IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


අන්තරය අලුත් තීරණයට එකඟ නෑ

නිමල කොඩිතුවක්කු
 
සයිටම් සිසුන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුලත් කර ගැනීමට රජය ගෙන ඇති තීරණය පිළිබඳ සෑහීමකට පත් නොවන බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ වැඩබලන  කැඳවුම්කරු මංගල මද්දුමගේ මහතා පැවසීය.
 

සයිටම් අහොසි කරන ගැසට් පත‍්‍රය නිකුත් කිරිම ඇතුලූ කොන්දේසි ඉටුකරන තෙක් සයිටම් විරෝධතාවය අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවත් ඔහු කියා සිටියේය.
 
කොල්ලූපිටිය ප‍්‍රදේශයේ පිහිටි ලංකා වෙළඳ, කාර්මික සහ පොදු කම්කරු සංගමයේ පැවති මාධ්‍ය හමුවකට අද (22)  එක්වෙමින් හෙතෙම  මේ බව පැවසීය.



අදහස් (17)

අන්තරය අලුත් තීරණයට එකඟ නෑ

පසිඳු Thursday, 22 February 2018 12:05 PM

මෙයාලා එකඟ වෙන්න ඉතින් ලංකාවේ තියෙන ඔක්කොම ප්‍රයිවට් කැම්පස් ටික ඩෝසර් කරලා පොළොවට සමතලා කරන්න ඕනෑ. ඒත් එකඟ වෙන එකක් නෑ සමහරවිට. "ප්‍රයිවට් කැම්පස් වල දූවිලිත් ඉවත් කරවු!" කියාවි.

:       0       0

kapila Thursday, 22 February 2018 12:14 PM

මේ අයව ඔඩොක්කුවේ දාගෙන නලවපු නිසා තමයි ආණ්ඩුව පහු ගිය ඡන්දෙන් පැරදුනේ. පන්ති තහනම් කරලා, සිරාවටම මේ අයව මාසයක් ගෙදර තිබ්බහම, මේ අසනීප ඔක්කොම හොඳවෙලා ආයිමත් ඉගෙන ගන්න එයි.

:       0       0

Ashan Thursday, 22 February 2018 12:24 PM

මෙයාලා කිසි දෙයකට එකඟ වෙන්නේ නැහැ. රජය රටෙහි තීරණ ගත යුතුයි. මෙයාලා සිසුන් හැටියට ඉගෙනීම කල යුතුයි. වෙන රටවල වගේ විභාග සමත් නොවෙන අය ගෙදර යැවිය යුතුයි.

:       0       0

indi Thursday, 22 February 2018 01:11 PM

මේ අයට රට පාලනය දීල පාර්ලිමේන්තුවේ කට්ටිය ගෙදර යන්න.

:       0       0

Muhan Thursday, 22 February 2018 01:21 PM

දැන් මේ රට පාලනය කරන්නේ ශිෂ්‍ය සංගම් ,හොරු . රජයේ මොන ක්‍රියාවකට හරි මේගොල්ලෝ කැගැහුවාම බයවෙනවා . දවසින් දවස , පැයෙන් පැයට තීරණ වෙනස් කරනවා .අනේ අපේ රටට ගිය කලක් .

:       0       0

Kamal Thursday, 22 February 2018 01:59 PM

බබෝ ඔයාලාට බයේ නෙවේ, ආණ්ඩුව විසඳුම් දෙන්නේ, දොස්තරලට බයේ විතරයි.

:       0       0

සුමිත් Thursday, 22 February 2018 03:06 PM

ඌරගේ මාලූ ඌරගේ ඇගේ තියාම කැපීම...අන්තරේ දැන් සැපද

:       0       0

Sanath Thursday, 22 February 2018 03:52 PM

අන්තරේ පාලනය කරන්නේ මානසික විකුර්තිතාවයෙන් පෙලෙන ලෙඩ්ඩු කිහිපදෙනෙක් නිසා රජය ඔවුගේ මතය නොසකාහැරිය යුතුයි.

:       0       0

Silva Thursday, 22 February 2018 04:48 PM

විරෝධතාවය අඛණ්ඩව ඉදිරියට ගෙන යන්න. ඔයාලගේ කාලය තමයි නාස්තිවෙන්නේ. මහපොළ නවත්ත්වන්න ඕන මෙයාලගේ.

:       0       0

ශමිල් Thursday, 22 February 2018 05:17 PM

ඉස්සෙල්ලා ම සයිටම් සිසුන්ට සාධාරනය ඉටු කරන්න ... ගිය සැරේත් මෙයාලාගේ පොරොන්දු ඉටු කලාට දෙසැම්බර් 31 තීරණය දුන්නෙ නෑනේ ... මෙයාලා කියන ඕනෑම දෙයක් කරන්න සයිටම් සිසුන් ට සාධාරනය ඉටු කරලා.

:       0       0

raawanaa Thursday, 22 February 2018 05:28 PM

සයිටම් පටන් ගන්න කාලේ කොහෙද හිටියේ? මොන දේටද කැමති උනේ ?

:       0       0

Mahee Friday, 23 February 2018 01:42 AM

අන්න හරි, මොකකටවත් එකඟ වෙන්න නම් එපා. පුළුවන් තරම් විරෝධතා පවත්වන්න. කොල්ලො කෙල්ලො මහ පාරෙම තියන්න.

