IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


අන්තරේ කැඳවුම්කරු ඇතුළු පස් දෙනා යළි රිමාන්ඩ්

(ඉන්දිකා රාමනායක)

සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපළ වලට අනර්ථයක්  සිදු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් කර සිටින අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු චතුරංග වීරසේකර ඇතුළු  ශිෂ්‍ය කි‍්‍රයාකාරි සමාජිකයින් පස්දෙනා ලබන 05  වැනි දා දක්වා යළි රිමාන්ඞ් කරන ලෙසට ප‍්‍රධාන මහේසත‍්‍රාත් දුලානි එස් වීරතුංග මෙනවිය අද  (19) නියෝග කළාය.

ලහිරු වීරසේකරට අමතරව අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමි,  ෆසිසාන් අහමඞ්,දිනේෂ් මධුරංග, සහ දිමුත් ලක්ෂාන් යන අය රිමාන්ඩ් කෙරිණි.
 
දිනේෂ් මධුරංග, සහ දිමුත් ලක්ෂාන් නැමැති සැකකාර සිසුන්  ඊයේ හදුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කෙරුණු අතර සෞඛ්‍ය අමාත්‍යාශයේ ආරක්ෂක නිලධාරීන් ඇතුළු සාක්කිකරුවන්ට ඔවුන් දෙදෙනා හඳුනා ගැනීමට නොහැකි විය.

ඉකුත් (21) වැනි දා පස්වරුවේ කොළඹදී පැවති සයිටම් විරෝධී පාගමනින් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශයට අයුතු ලෙස ඇතුළු වී එහි දේපල‍වලට රුපියල් ලක්ෂ 9 ට ආසන්න හානියක් සිදුකිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර් ඒ විජේසේකර මහතා මරදාන පොලිසියට කළ පැමිණිල්ලක් මත මොවුන් අත්අඩංගුවට ගෙන තිබුණි.



අදහස් (14)

අන්තරේ කැඳවුම්කරු ඇතුළු පස් දෙනා යළි රිමාන්ඩ්

srimala Wednesday, 19 July 2017 10:03 AM

ආරක්ෂක නිලධාරින්ට මොවුන් හඳුනා ගැනීමට නොහැකි වුණාට, රූපවාහිනියක් බලන්න... රටේ ඕනේ කෙනෙකුට මේ අයව බලාගන්න පුළුවන්නේ. ආරක්ෂක නිලධාරීන් බය ඇති මේ වගේ ත්‍රස්තවාදීන්ට එරෙහිව සාක්කි දෙන්න.

:       1603       1541

dilankaWednesday, 19 July 2017 02:28 PM

එතකොට ඊයේ, පෙරේදා උතුරු මැද පළාත් සභාවේ ගැටුමෙන් රජයේ දේපළ වලට හානි වුණ එකට කවුරුත් හිරේ දාන්නේ නැද්ද?

:       9       36

kumar (galf) Wednesday, 19 July 2017 10:58 AM

හොඳ වැඩේ, මෙහෙම හරි නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනා.

:       49       195

wedage Wednesday, 19 July 2017 11:22 AM

මේ ශ්‍රී ලංකාවේ දරුවන් නොවේද? අනේ කූඹින්නේ ඔයාලට රජෙක් ඉන්නේ අපට නැත ඉන්නේ. ඒ නිසාවෙනි අප තැවෙන්නේ...

:       331       524

සුජීව Wednesday, 19 July 2017 12:25 PM

එහෙනම් ඔයා ගිහින් හඳුනා ගන්න .

:       2       0

මම1 Wednesday, 19 July 2017 01:10 PM

ඔව් ඔව් ශ්‍රී ලංකාවේ දරුවන් තමයි. ඒත් බොහොමයක් අය මේ අය වගේ රජයේ කාර්යාල වලට කඩා පනින්නේ නැහැ. කූඹි නම් එහෙම යනවා.

:       325       227

ONE SRILANKAN Wednesday, 19 July 2017 01:47 PM

ගරු අධිකරණයට අපි ගරු කරන්න ඕනේ... මෙයාලා පැය කිහිපයක් නිහඬව හිටියා. අවහිර කිරීම්, පහරදීම් තෙරපීම් නිසා දේපල විනාශ වුණානම් වෙන්න ඇති... මෙයාලට දේපල හනිකරන්න වුවමනා නැත. දිගින් දිගටම එක කරුණකට පිළිතුරු නැති වුණාම විකල්ප සොයනව. එදා දත් දොස්තර මහතාගේ මහජන දවස... මෙයාලට අයිතියක් තියනවා හමුවෙන්න යන්න.

:       127       199

Bimal Wednesday, 19 July 2017 01:55 PM

මිනිසුන්ගේ බදු මුදල් නාස්ති කරමින්, උසස් අධ්‍යාපනය ලබන අනෙකුත් සිසුන්ට වැරදි පාර පෙන්වනවා මදිවට රජයේ දේපල නාස්ති කරනවා. මේවා මේ උදවියගේ දෙමව්පියන්ගේ දේපලද? කරුණාකර මොවුන්ට රජයේ රැකියා නම් දෙන්න එපා. උසස්පෙළ සමත් බුද්ධිමත් තරුණයන් ඕනෑ තරම් ඉන්නවා. අන්තිමට පුද්ගලික අංශයේ රැකියාවලට යන. අන්න ඔවුන් සොයලා රජයේ පුරප්පාඩු පුරවන්න. අඩු ගානේ ඉඳගන්නා පුටුව, මේසය හරි කඩන්නේ නැතිව තියා ගනීවි.!!!

:       102       193

දිලංක Wednesday, 19 July 2017 02:29 PM

අරගලය ඉදිරියේදී තවත් ශක්තිමත් වනු ඇත ....

:       326       383

chamaraWednesday, 19 July 2017 03:58 PM

ඔබට සිහින දැකීමට කාගෙන්වත් බාධාවක් නැත. අරගල නම් ශක්තිමත් වේවි. සයිටම් එකත් ඒ විදියටම තියේවි. වෛද්‍ය ළමයි කවදාහරි දොස්තරලා වේවි. ආර්ට් කරපු ළමයි අවුරුදු 7ක් 8ක් ඉඳලා උපාධිය අරන් පාරට බැස්සම ජී.එම්.ඕ.ඒ. එක ඒවි උදව්වට...

:       0       0

buddika Wednesday, 19 July 2017 03:36 PM

සත්‍යය කවදාවත් දැනගත නොහැකිය.

:       0       15

mahinda raja Wednesday, 19 July 2017 04:18 PM

ජීවිත කාලයටම හිරේට දමන්න

:       10       4

hesa Wednesday, 19 July 2017 07:36 PM

මේ සඳහා සිසුන් උසි ගන්වා යැවූ අය ඒ ලමයින් වෙනුවෙන් මොනවත් කියන්නේ නැහැනෙ දැන්. කෝ ඒ ඈයෝ....

:       0       0

rohan Thursday, 20 July 2017 06:06 AM

මේ අයව සදාකල් හිරේට දාන්න.......

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 207 0

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 103 0

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 167 0

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මත්පැන් බදු ජූනි 30ට පෙර අයකර ගන්න
2024 අප්‍රේල් මස 25 206 0

මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ලබන ජූනි 30 වැනිදා වන විට අයකර ගැනීමට කටයුතු ක‍රන්න ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව ශ්‍රී ලංකා සුරා


විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 351 0

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 797 2

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1688 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1537 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site