IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


අන්තරේ හිමිනම ඇතුළු 22 දෙනා හෙට තෙක් රිමාන්ඩ්

(ළහිරු හර්ෂණ)

උද්ඝෝෂණයක් පැවැත්වී යැයි අත්අඩංගුවට ගත් අන්තරේ කැඳවුම්කරු ඇතුළු විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් 22 දෙනා මාර්තු 2 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලක්මාලි විජේතුංග මහත්මිය අද (1) නියෝග කළාය.

රක්ෂිත බන්ධනාගාර ගත කළ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමි සහ තවත් හිමිනමක් අත්අඩංගුවට ගත් පිරිස අතර වෙති.

අධිකරණ නියෝගයක් උල්ලංඝනය කරමින් කොළඹ වෝඩ් පෙදෙසේ පිහිටි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට ගැණිනි.

විශ්ව විද්‍යාල සිසුන් අද (1) කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු මහේස්ත්‍රාත්වරිය මෙලෙස නියම කළාය.

 

 ( ඡායාරූප - ලහිරු හර්ෂණ ) 



අදහස් (35)

අන්තරේ හිමිනම ඇතුළු 22 දෙනා හෙට තෙක් රිමාන්ඩ්

Raveendra Sunday, 01 March 2020 08:53 AM

"දියව් දියව්" කියනා සුබ මන්ත්‍රණය උපන්දා සිට ජපකරන මෙම නූගතුන්ට නිසි දඬුවම් ලබාදී අපගේ රටේ අනාගත පරපුරට හොඳින් ඉගෙනීමේ කටයුතු හමාරකරගෙන රටට වැඩදායි පුරවැසියන් ලෙස තමන් උපන් මව්බිමට සේවය කිරීමට හැකිවේවා යන්න අපගේ එකම ප්‍රාර්ථනයයි. එබැවින් මොවුන්ගේ ශිෂ්‍යභාවය "සදහටම අවලංගු කර අසාදුලේඛනයට නම්ගම් ඇතුළත් කර කිසිඳු රජයේ ආයතනයකට පිරිසිදු කිරීමේ රැකියාවක් වත් ලබාගැනීමට නොහැකි ලෙස සමාජයෙන්ම සදහටම අතුගා දැමිය යුතුය. අප අවංකවම කණගාටු වෙනවා... මොවුන්ගේ අහිංසක දෙමාපියන් පිළිබඳව.. උපන් රටටත් වැඩක් නැති, තමන්ටත් වැඩක් නැති මෙවැනි මුර්ගයන් මෙලොවට බිහිකිරීම පිළිබඳව ඒ ඒ දෙමාපියන් කණගාටු වෙනවා ඇත.

:       149       1672

kamal Sunday, 01 March 2020 09:37 AM

"කුල දරුවන් 100ක් සසුන්ගත කිරීමේ මහා පිංකම" දැන් ඒ පින් වැඩවල ප්‍රතිඵල දෝරේ ගලනවා. සාදු... සාදු...

:       1677       1847

de silva Sunday, 01 March 2020 10:36 AM

බුද්ධාගමට නිග්‍රහ නොකර, කරුණාකර දේශපාලනය කරන්න ඕනෑ නම් සිවුර අතහැර කරන දේශපාලනයක් කරගන්න. අන්‍යාගමික පූජකවරු ලංකාවේ මෙහෙම දේවල් නොකරති. හාමුදුරුවරුන් උසස් අධ්‍යාපනය සඳහා වෙනමම පිරිවෙන්වලට යවන්න. ගිහියන් සමග මෙහෙම විශ්වවිද්‍යාල වල එකට ඉගෙන ගන්න කොට අනවශ්‍ය ප්‍රශ්න ඇතිවෙනවා.

:       29       1427

raviSunday, 01 March 2020 02:59 PM

ඔව්.. එ්කනම් සහතික ඇත්ත.. උදය ගම්මන්පිල කියන්නෙත් ඒ වගේ කෙනෙක්..

