IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


අනුරගේ අධ්‍යාපන ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දකී

(රොමේෂ් ධනුෂ්ක සිල්වා )

ජාතික ජන බලවේගය සංවිධානයේ  අධ්‍යාපනය සඳහා වූ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම අද (14) බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ දී සිදුකෙරිණි.

'රටම නැණවත් කරන අපේක්ෂාව' යන තේමාව යටතේ ඉදිරිපත් කෙරුණු  ප්‍රතිපත්ති ප්‍රකාශය එහි සම්පාධක මණ්ඩලය නියෝජනය කරමින් කැළණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය මහාචාර්ය ජේ.ආර්.පී. ජයකොඩි මහතා විසින් මෙහිදී ජාතික ජන බලවේගය සංවිධානයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්විණි.

විශ්ව විද්‍යාලය අධ්‍යයනය ප්‍රජාව , පාසල් ගුරු වෘත්තීය ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තීකයන් රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

 



අදහස් (14)

අනුරගේ අධ්‍යාපන ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දකී

Vajira Monday, 14 October 2019 09:26 AM

අනුර කුමාර සහෝදරයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමත් සමග රටේ උගත්, බුද්ධිමත් ජනතාව ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය වටා පෙළගැසෙනු දැකීම සතුටට කරුණකි...

:       209       316

[email protected] Monday, 14 October 2019 09:27 AM

ඔබ ප්‍රාර්ථනා කරන ශිෂ්ඨ සම්පන්න දේශපාලනයක් ස්ථාපිත කිරීමට නම් ඔබ කළ යුත්තේ උගත්, බුද්ධිමත් සිවිල් සමාජය සමග එක්වී නිවැරදි දැක්මක් හා වැඩපිළිවෙලක් ඇති ජාතික ජන බලවේගය සමග එක්වී අනුර කුමාර දිසානායක මහතා දිනවීමට කටයුතු කිරීමයි.

:       154       252

Fernando Monday, 14 October 2019 09:29 AM

ලෝකෙට ණය වෙලා ගුවන්යානා නොඑන ගුවන්තොටුපොළ, ක්‍රිකට් නොගහන ක්‍රීඩාංගණ හරක් ලගින සම්මන්ත්‍රණශාලා හදපු සල්ලි වලින් මේ වගේ පාසල් කීයක් දියුණු කරන්න තිබුණාද? අධ්‍යාපනයේ අගය දන්න උගත්, බුද්ධිමත්, ජනතාවාදී පාලනයක් අපේ රටේ බිහිකර ගමු මිනිසුනේ දැන්වත්...

:       10       143

විකල්ප Monday, 14 October 2019 09:31 AM

කන්නන්ගර මහත්තයා නිදහස් අධ්‍යාපන ක්‍රමය බිහිකළාට පස්සේ මොනඅැමැතිද.. කොයි ආණ්ඩුවද අධ්‍යාපනය දියුණු කළේ? සල්ලි කාරයින්ගේ දරුවෝ යන ලොකුලොකු කොලිජි කොන්වන්ට් වලට නම් කිසි අඩුපාඩුවක් නැහැ... මේ අසාධාරණ සමාජ ක්‍රමය බිඳදමපු දවසකට අපේ දුප්පත් දරුවන්ටත් සමාන පහසුකම් තියෙන පාසල් ලැබේවි...

:       2       121

samanMonday, 14 October 2019 11:56 AM

කන්නංගර මැතිතුමාගේ අවධියේ රජයේ යැයි කියා තිබුනේ මධ්‍ය මහා විද්‍යාල අතලොස්සක් පමණයි. නමුත් අද මහජන බදු මුදලින් නඩත්තු වන පාසල් ගණන 10,000 ආසන්න ප්‍රමාණයක් දක්වා වැඩිවී තිබෙනවා. එමෙන්ම අද රජයේ විශ්ව විද්‍යාල ගණන 15 දක්වා වැඩිවී තිබෙනවා. එබැවින් සමස්ත අධ්‍යාපන ක්‍රමයේ දියුණුවක් ඇතිවී නැතැයි යයි කීම සාවද්‍යයයි. ඔය කියන ලොකු ලොකු පාසල් වල පිහිනුම් තටාක, ක්‍රීඩාගාර වැනි දේ සාදා ඇත්තේ රජයේ මුදලින් නොව පාසලේ ආදී සිසුන්ගේ ආධාර වලනුයි.

:       11       4

Dr. Vajira Fernando Monday, 14 October 2019 09:33 AM

මේ උගතුන් බුද්ධිමතුන් එක්වී එක හඩින් කියන දේ දැන්වත් වටහාගමු මිත්‍රවරුනි. මේ රටට වෙනසක් ඕන. ඒ වෙනස කරන්න පුළුවන් ජාතික ජන බලවේගයට විතරයි.

:       266       303

lalith Monday, 14 October 2019 09:57 AM

මේ නව අධ්‍යාපන ප්‍රතිපත්ති තුල මෙතුමන්ලා නවකවදය තව දුරටත් ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වෙනවාද?

