IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


අන්තර්ජාලය ඔස්සේ බිළිඳුන් 30 ක් විකුණලා

(මහේෂ් කීර්තිරත්න සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ) 


බිලිඳු දරුවන් අලෙවි කිරීමේ ජාවාරමක යෙදුණු පුද්ගලයකු සැකපිට මාතලේ උකුවෙලදි අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.පොලිස් ළමා හා කාන්තා කාර්යංශය මගින් දීර්ඝ කාලයක් තිස්සේ සිදු කරන විමර්ශනයකින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
 
අත්අඩංගුවට ගත් සැකකරු 47 හැවිරිදි අයෙකි.
 
‍වෙළද දැන්වීම් අන්තර්ජාලය හරහා මුදාහරිමින් සැකකරු විසින් මෙම ජාවාරමවේ නිරත වී ඇති අතර ‍මෙම ජාවාරම මොරටුවේ ප්‍රදේශයේදි ස්ථාන දෙකකදි සිදු කර ඇත.මෙම පුද්ගලයා විසින් දරුවන් 30 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට විකුණා ඇති බවද අනාවරණය වී තිබේ.
 
විදෙස් රටවල බේබි ෆාම් යනුවෙන් මෙම කුඩා දරුවන් විකිණීමේ ජාවාරමේ හදුන්වන බවද, මෙයට සම්බන්ධ ගැබිනි කාන්තාවන් 12 දෙනෙකු සොයා ගත් බවද පොලිසිය කියයි.

 විවිධ අතවරයන්ට පත්වු කිසිදු පිළිසරණක් නොමැති කාන්තාවන් මෙම පුද්ගලයා විසින් රැගෙන ගොස් නේවාසිකව ස්ථානයක රදවා තෙවැනි පාර්ශවයකට විකුණන බවද පොලිසිය කියයි.
 
සැකකරු  මොරටුව මහේස්ත්‍රාත් අධීකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (4)

අන්තර්ජාලය ඔස්සේ බිළිඳුන් 30 ක් විකුණලා

vikum Tuesday, 22 December 2020 05:34 PM

එන්න එන්නම රට මහා භයානක උවදුරක තියෙන්නේ.. පුදුමය එක්කෝ පාලකයින් මේක තේරුම් ගත යුතුයි... නැතිනම් ජනතාව විදියට අපි වඩාත්ම නිවැරදි පාලකයින් පත්කරගත යුතුයි.

:       0       0

නුවන් Tuesday, 22 December 2020 06:28 PM

මේක ඉරිසියා කාරයින් කරපු බොරු චෝදනාවක්... මේ මහත්මයා කලේ සමාජ සේවාවක්.... අසරණ වෙලා කාගේවත් පිළිසරණක් නැතිව උන්නු අම්මලාට සහ යම්යම් කරුණු මත හේතු ඇතිව නැතිව මරලා දාන්න කානු පල්ලේ දාන්න හිටපු මේ අහින්සක දරුවන්ට ‍රැකවරණයක්. ජීවිතයක් ලබා දුන්න එක වරදක් නොවේ. දැන් අනාගතයේ කානු පල්ලේ ගස් ගල් යට දරුවො මරලා කියලා කියන්න පුළුවන්... මේ අම්මලා විකල්ප නැති වෙන කොට ජීවිතේ නැති කර ගන්න කොට අනේ හපොයි කියන්න ලෑස්ති වෙන්න...

:       0       0

Raveendra Tuesday, 22 December 2020 06:43 PM

මේක හොරෙන් කරපු වැඩක් නෙමෙයි. එළිපිට සමාජ මාධ්‍යවල ලොකු ප්‍රචාරණයක් දීලා කරපු දෙයක්. පුවත්පත්වල පවා ගියා. මෙච්චර කල් උඩ බලන් හිටිය බලධාරින් සහ නිලධාරින් ගැනයි මට නම් පුදුමේ. ලොකු ලොකු අයගේ පොටෝ දාගෙන කරද්දි මිනිස්සුත් දෙවියෙක් කියලා පින් දිදී උන්නත් අපි නම් දැක්කා.

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 23 December 2020 02:19 AM

මේ සම්බන්ධයෙන් රූපවාහිනී නාලිකාවක අජිත් රෝහණ මහතා අදහස් දක්වනු පෙණුනා. අත්අඩංගුවට ගත් සැකකරු පවතින නීතිය අනුව වරදක් කොට ඇති. ඒත්, රටක නීති පද්ධතියකින් පමණක් සියල්ල විසඳිය හැකි නොවේ. මේ රටේ මෙවැනි දේ ගැන වීරයන් සේ, මහා දැනමුත්තන් සේ, නාලිකා ඉදිරියේ රඟපාන බොහෝ දෙනා මේ වැනි සමාජීය ප්‍රශ්න දෙස සානුකම්පික ආකාරයකින් බලනු නොපෙනේ. යල්පැන ගිය නීති සංශෝධනය කොට ඒ වෙනුවට කාලයට ඔබින නීති ගෙනා යුතුය. මේ සැකකරුගේ වැඩපිළිවෙළ ගැන සොයා බලා ඔහු දරුවන් කිසියම් වැරදි දේ සඳහා ලබාදී ඇත්දැයි විමසිය යුතුයි. එසේම මේ වැඩපිළිවෙලින් දරුවන්ට යහපතක් වන්නේ නම්, එය රජයේ මැදිහත්වීමෙන් නිසි අයුරු ක්‍රියාත්මක විය යුතුය. මන්දයත්, කෙසෙල් ගස් යට පණපිටින් මිහිදන් වෙනවාට වඩා එම දරුවන්ට ආදරය කරන මවුපියන් හමුවීම වැදගත් වෙන බැවිනි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 127 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 269 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1154 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 151 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 352 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 325 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site