IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


අනුරපුරේ අඹුසැමි යුවළක් රජකාලේ වැඩක

(දයාරත්න ඇඹෝගම)
 
අනුරාධපුර පොලිසියට විරුද්ධව අඹුසැමි යුවළක් අද (21) පොලිසිය ඉදිරිපිට මාර ගසකට නැග මාරාන්තික උපවාසයක් ඇරඹුහ.


මෙසේ මාරාන්තික උපවාසයක නිරතව සිටින්නේ සින්නික්කුලම,මොරගොඩ,ශ්‍රාවස්තිපුර පදිංචි ඩබ්.ජේ.ඒ.විජේරත්න (47) සහ පි.ජි. ශාන්තිලතා සුධර්මා (45) නැමති අඹුසැමි යුවළකි.

අනුරාධපුර පොලිසියට විරුද්ධව මාර ගසට නැග මාරාන්තික උපවාසයක් අරඹා ඇති විජේරත්න ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ සත්ව ගොවිපල හිමියෙකි. 

තමන්ට අනුරාධපුර පොලිසියෙන් සිදුව ඇති ගැහැටකම් සහ ආසාධාරණයන් සම්බන්ධයෙන් ඔහු මෙසේ පැවසීය.

‘අවුරුදු ගණනක් අනුරාධපුර පොලිසියෙන් මට කරදර කළා. සත්ව ගොවිපලෙන් මස් නොමිලේ ඉල්ලනවා. පගාව ඉල්ලනවා. මගේ ගොවිපලේ තාරාවෝ හතර දෙනෙක් අල්ලපු නිවසේ කාන්තාවගේ සුන්‍යඛයන් විසින් මරා දැමුවා. ඒ පැමිණිල්ල මෙතෙක් විභාග කලේ නැහැ. අපි පොලිසියට ගෙන්වලා රස්තියාදු කරනවා. ඒ වුණාට අල්ලපු ගෙදර කාන්තාව විසින් අපිට විරුද්ධව දාපු පැමිණිල්ල විභාගයටත් නොගෙන මටත් මගේ බිරිදටත් දරුවෝ තුන් දෙනෙකුට සහ තවත් ඥාතීයකුට විරුද්ධව අධිකරණයේ නඩු පවරලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් පොලිස්පති ඇතුළු වගකිව යුතු සියළු දෙනාට පැමිණිලි කළා. කිසිම සාධාරණයක් වුණේ නැහැ. දැන් අවුරුදු ගණනක් තිස්සේ පොලිසිය අපිට කරදර කරනවා. මේ ප්‍රශ්න නිසාම මගේ බිරිදත් රෝගියෙක් වුණා. මගේ දරුවෝ හොදින් ඉගෙන ගන්න දක්ෂ දරුවෝ. ඔවුනුත් මේ නිසා පීඩාවට පත්වෙලා සිටිනවා. ඒ නිසා තමන්ට සාධාරණයක් ඉටුවන තුරු තමන් ගසින් නොබසින බව’ හෙතෙම පැවසීය.

මේ සම්බන්ධයෙන් අප අනුරාධපුර පොලිසියේ මුලස්ථාන පොලිස් පරික්ෂක සංජිව මහනාම මහතාගෙන් කළ විමසුමේදී හෙතෙම මෙසේ පැවසීය.

ගස මතට නැගී සිටින පුද්ගලයා විසින් පොලිසියට කර ඇති පැමිණිලි සියල්ල විභාග කළ බවයි.


 



අදහස් (17)

අනුරපුරේ අඹුසැමි යුවළක් රජකාලේ වැඩක

asoka Thursday, 21 February 2019 07:16 AM

අසරණ මිනිස්සු කාට කියන්නද දෙවියනේ .මොවුන්ට වෙන අසාධාරණකම්

:       0       221

isurandi Thursday, 21 February 2019 07:25 AM

පොලිසියෙන් ඒ මිනිසුන්ගේ ප්‍රශ්න විභාග කලානම් ඒ මිනිසුන්ට පිස්සුද මේ ගස් උඩ බඩගාන්න. මෙතන මොකක්හෝ අසාධාරණයක් මේ අයට වෙලා ඇති. අනික පොලිසිය මෙහෙම පගා කප්පම් ඉල්ලන එකේ අරුත මොකක්ද? මේ රටනම් ගොඩගන්න අමාරුයි මේ යන විදිහටනම්.