:       219       297

RaveendraMonday, 14 October 2019 12:33 PM

හා හා... කට කට. අප මෙසේ රතුමලයගෙන් විමසීමට කැමැත්තෙමු ඔහේගේ ඔය අධ්‍යාපන ප්‍රතිපත්තියේ " කොතැනක හරි පැහැදිලිවම ලියල තියෙනවාද " අන්තරේ ඉන්න මේ රතු මලයලගේ පක්කලියන් පලවා හැරදමා අන්තරේද විසුරුවා හැර සරසවි වල සිසුන්ට බාධාවකින් තොරව ඉගෙනීමට ඉඩ සකසා දෙනවද කියලා? අනුර රතු සහෝදරයාගෙන් අප ඍජුවම විමසීමට කැමැත්තෙමු. මොකද මුළු ලංකාවේම අහිංසක පුරවැසියන් දන්නා ප්‍රසිද්ධ රහසක් තියෙනවා. (මෙයාලා නම් ඒවා ප්‍රතික්ෂේප කරයි නමුත් වැඩේ ඇත්ත) ඔය අන්තරේ කියන මරණාධාර සමිතියේ ඉන්න ඔක්කොම නායකයන් කියන "නූගත් ගොන් බූරුවන් " රතු මලයලාගේ ළඟම, සුවච, කීකරු රූකඩ කියලා. ඉතින් ඒ චෝදනාවෙන් අවංකවම ගැලවෙන්න ඕනේ නම් මේ අපි සඳහන් කරපු අන්තරේ ඉන්න නිවට අන්දරේලා එලවා දමා අන්තරේ විසුරුවා හැරීම කල යුතුමයි. මොකද කියන්නේ රතු මල්ලියේ වැනි වැනි ටෝක් එපා බයිලත් එපා.. කෙලින් කියන්න කොන්ද පන ඇතිව. පුළුවන් නම් පුළුවන් කියන්න, බැරි නම් බැහැයි කියන්න නිකම් බබා පාට් දාන්නේ නැතිව.

:       12       26

nimal Monday, 14 October 2019 10:20 AM

බොරුව වංචාව නැතිව, සපෝටර්ලාට රැකියා, කොන්ත්‍රාත් නොදී, බලයට එන්න සිහින දකින්න එපා සහෝදරයා. අපේ රටේ ජනතාවට ඔය අධ්‍යපනය, ප්‍රජාතන්ත්‍රවාදය වගේ ඒවා ඕන නැහැ. කසිප්පු පෙරලා අහුවුණාම බේර ගන්න, අත යට ගනු දෙනුවට සපෝර්ට් එකටයි රජයක් ඕන. කම්කරු පත්වීමක් හරි සංස්ථාවක අධ්‍යක්ෂ මණ්ඩලයට හරි පත් වෙන්නයි රජයක් ඕන.

:       0       44

RaveendraTuesday, 15 October 2019 02:11 AM

ඔබගේ කියවීම ඉතාමත්ම නිවැරදිය.

:       0       0

මුණසිංහ Monday, 14 October 2019 10:48 AM

නවකවදය තුරන් කිරීම, විශ්ව විද්‍යාල පාඨමාලා නවීකරණය ඊට අැතුළත්ද?

:       5       36

රවින් Monday, 14 October 2019 11:55 AM

අනික් කට්ටිය කොහොමද එහෙම කරන්නේ? ටියුෂන් ගුරාලා හේත්තුවෙලා ඉන්නේ ප්‍රධාන යැයි සැළකෙන පක්ෂ වටා නේද? කවුරු බලේට පත් උනත් කළ යුතු මුල්ම කාරණය තමා ළමයින්ට ළමා කාලය උපරිම මට්ටමෙන් ලබා දීමට කටයුතු කිරීම. උදේ ඉඳන් රෑ වෙනකම් පොතපතට පමණක් යොමු කිරීමෙන් සිදුවන්නේ අනාගතයේ පිස්සන් කොටුවක් නිර්මාණය වීමයි.

:       0       35

Bamunuarachchi Monday, 14 October 2019 01:26 PM

ඔය එළිබැස්ස අධ්‍යාපන ප්‍රතිපත්තිය කොහෙන්ද බලා ගන්න පුළුවන්...?

:       0       2

BamunuarachchiTuesday, 15 October 2019 01:29 PM

ඕනෑම කෙනෙකුට ප්‍රතිපත්ති එළි බස්සන්න පුළුවන්. එළි බස්සන එක තනිවම හෝ කීප දෙනෙකුගේ කාර්යක්. නමුත් එය ක්‍රියාවට නැංවීමට මුළු සමාජයේම ආධාර උපකාර ලැබෙන්න ඕනේ. එහෙමනම් එය කළ හැකිද? ලංකාවේ සමස්ත අධ්‍යාපනයම රජයේ භාරයට ගත් සිරිමාවොගේ අධ්‍යාපන ප්‍රතිපත්තියට අද මොකද වෙලා තිබෙන්නේ? සිල්ලර කඩවගේ හැම තැනම පාසල්.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 129 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 275 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1160 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 152 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 354 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 328 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site