IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


අනුෂ පැල්පිට ජනපතිගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරයි

(රංජන් කස්තුරි)

නෙළුම් කුලුන ඉදිකිරීමේදී රුපියල් බිලියන දෙකක වංචාවක් සිදුකළ බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය පදනම් විරහිත වන අතර ‘ඒඑල්අයිටී‘ සමාගමට කිසිම  අවස්ථාවක එවැනි මුදලක් ගෙවා නැතැයි අවධාරණය කරන බව විදුලි සන්දේශ නියාමන කොමිසන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

 



අදහස් (28)

අනුෂ පැල්පිට ජනපතිගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරයි

sujith Tuesday, 17 September 2019 02:16 PM

අනූෂ පැල්පිට මහත්මයාට අවුරුද්දත් අමතක වෙලා 2019...

:       0       0

sirimal Tuesday, 17 September 2019 02:19 PM

ප්‍රතික්ෂේප නොකළා නම් තමයි පුදුමේ. දවස් දෙකකට කලින් ජනාධිපතිවරයාගේ "ඇදහිය නොහැකි වර්ගයේ " හඬ පටයක් බෙදා හැරියාට එකකට එක කරන්න මේවගේ හෙළිදරව්වක් කළබව කියන අයත් ඉන්නවා පැල්පිට මහත්තයෝ...

:       0       0

sena Tuesday, 17 September 2019 02:22 PM

මළා එකත් බොරු කියලා ඔප්පු වුණා.. දැන් කියයි එහෙම දෙයක් පත්තරේක තිබුණා.. එ්කයි මම කිව්වේ කියලා...

:       0       0

de silva Tuesday, 17 September 2019 02:28 PM

මම ජනපති නම් කරන්නේ තැනතැන කතාකරන්න ඉස්සර වෙලා සාධාරණ සැකයක් තිබෙනවා නම් මේ පිළිබඳව පරීක්ෂණයක් කරන්න කියලා රහස් පොලිසියට නියෝග කරන එක... මෙහෙම කියව කියවා යනකොට හොරු තිබෙන සාක්ෂි විනාශ කර බේරිලා පැනලා යනවා.

:       0       0

de silva berlin Tuesday, 17 September 2019 02:34 PM

එතකොට ජනාධිපතිතුමා කියන්නේ බොරුද ?

:       0       0

wishwa Tuesday, 17 September 2019 02:39 PM

අනුෂ පැල්පිට මහත්මයා. ඔබතුමාගේ සත්‍ය නිවැරදි ප්‍රකාශයට බෙහෙවින් ස්තුති කළ යුතු වෙනවා. සමහර අය පුරුද්දටත් බොරු කියනවා, ඒක සහජ ගතිය.

:       0       0

Raveendra Tuesday, 17 September 2019 02:42 PM

ඒ හරකුන් කියනවා මේ බූරුවන් නැහැ කියනවා. එතකොට මේ හැම හොරකමක්ම කරලා තියෙන්නේ මේ රටේ බදුගෙවන අහිංසක පුරවැසියන්... මේ ඔක්කොම තොත්ත බබාලා... මේ ඔක්කොටම තාමත් මිනිසුන් ඡන්දෙ දෙන්න බලනවනේ...

:       0       0

isuru Tuesday, 17 September 2019 02:53 PM

හොරා කවද්ද හොරකම් කළා කිව්වේ?

:       0       0

ජයන්ත මිලානෝ Tuesday, 17 September 2019 02:54 PM

රටේ ජනතාව මේ වෙනකොට රටේ විධායක ජනාධිපතිතුමාව ග්‍රාමසේවක ධුරයට දාලයි කතා කරන්නේ. එ් තරම්ම හෑල්ලුවෙලා...

:       0       0

kamil Tuesday, 17 September 2019 02:54 PM

හොරු කවද්ද ඇත්ත කිව්වේ?

:       0       0

thamara Tuesday, 17 September 2019 03:11 PM

මේක හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්...

:       0       0

ගගන Tuesday, 17 September 2019 03:12 PM

කරුණු නොදැන තකතීරුවන් වටකරගෙන ලකුණු දාගන්න කතා පවත්වල නිකන් චෝර වෙනවා සිරියා... මන් අහන්නේ, මෙවැනි වැදගත් අවස්ථාවක, මේ වැඩේට දායක වුණු සියලු නිලධාරින් සහ සමාගම් ඉදිරියේ, කේලම් අහලා ඔවැනි තකතීරු කතා කියනවද?