:       0       79

Sanath Kandy Sunday, 01 March 2020 10:54 AM

මෙතන කමෙන්ට් දාන කවුරුවත් මේ ළමයින්ගේ ගැටළු මොනවද කියලා දන්නවද? තමන්ට තමන්ගේ දූ දරුවන්ට විශ්ව විද්‍යාලයකට යන්න වරම් නැති වුණාට කුහකවෙන්න එපා. මේ දරුවන් අරගල කරන්නේ උසස්පෙළ සමත් වී විශ්වවිද්‍යාලයට යාමට නොහැකි සියලු දෙනාට සරසවි වරම් හිමිකර දීමට... අන්තරය ප්‍රමුඛ ශිෂ්‍ය සංවිධාන අරගල නොකරන්න.. මේ රටේ පාලකයින් මෙලහකටත් නිදහස් අධ්‍යාපනය වලලා දමලා. ගම්වල අහිංසක දුප්පත් දෙමාපියන්ගේ දරුවන්ට උසස් අධ්‍යාපන වරම් හිමිකර ගැනීමට ඇති එකම මග නිදහස් අධ්‍යාපනයයි.

:       1538       337

රාලහාමි Sunday, 01 March 2020 02:06 PM

මට අහුවුනොත් ...................

:       0       122

lalithmMonday, 02 March 2020 03:33 AM

උසස් පෙළ කියන්නේ තරඟ විභාගයක්. පාස් වෙන හැමෝම විශ්ව විද්‍යාලේ ගියා කියලා රැකියා පැටව් ගහන්නේ නැහැ රජයේ සේවාවේ. මොකද ඔක්කොම ඉල්ලන්නේ පින් පඩියට රජයේ රැකියා. අනික මේ සටන කළා අංශයේ ඉන්න අය බරටම බැහැලා කරන දෙයක්. ඉච්චා භංගත්වයට වඩා දෙයක් මෙහි නැහැ කියලා බොහෝ දුරට පෙනෙන්නේ. හරි හැටි ඉගෙන ගෙන රටට අවශ්‍ය විෂයයන් ඉගෙන ගන්නවානම් මේ විකාර වැඩ ඕනේ නැහැ.

:       0       67

Sanath KumaraSunday, 01 March 2020 03:30 PM

මේ ළමයි(ළමයි කියන්න නම් බෑ,නරුම පැටවූ) ටිකට කිසිදු ගැටළුවක් නොමැත.ඔවුනට ලබා දෙන නිදහස් අධ්‍යාපනයෙන් කිසිදු ප්‍රයෝජනයක් නොගෙන,එමගින් ලබා ගන්නට පැමිණි සිසුන්ගේ නිදහස නැති කිරීමම තමා මොවුන්ට තියෙන එකම ගැටලුව.ඔබ තුමාට දුවෙක් හෝ පුතෙක් සිටීනම් ඔවුන්ව මෙම විශ්ව විද්‍යාල නේවාසිකාගාරයක නවාතැන් සපයා දී ඔබටම මේ ගැන දැන ගත හැක.

:       0       156

RaveendraSunday, 01 March 2020 04:53 PM

ඔබගේ අදහස් වලට ගරු කරන්නෙමු. පළමුව ඔබට මෙසේ " අපි නොදන්නා විශ්වයේ දැනුම ලබන ආයතන " යන්න සදහන් කරමින් ඇත්ත ඇතිසැටියෙන් නොදැකීම අප කනගාටු වෙන්නෙමු. මේ දරුවන් ඔබේ මෙන් අපේ මෙන් ලංකා මාතාවගේ දරුවන්ය. මෙහි කිසිදු කුහක කමක් නොමැති තිබ්බෙන්නේ අනේ අපේ රට බාරගන්න ඉන්න අනාගත පරම්පරාව අයාලේ යන්න ඉඩදෙනවාද නැතහොත් එයට විරුද්ධවී නිසිමගට ගන්නවාද යන පැනයන් පමණි. මොලේ කළදක් හෝ තිබෙන කෙනෙකුට මෙම මුර්ගයන් කරන නොහොබිනා වැඩ වැරදියි යන්න වැටෙහෙන අතර ඔබට නොතේරීම කනගාටුවකි. සිසුන් අරගල කල යුතුයි එහි කිසිදු වැරද්දක් නැත නමුත් එක එකාගේ පදයට නටන නිවට දිය ගැරඩියන් සරසවි සිසුන් වන්නේ කෙසේද ?? එලෙසම හැමදෙයක්ම ඔබේ, මගේ අපේ බදු මුදල්වලින්ම් ලබා ගැනීමට උත්සහ කරන මෙවන් අය කෙසේ රටට වැඩදායි පුරවැසියන් වේද යන්න ඔබට නොතෙරේද ?

