ප්‍රින්ස් රත්නායක
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමති මොහාන් ලාල් ග්‍රේරු මහතා සමග අද පැවති සාකච්ඡාව ද අසාර්ථකවූ බව විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ මහතා පැවසීය.
දින 23 ක් ඉක්මවා ඇති විශ්විද්‍යාල අනධ්‍යන සේවක වර්ජනය සම්බන්ධයෙන් සේවක හඞට රජයේ පාර්ශ්වයෙන් කිසිදු සාධනීය ප්‍රතිචාරයක් නොමැති බවත් අද පැවති සාකච්ඡාවේදී ද එකඟතාවයකට පැමිණිය නොහැකි වු බවත් වර්ජනය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව සම සභාපතිවරයා පැවසීය.
විශ්වවිද්‍යාල 15 ක සියලු කටයුතු මේ වන විට අකර්මන්‍යව පවතින අතර අසූ දහසකට අධික සිසු පිරිසකට සිය අධ්‍යාපන කටයුතු සති තුනකට වැඩි කාලයක් අතරමග නවතා නිවෙස්වල ගතකිරීමට සිදුව ඇත.
මේ අතර සමස්ත විශ්වවිද්‍යාල විධායක ශ්‍රේණි නිලධාරී සංගමයද අනධ්‍යන සේවක ඉල්ලීම්වලට සහාය දක්වමින් 22,23 දිනයන් හි සංකේත වැඩවර්ජනයක් දියත් කර ඇති අතර 26 වැනිදා වන විට මෙය සමථයකට පත් නොවන්නේ නම් අඛණ්ඩ වර්ජනයකට පිවිසෙන බව එම සංගමයේ ලේකම් දයාල් අබේසිංහ මහතා පැවසීය.
මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ
බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ
අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත
ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ
පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස
කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
අනධ්‍යන සේවක සාකච්ඡා අසාර්ථකයි - වර්ජනය දිගටම
Romesh Jayamanna Thursday, 22 March 2018 02:54 PM
ඔවුන්ගේ ඉල්ලීම් සඳහා රජය එකඟ නොවනු ඇත. මෝඩ සමිති නායකයින් අහිංසක සේවකයන්, ශිෂ්‍යයින් කරදරවලට පත්කරණ අතර රජයේ ව්‍යකුලත්ව වටහා නොගනිති. මෙයින් වෙන්නේ අනාගැනිමකි. රජයට සල්ලි නැති බව හැමෝම දන්නා අතර දේශපාලකයෝ පිස්සු කෙළිති. රජයේ සේවකයත් පිස්සු කෙළිති. මෙහමත් රටක්. රටකට පාලකයෙක් නැති හැටි.
වාසනා Friday, 23 March 2018 03:09 AM
මස්රාත්තලම ඉල්ලන ෂයිලොක්ලා.ආචාර්යවරුන්ට දෙන දීමනාවක් මෙයාලටත් දෙන්න කියලලු කියන්නෙ. කොච්චර දුන්නත් මෙයාලට මදි. හුඟදෙනෙක්රු පියල් දෙතුන්දාහට විශ්ව විද්‍යාලවල නිලනිවාසවල නැවතිලා, ඒවයෙත් හොරෙන් බෝඩිං දාලා ළමයි නවත්තගෙන ගසා කනවා. විශ්ව විද්‍යාල වත්තේ, පිටියේ තියෙන අලිගැටපේර, අඹ, කෙසෙල් කඩලා විකුණනවා. දවල් කෑම පැයේදීත් පනින්න පුළුවන් හැම වෙලාවේමත් රාජකාරියෙන් බැහැර වෙලා ත්‍රීවීල් තියාගෙන හයර් දුවනවා. දෙපාර්තමේන්තුවල, කාර්යාලවල අල්පෙනිත්තේ කඩදාසියේ සිට පන්නන්න පුළුවන් සියලුම දේ ගෙදර ගෙනියනවා. කොච්චරවත් පෝන් එකට ඇන ඇන ඉන්නවා මිස වැඩ නෑ. ලොකුකම නම් උපකුලපතිටත් එහා. සමහර අය හොරෙන් කෝල් දීලා ආචාර්ය මහාචාර්යවරු වගේ තමන්ගේ වැඩ නෑදෑයන්ගේ වැඩ කරවා ගන්නවා රජයේ ආයතනවලින්... ඉස්සර මෙයාලට කිව්වේ මයිනර් ස්ටාෆ් කියලා. ඒකටත් ස්ට්‍රයික් කලා නම්බු මදි කියලා. මෑතකදි තමයි අනධ්‍යයන කාර්ය මණ්ඩලය කියලා කියවා ගන්න පටන්ගත්තෙ. අවංක අය ටික දෙනෙක් ඉන්නවා. මේ කියන්නෙ බහුතරය ගැන. හැබැයි ගොම තලිය ලොකුයි කිරි බිංදුවට වඩා.
Janith Friday, 23 March 2018 04:02 AM
හැමදාම ඔබලාව රවට්ටන එක ආණ්ඩුවේ තවත් උප්පරවැට්ටියක්. ඒක නිසා මේ ගමන නම් ඉල්ලීම් දිනා ගෙන මිසක් ඔබලාගේ ක්‍රියා මාර්ග අත් හරින්න එපා. ඔබලාට ජය.
Jayathissa Friday, 23 March 2018 10:03 AM
අනධ්‍යයන කාර්යය මණ්ඩලයක් කියන්නේ අතපග්ගෙන් වැටුණ හිඟන්නන් පිරිසක් නෙවෙයි....... උගත් උපාධිධාරී බොහෝ පිරිසක් ඒ අතර ඉන්නවා....ඒ අයත් කරන්නේ සේවයක්.....ඒ නිසා කුහක මානසිකත්වයෙන් කොන් කරන්න එපා....