IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


අන්තරේ කැඳවුම්කරු අත්අඩංගුවට

(ඉන්දිකා රාමනායක)

අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර මීට ස්වල්ප මොහොතකට පෙර පොලිස් අත්අඩංගුවට පත්විය.

මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ  පැවැති මාධ්‍ය හමුවකට පැමිණ සිටි ඔහු එයින් පිටවන අවස්ථාවේ අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔහු සමග තවත් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයකු අත්අඩංගුවට ගනු ලැබිණි.

අත්අඩංගුවට ගැනීමට ‍පොලිසිය පැමිණීමත් සමග ළහිරු වීරසේකර පළා යාමට උත්සහ කළත් එය අසාර්ථක වූ බව පොලිසිය කියයි.



අදහස් (31)

අන්තරේ කැඳවුම්කරු අත්අඩංගුවට

kamjay Friday, 23 June 2017 06:37 AM

මහජනයාට කරදරකරනවට නිසි දඩුවම් දෙන්න ඕන. ඉගෙන ගන්නේනේතුව මහපරමේ තම මේගොල්ලෝ ඉන්න හදන්නේ. කාගේ සල්ලිද මේ නාස්ති කරන්නේ.

:       1494       6068

sisira ParisFriday, 23 June 2017 07:55 AM

ඇමතිවරුන්ගේ පුද්ගලික වුවමනාවන් සපුරාගැනීම වෙනුවෙන් සයිටම් ආයතනය පවත්වාගෙන යාම අනුමත කරනවද? කණගාටුයි... !!!

:       85       64

ජගත්Friday, 23 June 2017 10:27 AM

ඔබතුමන්ට පෙනුනේ අන්තරය විතරද? මහජනයාට කරදර කරනවා. පාලකයින්ගේ වැරැද්දක් පෙනෙන්නෙ නැද්ද? මේ ප්‍රශ්ණ විසඳන්නෙ නැතුව කල්මැරීමේ ක්‍රියාපිළිවෙතක් තියෙන්නේ...

:       114       73

Srimala Friday, 23 June 2017 06:50 AM

මොහු රටක මුළු සිසු පරම්පරාවක්ම අගාදයට ගෙනයන ත්‍රස්තවාදියෙකි

:       2006       8067

sisira ParisFriday, 23 June 2017 08:00 AM

ලෙඩුන් මරණ දොස්තරවරු බිහිවෙනවටද කැමති? ඇමතිවරු දෙදෙනෙකුගේ දරුවන් කීපදෙනෙකු වෙනුවෙන් මෙය කරගෙන යන්න දීල බලාගෙන ඉන්නද ?

:       303       8

somasiriFriday, 23 June 2017 04:09 PM

සිසිර මහත්තයෝ,.. ඔයා තවත් කිය කියා රවටන්න හදන්නේ කාවද? පත්තර, රුපවාහිනී සාකච්ඡා එහෙම බලන්නේ නැත්ද? විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිතුමාම පෙන්වා දුන්නා සයිටම් ළමයින්ගේ උසස් පෙළ ප්‍රතිඵල පිළිබඳව.. ඔවුන්ට උගන්වපු මහාචාර්ය වරු පෙන්වා දුන්නා ඔවුන්ගේ දැනුම ඉතා ඉහළ බව. ඒවගේම සයිටම් සිසුන් කැමතියි ඔවුන්ගේ දැනුම මැන බැලීමට ඕනෑම තරඟ විභාගයකට ඉදිරිපත්වීමට. ලෙඩ්ඩු මරණ දොස්තරලා යැයි කියමින්, අපහාස කරමින් කරන වැඩේ හොඳ නැහැනේ...

:       0       189

lathaFriday, 23 June 2017 08:47 AM

ඔයාලට සල්ලි තියනවා. අපේ ඒ අයට කියන්නේ සල්ලි නැති නිසා ඔයාලගේ අාවතේව කරන්න කියලද? ආණ්ඩුව හදන්නේ ඔක්කොම විකුණලා බේරෙන්න.. මොලවලට මේක තේරෙන්නේ නැද්ද?