:       0       59

121Sunday, 01 March 2020 05:55 PM

අරගල කලා කියලා සරසවි වල ඉඩ වැඩි වෙනවද? ලෝකෙම පිලිගත්ත සිසු ණය ක්‍රමය හරහා පෞද්ගලික විශ්ව විද්‍යාල තමයි වැඩි දෙනෙක්ට උසස් අධ්‍යාපනය දෙන්න එකම මඟ. ඔය ගොල්ලො කරන්නේ ඒවා එන එක වලක්වලා අඩු ගනනකට විතරක් නොමිලේ ගන්න හදන එක. සල්ලි තියෙන ළමයි පිටරට යනවා. දුප්පත් අයගෙ ලමයි ත්‍රී වීල් සහ මැද පෙරදිග.

:       0       78

NuwanSunday, 01 March 2020 08:29 PM

නූතන ලොවම පිළිගත් නීතියෙන් පිළිගත් මේ නිසාම අපරාධකරුවන්ගේ දැඩි අවධානයට පාත්‍ර වූ ආරක්ෂක ක්‍රමවේදයක් වූ සිසිටිවී ගලවා විසි කිරීමෙන් උසස් අධ්‍යාපන අයිතීන් තහවුරු කරන ක්‍රමේ අපටත් කියලා දෙන්නකෝ.

:       0       71

D.S DasanayakeSunday, 01 March 2020 08:34 PM

මගේ ලොකු පුතා මොරටුව කැම්පස් එකේ ඉන්නේ. ඔහුගේ පිනකට ඔහුට නවක වදය දෙන්න ලැබුනේ නැහැ. ඒවා මෙහෙයවන්නේ ඔය දකින කල්ලිය තමයි.

:       0       44

chithranandaMonday, 02 March 2020 11:50 PM

යම් පුද්ගලයෙකු බුදු සසුනට ඇතුළු වන්නේ එහි පරම ඵලය වන නිර්වාණය ලබාගැනීමටය. එම ගමන යෑමට අවශ්‍ය සියලුම දෑ පින් තකා ගිහි පිරිස් ලබාදෙති. එවන් කලෙක යුක්තිය ඉල්ලා, රැකියා ඉල්ලා සටන් වැදීම භික්ෂුවකගේ කාර්යය වන බව ඔබ පිළිගන්නේ නම් ඔබ හරි හැටි බෞද්ධ දර්ශණය වටහාගෙන නොමැති බව කිව යුතුමය.

:       0       7

කපුරු හාමි Sunday, 01 March 2020 11:14 AM

පිටිපස්සෙන් ඉඳන් මෙයාලව කුලප්පු කරන සෙට් එකගේ සද්දයක්වත් නැහැනේ. ජෙප්පන් නිදිවැදිලා වත්ද?

:       34       145

තාරක Sunday, 01 March 2020 12:53 PM

ඇමරිකාවේ 54 කගේ ශිෂ්‍යභාවය අහෝසි කරලලු.

:       0       0

jayath Sunday, 01 March 2020 12:56 PM

හපොයි මේ අන්තරේ අය කරපු අරගල හින්දම තමයි මේ රටේ නිදහස් අධ්‍යාපනය රැකුණේ. මේ අය කරපු අරගලේ තමයි හැමදාම පුළුවන් තරම් කලක් විශ්ව විද්‍යාල වහලා තියන එක. මේ අයට කඩේයන එක හාල්පාරුවෙකුට පුලුවන්ද පෙන්නන්න මේ නිදහස් අධ්‍යාපනයට කරපු එක සේවයක් ?

:       72       76

de silva Sunday, 01 March 2020 12:59 PM

ඔය අන්තරේ කැඳවුම්කරු කියල හාමුදුරු නමක් පත්කරගත්තේ කුමටද ? වෙන ගිහියෝ නැතිද ? මේවා බුදු දහමට නිග්‍රහ කිරීමට කොමියුනිස්ට් කාරයෝ අටවන උගුල්.

