IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


අනුරාධපුරයේ පොලිස් ලොක්කන්ට මත්පැන් සාදයක්

අනුරාධපුර කොට්ඨාශ පොලිස් අධිකාරි කාර්යාලයේ සියලු කාර්ය මණ්ඩල සාමාජිකයින් අනුරාධපුර නගරයේ පිහිටි ඉහල පෙලේ හෝටලයක අද (24) දහවල් මත්පැන් සාදයක් පවත්වා ඇතැයි වාර්තා වේ. මෙම සාදය හේතුවෙන් අනුරාධපුර පොලිස් අධිකාරි කාර්යාලයේ දෛනික කටයුතු මුලුමණින්ම ඇනහිට තිබූ බවද අප කළ සොයා බැලිමකදි අනාවරණ විය. 
 
අනුරාධපුර නගරයේ ඉහළ පෙළේ හෝටලයක පැවැති  මෙම සාදයට අනුරාධපුර පොලිස් කොට්ඨාශයේ සියලුම සහකාර පොලිස් අධිකාරිවරුන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් මෙන්ම ඇතැම් පොලිස් ස්ථාන වල   විවිධ අංශ වල  ස්ථානධිපතිවරුන් ඇතුලු තවත් නිළධාරීන් විශාල සංඛ්‍යාවක් කැඳවා තිබිණ.
 
මේ හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන වල දෛනික රාජකාරි කටයුතු වලටද යම් බලපෑමක් එල්ල වී තිබූ බවද පැවසේමෙම සාදය පැවැත්විමට වැය වන මුදල් පියවීම සදහා පොලිස් නිළධාරීයෙකුගෙන් රුපියල් 600 බැගින් එකතු කර ඇති බවත් පොලිස් නිළධාරිහූ පවසති.
 
සියලුම දෙනා නොවූවත් මත්පැන් භාවිතයට නැඹුරුවක් නොදක්වන පොලිස් නිලධාරීන් කිහිප දෙනකු පවසා සිටියේ අද කාර්යාල දිනයක් බැවින් අද වැනි දිනයක මත්පැන් සාදයක් සදහා දහවල් කාලයේ නිලධාරීන් කැඳවීම නොකට යුත්තක් බවයි. 
 
පොලිස් අධිකාරි කර්යාලයේ සේවය කරන සිවිල් සේවකයින්ද මෙම සාදයට කැඳවා ඇති බව වාර්තා වෙයි



අදහස් (3)

අනුරාධපුරයේ පොලිස් ලොක්කන්ට මත්පැන් සාදයක්

sam Tuesday, 24 April 2018 10:16 PM

ආරංචියේ හැටියට නම් සාදය පටන් ගත්තේ මෛත්‍රී භාවනාව වඩලාලු

:       0       48

Mahee Wednesday, 25 April 2018 04:48 AM

ඉතින් මොකද? මත්පැන් සාද නොදාන්නේ මොන කට්ටියද? මැති ඇමතිලා, රජයේ සේවකයෝ, පුද්ගලික අංශයේ සේවකයෝ, මහජන සමිති සමාගම්වල අය.. ඔය ඕනෑම කෙනෙක් කරන දෙයක්නේ මේක. අනික, තමන්ගේම සල්ලි. ආණ්ඩුවේ වැඩකරන දවසක කරපු එකයි, පොලිසියේ සාමාන්‍ය කටයුතු පවත්වා ගෙන යන්න පිළිවෙලක් කලේ නැත්නම් අන්න ඒකයි, වැරදියි, එච්චරයි.

:       105       3

පිටිගල මිලානෝ Wednesday, 25 April 2018 06:02 AM

රාජකාරි වෙලාවේ රාලහාමිලාට අඩි ගහන්න පුලුවන්ද?

:       0       16

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 12 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


දුම්රිය සාමාන්‍යාධිකාරිගේ මරණයට විවෘත තීන්දුවක්
2024 අප්‍රේල් මස 24 184 0

දුම්රිය සංචාරක බංගලාවක නවාතැන්ගෙන සිටියදී හදිසියේ ජීවිතක්ෂයට පත්වූ දුම්රිය සාමාන්‍යාධිකාරි වික්‍රමසිංහ බණ්ඩාර (58) මහතාගේ මරණයට අදාළ පශ්චාත් මරණ පර


පාරෙදි වෙට්ටු දැම්මැයි එස්.අයි ළමයකුට නෙළලා
2024 අප්‍රේල් මස 24 207 0

පාපැදියකින් ගමන් ගත් දහතුන් හැවිරිදි බාල වයස්කාර දරුවකුගේ හිසට පහර දුන් බව කියන යටවත්ත පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුට එරෙහිව එම දරුවාගේ මව පැමිණි


ලංකාව සමඟ ඉදිරියට යන්න සූදානම්
2024 අප්‍රේල් මස 24 512 0

ලංකාව සමග මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට ඉරානය සූදානම් බව ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා පැවසීය.


චීන කොමියුනිස්ට් පක්ෂය නාමල් හමුවෙයි
2024 අප්‍රේල් මස 24 354 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සහ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍යවරිය වන සන් හෙයාන් සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන් හොන් මහත්ම


පාරවල් වැසෙයි:මගීහු අමාරුවේ
2024 අප්‍රේල් මස 24 860 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහම් රයිසි මහතා ඇතුළු රාජ්‍ය දූත මණ්ඩලයට ආරක්ෂාව සැපයීම සදහා මාර්ග වසා තැබීම හේතුවෙන් අද (24) රියැදුන් ඇතුළු මගීහු විශාල සංඛ්‍යාවක් ද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1671 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site