරින් සහ අම්පාර පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබිය.
අම්පාර ගැමුණුපුර ප්‍රදේශයේ නිවසක දේශපාලන රැස්විමක් පවතින අතර එම ස්ථානයේ නැගෙනහිර පළාත් සභාවේ මාර්ගස්ථ මගි ප්‍රවාහන සේවයේ සභාපතිවරයාගේ නිලරථය ඇති බව මැතිවරණ නිළධාරින්ට ලැබුන තොරතුරක් අනුව මෙම අත් අඩංගුවට ගැනිම සිදුකරනු ලැබිය.
මෙසේ අත් අඩංගුවට ගනු ලැබුවේ EP PJ 2663 රථය බව මැතිවරණ නිළධාරින් පැවසිය.මෙම රථයට ස්තිර රියදුරෙක් නැති අතර මෙම කැබ් රථය පලාත් සභාවෙන් අත්සන් කර භාරගෙන ඇත්තේ මාර්ගස්ථ මගි ප්‍රවාහන සේවයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන චාමර නිළංග මහතා බව මාර්ගස්ථ මගි සේවයේ නිළධාරින් පවසයි.
මෙම රථය පොලිසියට ගෙන එමෙන් පසුව මෙම කැබ් රථය ජනාධිපතිතුමාගේ සංචාරයේ කටයුතු සදහා යොදවා ඇති බවත් එම රැස්විම පවත්වන ස්ථානයට ගියේ වැඩ කරන පිරිසක් හමුවිමට බව අම්පාර පොලිස් ස්ථානයට පැමිණ පොලිස් නිළධාරින්ට සභාපති චාමර නිලංග පවසන අයුරු මාධ්‍යවේදින්ට ද දැක ගැනිමට හැකිවිය.
මෙම සභාපතිවරයා දැනට අම්පාර නගර සභාවේ පොදුජන එක්සත් පෙරමුනේ නාගරික මන්ත්‍රිවරයෙක් වන අතර නැගෙනහිර ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ සම්බන්ධිකරණ ලේකම්වරයා ලෙසද කටයුතු කරයි.
මේ පිලිබදව විමසිමේදි අම්පාර සහකාර මැතිවරණ කොමසාරිස් තිළිණ වික්‍රමරත්න මහතා පැවසුවේ මැතිවරණ කාර්යාලයට ලැබුණූ පැමිනිල්ලක් අනුව තම නිළධාරින් එම ස්ථානයට ගොස් කැබ් රථයක් අත් අඩංගුවට ගෙන ඇති අතර නීතිමට කටයුතු සදහා පොලිසියට මෙම වාහනය ලබාදුන් බවද පැවසිය.
ජාතික හා ආගමික සංහිඳියාවට හානි කිරීමේ චෝදනාට වසර හතරක සිරදඩුවම් නියවී වැලිකඩ බන්ධනාගරයේ සිරදඩුවම් විදින බොදුබල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානස
කෘමි නාශක කළවම් කළ කල් ඉකුත් විමට ආසන්න කෝටි 15ක් පමණ වටිනා විස පාන්පිටි ගෝනි 10.000ක ආසන් ප්‍රමාණයක් ගනේවල්පොළ ප්‍රදේශයේ විශාල ගබඩාවක සඟවා තිබියදී සොයාගත
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
අපේක්ෂක රැස්වීමකදී නැ’හිර පළාත් සබේ සභාපතිගේ නිල රථය පොලිස් බාරයට ගනී
චමින්ද Sunday, 05 July 2020 02:30 PM
කිතුලට නැග්ග කෙනාත් තණකොල කපන්න කිතුලට ගියා කිව්වලු.
Sumane Sunday, 05 July 2020 03:19 PM
අනේ මෙහෙම විහිලු සපයන්න එපා. නැගෙනහිර මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන චාමර නිලංග මහතා දේශපාලකයෙකි. ඉතින් ඔහුට පළාත් සභාවෙන් වාහනයක් ලබාදී ඇත්නම් එයින් ඔහුගේ රැස්වීමකට යාම පුදුමයක් නොවේ.