:       11       1205

RaveendraSunday, 01 March 2020 05:54 PM

ඔබගේ අදහස් සමග අපද එකග වන්නෙමු. මෙමගින් ආගමක් හැල්ලුවට ලක්කිරීමටත් මිනිසුන් අතර නොසන්සුතාවයක් නැවතත් ඇතිකිරීමට දියවන්න ඔයේ ඉන්න අය සැමවිටම දගලනවා නොවේද?

:       0       18

RaveendraMonday, 02 March 2020 05:59 AM

ඇත්තෙන්ම ඔබ නිවැරදියි .මේවා හිත මතා කරන ක්‍රියාවන් මේ සදහා දියවන්න ඔයේ "කළු කුමාර "ප්‍රමුක රතු හැට්ටකරයන් ගේ ඍජු සම්බන්දයක් නොමැති නම් එදාට නැගෙනහිරෙන්ම හිරු බැසයනු ඇත.සත්‍ය වශයෙන්ම මෙම නිවට නපුන්ෂක වැඩ නිසා රතුහට්ටකාරයන් මෙවරද ඉතා ඉහල ප්‍රතිශතයකින් ලග එන බලුපොරය ජය ගන්නවා නියතය.

:       0       16

indra Sunday, 01 March 2020 01:04 PM

මේ අය දේශපාලකයන්ගෙන් යැපෙන කොටසක්.මේ අයට නැවත විශ්ව විද්‍යාල භූමියටඇතුළු නොවෙන විදිහට දඩුවම් දෙන්න ඕනේ. අනාගත පරම්පරාව විනාශ කරන අය මුළු සමාජයම හෙළා දකින්න ඕනේ.

:       0       138

පිටිගල මිලානෝ Sunday, 01 March 2020 01:11 PM

කතා දෙකක් නැහැ.. යවන්න ඇතුළට අවුරුදු 10කට විතර... මෙලෙස දැඩි දඬුවම් දීමෙන්වත් මේ දහජරා ක්‍රමය පෙර තත්වයට ගෙනෙමු.

:       0       343

චතුෂ කුමාර Sunday, 01 March 2020 03:09 PM

යහපාලන රජය මගින් බුද්ධ පුත්‍රයින්ට සිදුකරනා තාඩන පීඩන හෙළාදකිමු...

:       0       18

kapila Sunday, 01 March 2020 03:56 PM

නිකම් පොලිසියේ, අධිකරණයේ කාලය නාස්ති නොකර මේ නරි රැලට වතුර ගහල එලවා දැම්මනම් ඉවරයි.

:       0       21

lalithmMonday, 02 March 2020 05:52 AM

අශුචි මිශ්‍ර වතුර බෙරේ වැවේ වතුර ගහන්න ඕනේ. හොඳ වතුර ගහන එක අපරාදේ.

:       0       0

prasad Sunday, 01 March 2020 04:14 PM

CCTVගැලවීමේ අරමුණ කුමක්ද? සිවුරු දරාගත් දෙන්නා ආගමට කරන නිග්‍රහය පටිසන් දෙනු ඇත. දායකයින් දුක් මහන්සියෙන් දෙන දානය සහ මුදල්වලින් ඉගෙන ගන්නා අතර මහජන දේපල විනාශ කරන්නටත් අයිතියක් තිබේද? කොණ්ඩය, රැවුල් වවාගෙන ඉන්න හැටියට නම් මහණකමේ ලක්ෂණ කිසිවක් නැති අශීලාචාර, ප්‍රචණ්ඩ බව පමණක් දිස්වේ. මේ දෙන්නා වහාම සිවුරු හැරිය යුතුයි.

:       0       9

ලේක්කෝ ගලබඩ Sunday, 01 March 2020 04:40 PM

මේ වීරෝදාර විශ්වවිද්‍යාල සිසුන් සහ අපේ හාමුදුරුවන්ව හිරගෙදරට සැපත් වනවිට නවක වදය දී පිළිගනියි කියා අප බලාපොරොත්තු වෙනවා.