:       273       135

C.K.Lankaputhra Friday, 23 June 2017 07:06 AM

අද පටන් මොහු ලංකාවේ දේශපාලන අපාධිය සමත් වෙනවා. ඔහු දැන් සරසවි සිසුවෙක් නොවෙයි.

:       0       0

pradeep Upasena Friday, 23 June 2017 07:07 AM

මේ රටට දැන් කොන්දක් තියෙන ආණ්ඩුවක් අවශ්‍යයි ...මේ වගේ අයට අනුග්‍රහය දෙන ජ.වි.පෙ. එක හැමදාම කලේ මෙහෙම වැඩ තමයි..

:       0       0

palitha Friday, 23 June 2017 07:08 AM

මුළු රටටම කොඩි විනයක්...උපරිම දඬුවම් දෙන්න.

:       0       0

සිරි Friday, 23 June 2017 07:13 AM

රටේ බුද්ධිමත්ම යයි සැලකෙන ළමයින්ගේ කාලය සහ ශ්‍රමය කා දමමින් කරන ජාති ද්‍රෝහී ක්‍රියාවට නිසි දඬුවම් දිය යුතුයි. රටේ සංවර්ධනයට ගත හැකිව තිබුණු ශ්‍රමය පැය කී ලක්ෂයක් දැනටමත් නාස්ති කළාද?

:       0       0

mewan Friday, 23 June 2017 07:29 AM

ත්‍රස්තවාදි ක්‍රියා වලට අහිංසක දරුවන් බලෙන් රැගෙන ගොස් දෙමව්පියන්ට දරුවන් නැති කරන රටට වින කරන මෙම ප්‍රධාන ත්‍රස්තවාදීන්ව අල්ලා නිසි දඩුවම් ප්‍රමාධ නොවී ලබා දිය යුතුයි.

:       0       0

sudes Friday, 23 June 2017 07:37 AM

අනිවාර්යෙන් ඕක තමයි කරන්න ඕනේ. ගම්වල ඉදන් විශ්වවිද්‍යාල වලට එන අහිංසක දුප්පත් ළමයින්ව කන්නේ ඔය වගේ උන් තමයි. පුලුවන්නම් අවුරුදු 10 කට විතර හිරේට යවන්න. එක මේ රටේ හැමෝම වෙනුවෙන් කරන ලොකු පුන්‍යකර්මයක්.

:       0       0

Jagath Friday, 23 June 2017 07:47 AM

අවුරුදු දෙකක් වත් දාන්න හිරේ ....

:       0       0

jayantha Friday, 23 June 2017 07:53 AM

මෙතන අදහස් දාන අය වැස්සකට වත් විශ්ව විද්‍යාලයකට ගිහිල්ල නැහැ. හීනමානයකින් පෙලෙන උදවිය. මුන් හිතන්නේ නැහැ අය් මේ කොල්ලෝ මහා පාරේ ඉන්නේ කියල, කව්රු වෙනුවෙන්ද, මොකක් වෙනුවෙන්ද කියල. අපි එදා ඔහොම සටන් කරපු නිසා තමය් අද ඉන්න ලමය් ඔය තියෙන පහසුකම් බුක්ති විඳින්නේ. මේක නොතේරෙන, එහෙම නැත් නම් කුහක කම නිසා හෝ ඊර්ෂියාව නිසා මේ කොල්ලන්ට බනින්නේ.

:       0       13

keerthi Friday, 23 June 2017 07:55 AM

මොකද මේ වීරයා පොලිසිය දැකල දුවන්න හැදුවේ? තමන් විභාග අසමත් වුණා මදිවට අනිත් සිසුන්ද එ්වාටම ඇද දමන්නයි මොහු බලන්නේ. මොහු පිටුපස සිටින සිසුන්ගේ ජීවිත විනාශ කරන්න තැත්කරන දේශපාලන පක්ෂයේ නායක කාරකාදීන්ද අත් අඩංගුවට අරගන්න ඕනේ....