:       0       0

Gayan Tuesday, 17 September 2019 04:12 PM

2018 ලියමනක් නේද මේ...?

:       0       0

Rohana Tuesday, 17 September 2019 04:12 PM

මේ ප්‍රකාශ දෙකෙන් කවර එකද ඇත්ත?

:       0       0

Thilina Tuesday, 17 September 2019 04:13 PM

දැන් අර කළින් ප්‍රවෘත්තියට කොමෙන්ට් දාපු උදවිය මේ ප්‍රවෘත්තිය තාම දැකලා නැතුව ඇති. 2015 සිරිසේනට ඡන්දෙ දුන්නේ මෙන්න මේ වගේ බොරුවලට රැවටුණු අය තමයි.. සිල් රෙදි, යකඩ පයිප්ප වලටත් නඩු දාපු මුන්නැහැලා මේ වගේ එකක් අහු වුණා නම් නිකන්ම ඉඳිවි...

:       0       0

Nandalal DE SILVA - France Tuesday, 17 September 2019 04:42 PM

එතකොට කවුද මේ අල්ලේ පැලවෙන බොරු ගජ බින්න අලංකාරයේ කතුවරයා? අනුෂ පැල්පිටද? මෛත්‍රීපාල සිරිසේනද? මයිත්‍රිපාල සිරිසේනට කවුද මේ ගණන් සැපයු පුද්ගලයා? හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිටගේ නිවේදනයට ජනාධිපතිවරයාගේ පිළිතුර මුළු රටම බලාපොරොත්තුවෙන් සිටිනබව අමුතුවෙන් කිව යුතු නැත..!!!

:       0       0

himal Tuesday, 17 September 2019 07:00 PM

මේ ප්‍රකාශය නිකුත් කරන්නේ 2018 දීද?

:       0       0

chandima Tuesday, 17 September 2019 07:19 PM

ඔය මහත්තයා කලබල වෙන්න එපා. මේ හදන්නේ වුවමනාවෙන්ම රාජපක්ෂලාගේ අපේක්ෂකයා ජනාධිපති ඡන්දෙන් පරද්දන්න. අර කියන ගිවිසුම ගහන එක ජනාධිපතිවරණය අවසන් වන තුරු තමයි කල් දැම්මේ. දිනන ජනාධිපතිට එ්ක අත්සන් කරන්න වෙනවා. අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ මහා මැතිවරණයේදී ඒ පක්ෂේ කුජීත වෙලාම යනවා. නමුත් රනිල් ජනාධිපති වුණොත් අායෙත් මහමැතිවරණ නැහැ. ලාම්පු කළගෙඩි ක්‍රමයකින් එයා රජවෙනවා. දැන් තියෙන විදියට සජිත් ඡන්දෙ ඉල්ලුවොත් ඡන්දයක් එනවමයි. එතකොට එයා ලව්වා ගිවිසුම ගස්සවන්න තමයි මේ සූදානම. ඒ නිසා මතු බලාපොරොත්තු ඇතුව කරන කතාවලට කලබල වෙන්න එපා.

:       0       0

Kalum Udagepola Tuesday, 17 September 2019 07:56 PM

මේ කියන දේ පිළිගන්න බැහැ. රජයේ මුදල් කොල්ල කාලා උසාවියෙන් වරදකරුවකු වුණා. මෙම නිවේදනය හදලා තියෙන්නේ 2018. එ්කෙන්ම පේනවා හොර වැඩක් බව. අායෙත් උසාවියට දාලා අච්චු කරන්න ඕනෑ මෙහෙම කරනවාට. මේවා ගෙවන්නේ අපි. හොරකම් කරලා ඉවර වෙලා තියෙන්නේ.

:       0       0

Saman Tuesday, 17 September 2019 11:05 PM

අසව්.. ! අසව්.. ! 'ශුද්ධවන්තයෙක්' කතා කරයි.

:       0       108

බණ්ඩා Wednesday, 18 September 2019 12:45 AM

හරියට දිනයක් දාගන්න බැරි මිනිස්සු..

:       0       0

suranimala Wednesday, 18 September 2019 02:00 AM

මෙයා නේද අර සිල් රෙදි නඩුවට අහුවෙලා දැන් අැප පිට ඉන්නේ? ඉතින් තව කවුද මෙයා කියන ඒවා විස්වාස කරන්නේ ?