:       0       273

Athula Thursday, 21 February 2019 07:27 AM

ජනතාවාදී පාලනයක් එනතුරු ඔහොම තමයි රජයේ කොතැනට ගියත් ඔහොම තමා

:       0       81

රාහුල හිමි Thursday, 21 February 2019 08:08 AM

මේ දෙන්නට වන අසාධාරණය ගහකට නැගලා හරි කියන්න පුළුවන්. ඒත් මේ දෙදෙනා එකතුවී දිනපතාම ඝාතනය කරන සිය ගණන් අහිංසක සතුන්ගෙ ජීවිතවලට වන අසාධාරණය ඒ සතුන් කාට කොහොම හඬගා කියන්නද! අධාර්මිකව ජීවත්වනවාට වඩා ධාර්මිකව මියයාම උතුම්ය.

:       169       632

PerakumThursday, 21 February 2019 09:19 AM

100 ට 200 ක් අනුමත කරමි. ජීවනෝපාය ලෙස සත්ව වෙළඳාම අතහැර වෙනත් සුදුසු සාධාරණ වෘත්තියක නියැලීම කොතරම් අගනේද?

:       37       179

සෙනෙවි Thursday, 21 February 2019 10:08 AM

මිනිස් පරිණාමය සැලකීමේ දීී සම්පූර්ණයෙන්ම ශාක භක්ෂක නොවේ. අපගේ යහපැවැත්ම සඳහා මාංශ අනුභවය අවශ්‍යයි එබැවින් ඔබගේ මතයට එකග විය නොහැක

:       135       30

BamunuarachchiThursday, 21 February 2019 10:48 AM

ඒ මිනිසුන් කරන්නෙත් ඔවුන්ට කළ හැකි රැකියාවක්. මොවුන් ගස් නැග්ගේ පොලිස්සියේ වැඩ නිසාය. ඊට අදාළ අදහසක් දීම අපගේ යුතුකමයි.

:       0       2

BamunuarachchiFriday, 22 February 2019 02:29 AM

Perakum, මස් මාළු ආහාරයට ගන්නේ නැද්ද. මම තෝරාගත් මස් මාළු කෑමට ගන්නවා.

:       0       0

BamunuarachchiThursday, 21 February 2019 10:35 AM

සත්ව ඝාතන පව ඒගොල්ලෝ යන තැනකට ගෙනයාවී පොලිස්කාරයින්ගේ වැඩ ගැන ඔබේ අදහස අපි දැනගන්න කැමතී.

:       0       28

abaranThursday, 21 February 2019 10:55 AM

බුදු දහමට අනුකූලව ජීවත්වෙන කෙනෙක් මෙලොව හොයාගන්ට බැහැ. රටේ වැඩි දෙනෙක් මාංශ භක්ෂිකයෝ වන අවධියක නීතියට පටහැනි කූට ව්‍යාපාරයක් නොකර සත්ව ගොවිපලකින් ජීවානෝපාය කර ගැනීම අවතක්සේරු නොකට යුතුය. ඔවුන් දෙදෙනා හට දිනකට දහස් ගණනින් මැරීමට සත්තු සිටීනම් ගස් උඩ නැගී උපවාස කිරීමට තරම් දරිද්‍රතාවයකින් පෙළෙනවා යයි කිව නොහැක. එමෙන්ම අපේ රටේ සිටින්නේ මාංශ අනුභව කරමින් සත්ව ඝාතනයට අනුබල දෙන පිරිස්ය. අප රටේ ඇති රාජ්‍ය සහ රාජ්‍ය නොවන සත්ව ගොවිපොලවල්වලින් සහ මත්ස්‍ය වෙළදාම ජීවානෝපාය කරගත් පිරිසට වෙනත් රැකියා ලබාදීමට යමෙක් කටයුතු කරන්නේ නම් මැනවි. සමාජයට හානියක් නොවන නීත්‍යානුකූලව කෙරෙනා රැකියාවන් කළාට සමාජයේ ජීවත්වන අප හට ප්‍රශ්නයක් නොවේ.

:       0       1

ගිහි මිනිසා Thursday, 21 February 2019 10:17 AM

එළවලු කන වෙජිටේරියන්ලා කරන්නේ වැඩි හරියක් , අනුන්ගේ කකුලෙන් ඇදීම, බැනීම, හොද දේට විරුද්ද වීම, අහිංසකයන් පෙළ වීම වේ. මෙය එයට හොදම උදාහරණ වේ.

:       0       1

රාහුල හිමි Thursday, 21 February 2019 10:51 AM

සෙනෙවි, යමක් පිළිබඳ ආධානග්‍රාහී ජනප්‍රිය මතය සහ සබුද්ධික සවිචාර මතය යනුවෙන් දෙකක් වෙයි. සත්ත්වඝාතනය, මරණ දඬුවම වැනි කරුණු සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු දරන්නේ මෙහි පළමු වර්ගයේ මතයයි. නමුත් කරුණාවෙන් හා ප්‍රඥාවෙන් ලෝවැසි සියලු සතුනගේ දිගුකාලීන යහපත සළකා බැලීමේදී මොනයම් ආකාරයේ හෝ මොනයම් තරමේ හෝ මොනයම් අරමුණකින් හෝ කෙරෙන සත්ත්ව හිංසනය අනුමත කළ නොහැක.