:       0       221

RaveendraMonday, 02 March 2020 12:48 AM

මේ වගේ " කැස් වටුවන්ට " විරෝධාර සිසුන් ලෙසෙ කෙසේ අමතන්නද ? තමන්ව මෙලොවට බිහිකළ ඒ සදාදරණිය අම්මට හිත සැනසිල්ලේ ජිවත්වෙන්නවත් ඉඩ නොදෙන අය.

:       0       14

Bamunuarachchi Monday, 02 March 2020 12:10 AM

බැලූ බැල්මට පෙනෙනවා අනුන්ට ඉර්ෂා කරන දරිද්ද්‍රතාවයෙන් පෙලෙන රැලක් බව.

:       0       18

Bamunuarachchi Monday, 02 March 2020 12:12 AM

මේ අයට මාංචු දමන්නේ නැද්ද?

:       1       28

Bandara Monday, 02 March 2020 12:50 AM

ප්‍රශ්නේ මොකක් වුනත් අන්තරේ අයව ඇතුලට දාලා වාහන එක හොඳයි. මේ අය කරන්නේ තනිකර බොරු වැඩ.

:       0       2

athura Monday, 02 March 2020 04:08 AM

පහු ගිය ආණ්ඩුව කාලේ වුනා නම් කියන්නෙ අන්න හාමුදුරුවෝ හිරේ දානවා කියලා අපේ හාමුදුරුවනේ.

:       0       109

Keppetipola Monday, 02 March 2020 04:25 AM

විශ්වවිද්‍යාල වලින් නෙරපා දැමිය යුතුයි. ඇත්තටම නායක හාමුදුරුවරු මේවා දකින්නේ නැත්තේ ඇයි? දඩුවම් නොදී ඉන්නේ ඇයි?

:       0       54

rohana Monday, 02 March 2020 07:19 AM

ලෝකයේ තිබෙන හොඳම මානසික ප්‍රතිකාර සහ උපදේශන සේවාවන් ලබා දුන්නත් මේ මන්ද මානසිකයන් තුළ ඇති ඉරිසියාව සහ කුහකකම නැති කළ නොහැක. රජය මොවුන් අල්ලනවා වගේම මොවුන්ව පිටුපසින් සිට මොවුන්ගේ මොළ හෝදන JVP සහ පෙරටුගාමී කුහකයන්වද ඇත අඩංගුවට ගෙන නීති මගින් කටයුතු නොකරන්නේ අැයි?.

:       0       0

de silva Monday, 02 March 2020 10:47 AM

අලුතෙන් විශ්ව විද්‍යාල ඉදිකර, කාලයට ගැලපෙන නව විෂය ධාරාවන් සකස් කර වැඩිපුර සිසුන්ට උසස් අධ්‍යාපනය ලබාදිය යුතුය. ඒක මම පිළිගන්නවා. නමුත් මෙතන ප්‍රශ්නෙකට තිබෙන්නේ රජයට මුදල් නොමැතිකම සහ රජයේ අමාත්‍යංශ ලේකම්වරු වැනි ලොකු බලතල තිබෙන රජයේ විශ්ව විද්‍යාල වලින් ඉගෙන ගත්තු ශිෂ්‍යන් මේවා ක්‍රියාවට නැගීමට කිසිම උනන්දුවක් නොමැතිකම සහ වෛද්‍යවරුන් වැනි මෙම විශ්ව විද්‍යාල වල නොමිලයේ ඉගෙන ගත්තු ලොකු ලොක්කෝ හරියට ආදායම් බදු පවා ගෙවන්නේ නැහැ. ඉතින් කොහොමද ලංකාවේ උසස් අධ්‍යාපනය දියුණු කරන්නේ ?

:       0       11

විජය Monday, 02 March 2020 01:52 PM

තව තවත් ප්‍රමාද නොවී පවතින රජය විසින් මේ අනතුර වටහා ගෙන මෙම අන්තවාදීන් වහවහාම විනාශයට පත් කළ යුතුයි. ඒ සඳහා මෙරට ජනතාවගේ ආශිර්වාදය නොඅඩුව ලැබෙනු ඇත...

:       31       1034

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 166 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 55 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 515 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 583 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1044 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 979 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1531 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1426 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site