:       0       149

somasiri Friday, 23 June 2017 08:00 AM

සිසුන්ගේ මුළු අනාගතයම විනාශ කරනවා නම් සෞදි අරාබියේ දඬුවම් දුන්නත් මදි. මොහුව වැරදි වලට පොළඹවන දේශපාලකයන්ටත් එම දඬුවම් ලබා දෙන්න.

:       0       233

Kamal Friday, 23 June 2017 08:05 AM

අනේ අවුරුදු කීපයක් ඇතුලෙම තියන්න. අපිට නිදහසේ පාරකවත් යන්න....

:       0       23

chandana Friday, 23 June 2017 08:10 AM

මෙයාගේ අක්කා ඉගෙන ගත්තේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක. ඒත් රටේ අනික් ළමයින්ට ඒවායේ ඉගෙන ගන්න දෙන්නේ නෑ. කුහකකමේ උපරිමයටම ගිහිල්ලා....

:       0       93

nilmini Friday, 23 June 2017 08:12 AM

සුදුසු දඬුවම් දී මහජන ආරක්ෂාව සලසා දෙන්න....

:       0       99

K Perera Friday, 23 June 2017 08:13 AM

රජයේ දේපලට හානිකිරීම සහ මහජනතාව අසීරුවට පත්කිරීම යන චෝදනාවලට අඩුම වශයෙන් අවුරුදු තුනකටවත් ඇතුලට දමන්න ඕනේ....

:       0       57

Shanaka Friday, 23 June 2017 08:15 AM

හන්ගපු ආයුධ පෙන්නන්න එක්කගෙන ගියානම් හරි....

:       35       104

de silva berlin Friday, 23 June 2017 08:15 AM

රටේ නිතිය කාටත් සමාන විය යුතුය. පොදු දේපල විනාශ කරන්නන් ඔවුන්ට අනුබල දෙන පුද්ගලයන් සහ ඔවුන් මෙහෙය වන පුද්ගලයන් වහාම හිරගෙට යැවිය යුතුය. විශ්වවිද්‍යාල සිසුන්ටත් මෙම නීතිය එකසේ ක්‍රියාත්මක කළ යුතුය.

:       0       96

Thomas Friday, 23 June 2017 08:21 AM

එළියට නම් එවන්න එපා.... ඔයවගේ මිනිස්සුන්ව....

:       0       110

MOHAN Friday, 23 June 2017 08:37 AM

මුළු රටක්ම ආපස්සට ගෙන යන මෙවැන්නවුන් අත් අඩංගුවට ගත යුතුය .

:       89       201

sas Friday, 23 June 2017 08:40 AM

මෙවැනි අයගේ චරිත ස්වභාවයන්ද හොඳ නැත.

:       3       66

dnh Friday, 23 June 2017 08:55 AM

මෙහෙම අයට නිසි දඬුවම් දෙන්න වෙනවා කියන එකයි මගේ අදහස...

:       2       149

lusena Friday, 23 June 2017 09:09 AM

ශිෂ්‍යභාවය අහෝසිකර දැමිය යුතුය. සරසවි තුළ සියලුම සංවිධාන තහනම් කල යුතුය. මොවුන් නිසා ලංකාවේ උසස් අධ්‍යාපනය ලිං මැඩි තත්වයට තල්ලු කිරීමට පත්වනු ඇත.

:       2       185

Roshan Friday, 23 June 2017 09:09 AM

මේ අන්තරේ කියන්නේ කැම්පස් වනසන කණ්ඩායමක්... මේගොල්ලෝ කරන විකාර විරෝධතා නිසා මහජනතාව හෙම්බත් වෙලා ඉන්නේ... මොහු සහ ගෝලයෝ සේරම ඇතුඅළට දැම්මා නම් ඉවරයි. ඇප දෙන්න එපා. රටක් මේ විදියට කොහොමද ඉස්සරහට යන්නේ?