:       0       18

BamunuarachchiFriday, 22 February 2019 02:49 AM

හාමුදුරුවනේ මේ මිනිස්සු ගස් නැග්ගෙ ඇයි කියන එකයි ප්‍රශ්න. මේ මිනිසුන්ගේ ජීවනොපායෙන් තවකෙක් අයුතු ප්‍රයෝජන ගැනීමට උත්සාහ කිරීම ලැජ්ජිතයි. පොලිසියට ඒ ලජ්ජාව ගෑවිලාවත් නොමැත. මෙලොව මිනිස්සු මස් මාංස බුදිනවානම් කවුරුහෝ ඒවා සම්පාදනය කලයුතුය. මිනිසුන් මාංස භක්ෂණය අත්හල දාට මෙම කර්මාන්තය ඉබේම නැතිවී යනු ඇත

:       0       0

aravinda Thursday, 21 February 2019 11:12 AM

තවමත් රටේ පොලිසි වලින් "සත්ව ගොවිපලෙන් මස් නොමිලේ ඉල්ලනවා" වැනි දේ අසන්නට ලැබීම කණගාටුවට කරුණක්. සතුන් මැරීම හොඳ නැති දෙයක් වුනත්, අද බොහෝ දෙනෙක් ජීවත් වීමේ අරගලය සඳහා වෙන කල හැකි දෙයක් නැති බවින් මෙවැනි දේ සිදු කරනවා. මේ අයට යම් අසාධාරණයක් වී ඇත්නම් පොලිසිය ඒ පිළිබඳව අවදානය යොමු කිරීම සාධාරණ යයි සිතමි.

:       0       3

kap Thursday, 21 February 2019 12:04 PM

හැම අයෙක්ම, තමන්ගේ අල්ලපු ගෙවල්වල ඉන්න අයට වෙන අපහසුතාවය ගැන නොතකා බොහෝ දේවල් කරනවා. අපේ නැන්දාගෙ ගෙදර ගේට්ටුව අයිනෙ කෙනෙක් මාලු ලෑල්ලක් දෑම්මා. කිව්වම රණ්ඩුවට එනවා. අන්තිමට නැන්දා ගෙදර විකුණලා ගියා. මේකත් ඒ වගේ. සත්ව ගොවිපලකින් මොන තරම් ගඳක් එනවද? සත්තු කෑ ගහනවද? මරපු සත්තුන්ගෙ ලේ ගඳ? පිහාටු ගඳ වගේ කුණු ගඳවල් වලින් පැත්තම අවුල ඇති. ලේ පාරවල් පාරෙ කාණු දිගේ යනවා ඇති. මේවා කරන්න ලයිසන් දෙනකොට, වටපිටාව ගැන බලලා අවසර දෙන්න ඕනෙ. මේ අය දුප්පත් කම ආයුධයක් කරගෙන ඉන්නෙ.

:       0       0

BamunuarachchiFriday, 22 February 2019 02:34 AM

ඔබ හරි. එත් මෙතන ප්‍රශ්නය තිබෙන්නේ පොලිසය පිනට මස් කන්න ලැහැස්තිවීමයි. මේ මිනිස්සුන්ගේ චෝදනාව ඒකයි ගස් නැග්ගේ ඒකටයි.

:       0       0

සමීර Thursday, 21 February 2019 12:49 PM

මේ ලිපියෙන් මතු වුන ප්‍රධාන ගැටලුව මොකක්ද? නීතිය රැකීමට ඉන්න පොලිසිය තමන්ගේ රාජකාරිය හරියට නොකිරීම. අදහස් 60 ක් විතර දාලා තිබුනට කවුරුත් ප්‍රශ්නෙට අදාල උත්තරයක් දීලා නෑ. ඒ දේ වෙන විදිහකට හෙට මට උනොත් මොකද කරන්න පුළුවන්? පොලිසිය නීතියේ අතරමැදියා නිසා නීතිඥයෙක් ගාවට ගියොත් විසදුමක් හොයාගන්න පුළුවන් වෙයිද ? නැත්තන් වෙන මොකක් හරි තැනක් තියේද අදාල පොලිස් ස්ථානයට එරෙහිව පැමිණිලි කරන්න පුළුවන්ද? දන්න අය කියන්න.

:       1       11

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 556 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 1949 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1459 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 824 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 2005 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 98 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1548 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1436 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site