:       0       303

sudda Wednesday, 18 September 2019 02:02 AM

අනුෂ පැල්පිටගේ මේ කතාව ඇත්ත නම් අපේ ජනාධිපතිතුමාට කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් ඒකේ ඇතුලේ ඉන්න එකාට මඩුවලිගෙන් ගහන්නයි තියෙන්නේ.. කටට ආපු දේ හෝ කනට ඇහුණු දේ ඇත්ත නැත්ත නොබලා කියවනවාට. නැත්නම් කියන්න වෙන්නේ කෙස්ස පැහිලා තියෙන්නේ ඉඩෝරයට කියලයි...

:       0       0

Deepal Nirosh Wednesday, 18 September 2019 04:04 AM

ඕනෑම කොන්ත්‍රාත්තුවක 20%ක මූලික අත්තිකාරම් මුදල ගෙවීමේ දී ඒකී මුදල මෙන් 110%ක මුදල් ඇපකරයක් කොන්තත්‍රාත්කරු නමින් වාණිජ බැංකුවකින් ගෙවීමට පෙර ලබාගත යුතුයි. ඉතින් කොන්ත්‍රාත්කරු අත්තිකාරම පියවා නොමැති නම් අයකර ගත යුත්තේ ඔහුගේ ගිණුම පවතින අදාළ බැංකුව මගින්. නියමිත ක්‍රමවේදය අනුගමනය නොකර අවුරුදු 4කට පසු වංචාකළ බවට චෝදනා කරනවා. වැරැද්දක් සිදුවෙලා නම් ප්‍රශ්න කළ යුත්තේ ඉහත රාජකාරි ඉටු නොකළ නිලධාරීන්ගෙන්. ඒයාලාගෙත් ලිපිනයන් නැතුවද මේ කෑ ගහන්නේ..?

:       0       0

Athula Wednesday, 18 September 2019 05:06 AM

2018 සැප්තැම්බර් 17 ?

:       0       0

අසංක Wednesday, 18 September 2019 06:25 AM

දී කිරට බළල්ලුත් සාක්කි ...

:       0       188

fairoos Wednesday, 18 September 2019 06:27 AM

අයියෝ ආපහු අනාගැනේ..

:       0       47

Samantha Wednesday, 18 September 2019 06:43 AM

රජයේ මුදල් අවභාවිතා කරලා වැරදිකාරයෙක් වෙලා ඇප පිට ඉඳලා කියන කතා...

:       0       273

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධිවේගී පිවිසුවේ මෝටර් රථය පෙරලේ
2024 අප්‍රේල් මස 25 31 0

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුමේ දී අද දින සවස 3.00ට පමණ මෝටර් රථයක් පෙරලි ගියේය.


සන්නස්ගලට ඇප
2024 අප්‍රේල් මස 25 2471 9

පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රවීණ උසස් පෙළ සිංහල දේශක උපුල


’’නිලධාරීන්ගෙ වැරදි නිසා බැනුම් අහන්නෙ අපි’’
2024 අප්‍රේල් මස 25 165 1

ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ වැරැදි තීන්දු තීරණ නිසා රජයටත් ජනතාවටත් විශාල පාඩු සිදු වෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.


මහින්දානන්දට එරෙහි නඩුවක තීන්දුව දෙන්න දිනයක්
2024 අප්‍රේල් මස 25 236 1

අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ අයථා ක්‍රම වලින් උපයාගත් රුපියල් කෝටි දෙකාහමාරකට අධික මුදලක් වියදම් කොට බොරැල්ල කින්සි පාරෙන් සුඛෝපභෝගී නිවසක් මිල


ගෝඨාභය කාදිනල් හිමිගේ චෝදනා ප්‍රතික්ෂේප කරයි
2024 අප්‍රේල් මස 25 296 1

කාදිනල් හිමිපාණන් එල්ල කළ ප්‍රධාන චෝදනා හතරම ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනය නිකුත් කර තිබේ.


පොල් ගෙඩියක් 4000 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 25 197 0

යාපනය තරුණයින් පිරිසක් විසින් වාර්ෂිකව සිදුකරනු ලබන පොර පොල් තරඟයක් වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා පොල් ගෙඩි කිහිපයක් වෙන්දේසි කිරීමේදී එක් පොල් ගෙඩිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 315 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1697 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1543 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site