:       1       207

dilan Friday, 23 June 2017 09:16 AM

රටටම පිළිලයක් වෙලානේ..... අවුරුදු 2 කට හා 3 කට ඇතුළට ගියා නම් හරි...

:       101       223

Sampath Friday, 23 June 2017 09:45 AM

සුළුතරයකගේ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා සමස්ත ශිෂ්‍ය පරපුරම හෑල්ලුවට ලක්වෙමින් පවතී. දෙමව්පියන් වේලක් හැර වේලක් කමින් මොවුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් නොවිඳිනා දුක් ගැහැට විඳීයි. නමුත් තම දරුවන් එම දුක් ගැහැටවලට කෘතගුණ සලකන්නේ පාරවල් ගාණේ රස්තියාදු වෙමින් තමාගේ අධ්‍යාපනය ලැබීමේ කාලය නාස්ති කරමින් හා ලෙක්චර්ස් කට් කරමිනි. එපමණක් නොව තම දෙමව්පියන් නොකඩා හැදූ තම අත පය පොලීසිය ලවා කඩා ගනිමිනි. එහෙත් මෙම උගත් ශිෂ්‍යයන් උජාරුවෙන් පවසන්නේ මෙය අනාගත පරපුර වෙනුවෙන් බවයි. එකක් පැහැදිලියි. තමන්ගේ සහ තම අසරණ දෙමව්පියන්ගේ අනාගතය ගැන නොසිතන අයගේ අනාගතය ගැන සිතීම හාස්‍යයකි..

:       169       210

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අඟහරු ගවේෂණ ආදර්ශ මෙහෙයුමට ලාංකික කතක්
2024 අප්‍රේල් මස 18 18 0

ඇමෙරිකාවේ හියුස්ටන් නගරයේ පිහිටි නාසා ආයතනයේ ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පැවැත්වෙන අඟහරු ගවේෂණයේ කිරීමේ ආදර්ශ මෙහෙයුමකට සහභාගී වීමට ශ්‍රී ලංකා


සජබ බෙලිඅත්තේ ලොකු අත්තක් එජාපයට
2024 අප්‍රේල් මස 18 543 0

සමගි ජන බලවේගයේ බෙලිඅත්ත ආසන සංවිධායක වෛද්‍ය ප්‍රවීන් රුවින්ද අතපත්තු මහතා අද(18) එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය.


කෘමියෙක් නිසා ජීවිතයක් අහිමිවෙයි
2024 අප්‍රේල් මස 18 230 0

යාපනය නගරයේ පදිංචි පුද්ගලයෙකුට කෘමියෙකු දෂ්ඨ කිරීමෙන් පසු ඇති වූ රෝගී තත්ත්වයකින් පසු මිය ගොස් ඇතැයි යාපනය පොලීසිය පවසයි.


සමාජ මාධ්‍ය පනතේ පළමු නඩුව නීතීඥ සංගමයේ නිරීක්ෂණයට
2024 අප්‍රේල් මස 18 252 0

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතාගේ පුද්ගලික තොරතුරු අන්තර්ජාලයට මුදා හැරීම හා ප්‍රචාරණය කිරීම වළක්වමින් ඔහුගේ


අන්තිම නැකතේ- පැලයක් සිටුවේ
2024 අප්‍රේල් මස 18 131 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නැකත් සීට්ටුවේ අවසන් අවුරුදු නැකත වශයෙන් යෙදුණු පැල රෝපණය කිරීමේ සමාරම්භක අවස්ථාව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය ම


කාන්තා ක්‍රිකට් පිලෙන් ලෝක වාර්තාවක්
2024 අප්‍රේල් මස 18 736 0

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව දකුණු අප්‍රිකාවේදී පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් තර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 196 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1481 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1396 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site