:       0       0

රවින් Friday, 23 February 2018 01:58 AM

ළමයිනේ !! විශ්ව විද්‍යාලය කියන්නේ ඉගෙනීමට මුල්තැනදී කටයුතු කලයුතු තැනක් මිස දෙසපාලුවන්ගේ බෙර පදයට මුල්තැනදී නටන තැනක් නොවේ. අද දේශපාලුවන් පිස්සුවලට හෙට ඔබලා වන්දි ගෙවන්න වෙනබව කවුරුත් අවිවාදයෙන් පිළිගන්නා කරුණක්. එනමුත් ඔබලාගේ අධ්‍යාපන කටයුතු ඉක්මනින් අවසන්කර ඉන්පසු ඔබලාගේ අදහස් උදහස් වල මල්පල ගන්වන්නේ නම් දෙමවුපියන්ගේ හිත් වලට සැනසිල්ලක් ලැබෙනු ඇත.

:       0       61

අරුන Friday, 23 February 2018 04:49 AM

මේ අයට ඕනි අවංකවම ප්‍රශ්න විසඳ ගන්න නෙමෙයි . ප්‍රශ්න තියාගෙන මේ ගොල්ලන්ගෙ දෙශපාලනය කරන්න. මොකද ප්‍රශ්න නැතිනම් මෙ අයට පැවැත්මක් නැහැ .

:       1       91

sampath Friday, 23 February 2018 07:38 AM

කරන්න පුළුවන් ප්‍රයෝගික විසදුමක් දෙන්නකෝ බලන්න. එහෙමනම් හැබැයි ඒක මහපොළවේ කල හැකි පවතින නීතියට අනුකුල වන සහ බහුතරයක් පිළිගන්න විසදුමක්.

:       0       0

athula Friday, 23 February 2018 07:38 AM

නිකම් මොලෙන් ගහන විසදුම් නෙමෙයි කොලේ වහල ගහන ඒවාට ඔය දරුවෝ රවටන්න බැහැ ඔය සමහරු හිතන් ඉන්නේ මෙම දරුවෝ පාරේ දහදුක් විදිමින් පෙළ පාලි යන්නේ ඇගේ අමාරුවට කියල එක දවසක් නිකම් තනිවම පයින් ගිහින් බැලුවනම් තේරේවි අමාරුව

:       0       0

Bamunuarachchi Friday, 23 February 2018 12:59 PM

අන්තරයට බම්බු ගහගන්න කියලා... ආණ්ඩුවට තමන්ගේ වැඩ ටික කරගෙන යන්න බැරිද?

:       0       16

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘අයි පොප්’ ගායක තණ්ඩායමක් කරළියට
2024 අප්‍රේල් මස 16 20 0

ජපානයේ ‘ජේ පොප්’ සහ කොරියාවේ ‘කේ පොප්’ සංගීත කණ්ඩායම්වලට නොදෙවැනි අයුරින්, ඉන්දියාවෙන් ‘අයි පොප්’ සංගීත කණ්ඩායමක් ගීත ලොවට පිවිස සිටින බව විදෙස් මාධ


හක්මන ඝාතනයට අයෙක් සැකපිට
2024 අප්‍රේල් මස 16 70 0

හක්මන කෝංගල මධ්‍යම ප්‍රදේශයේදී ඉකුත් දහහතර වැනි දින රාත්‍රී තියුණු ආයුධයකින් පහරදී තරුණයකු ඝාතනය කර සැගව සිට පලායමින් සිටි සැකකරු ඊයේ (15) දින සවස කිරින


ඉරාන න්‍යෂ්ටික බලාගාරවගට පහර දීමේ සූදානමක්
2024 අප්‍රේල් මස 16 535 0

ඉරානයෙන් එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඊශ්‍රායලය, ඉරානයේ න්‍යෂ්ටික බලශක්ති බලාගාර ඉලක්ක කර ගනිමින් ප්‍රති ප්‍රහාර එල්ල


රත්මලානේ කාමරයක ඝාතනයක්
2024 අප්‍රේල් මස 16 174 0

රත්මලාන බොරුපන සමගි මාවත කාමරයක් තුළදී පුද්ගලයකු තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි.


ලෝකයේ රසම අන්නාසි ලංකාවට ගේන්න අවසර ඉල්ලයි
2024 අප්‍රේල් මස 16 505 0

ලෝකයේ ජනප්‍රියම අන්නාසි ප්‍රභේදයක් වන MD 2 හෙවත් Super Sweet pine apple (Ananas Comosus) අන්නාසි ප්‍රභේදය ශ්‍රී ලංකාවේ වගාව සඳහා කඩිනමින් නිර්දේශ දෙන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර


ඇමති චාමරගේ වාහනය ගිනි ගනී
2024 අප්‍රේල් මස 16 929 0

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ගමන් ගත් වහනය අද 16 අලුයම බණ්ඩාරවෙල හල්පේ ප්‍රදේශයේදී ඇතිවූ හදිසි ගින්නකින් විනාශ වී ඇතැයි ද ඇමතිවරයාට හෝ එහි රි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 135 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1410 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1343 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site