(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
දිවුලපිටිය මීරිගම මාර්ගයේ බාඳුරාගොඩ ප්‍රදේශයේදී පාරෙන් ඉවතට පැන්න ටිපර් රියක් අධිබල විදුලි රැහැන් කණුවක ගැටී නතරව තිබියදී එම අනතුරෙන් පැයකට පමණ පසුව එම මාර්ගයේ මීරිගම දෙසට ගමන් ගත් යතුරු පැදියක් ටිපර් රියේ ගැටීමෙන් යතුරු පැදිකරු මරණයට පත්ව ඇතැයි පල්ලෙවෙල පොලිසිය කියයි.
අදු (17) අලුයම සිදුවූ මෙම අනතුරෙන් මියගියේ දූනගහ කෙහෙල්ඇල්ලේ පදිංචිව සිටි පශූ සම්පත් දෙපාර්තමේන්තුවේ රියදුරකු වූ ටී.පී. තුෂාර චම්පික 44 හැවිරිදි එක්දරු පියෙකි.
මීරිගම දෙසට ගමන් කළ ටිපර් රිය එදින අළුයම 4.00 ට පමණ පාරෙන් ඉවතට පැන විදුලි කණුවේ ගැටී ඇත. එම අනතුරත් සමග අධිබල විදුලි රැහැන් කැඩී විදුලිය විසන්ධිවීම නිසා මහත් විනාශයක්වීම වැළකී ඇතැයි පොලිසිය කියයි. එහි රියදුරා රෝහල්ගත කර ඇත.
යතුරුපැදිය ටිපර් රියේ පිටුපස දකුණු පස රෝද යුගලය අසල ගැටී හිරවී සිටියදී සුවසැරිය ගිලන් රියක් මගින් තුවාලකරු දිවුලප්ටිය දිසා රෝහලට ඇතුළත් කර ඇතත් එහිදි මියගොස් ඇති බව හෙළිවී ඇත. යතුරු පැදියේ ඉදිරි පස කොටස දැඩිසේ හානි සිදුවී තිබිණි. මියගිය අය ඔහු සේවය කරන පශූ සම්පත් දෙපාර්තමේන්තුවේ වෛද්‍යවරයාගේ නිවස බලා ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇතැයි අනාවරණය වී ඇත.
මියගිය අයගේ මරණ පරීක්ෂණය හදිසි මරණ පරීක්ෂක ඒ. ඉන්ද්‍ර කුමාර මහතා ඉදිරියේ දිවුලපිටිය දිසා රෝහලේදී පැවැත්විණි. දිවුලපිටිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි හේමන්ත අල්විස් මහතා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීය.
මෙම අනතුරු නිසා පොත්තෙවෙල, බාඳුරාගොඩ, වත්තෙමුල්ල, උල්ලලපොල, හිරිකුළුව, ජයකොඞ්පුර, ගස්පේ, ඇතුලු පෙදෙස් ගණනාවක විදුලිය විසන්ධිව පවතින බව ලංකා විදුලි බල මණ්ඩලය විදුලි පාරිභෝගිකයනට අද (17) උදෑසන දැනුම් දෙනු ලැබීය. පැය අටක පමණ කාලයක් මෙසේ විදුලිය විසන්ධිව පැවතිණි. අනතුර නිසා විදුලි බල මණ්ඩලයට සිදුවූ හානිය රුපියල් ලක්ෂ දෙකක් පමණ වනු ඇති බව ද මණ්ඩලයේ ප්‍රකාශකයෙක් සදහන් කළේය. විදුලි රැහැන් අලුත්වැඩියා කටයුතු නිසා දිවුලපිටිය මීරිගම මාර්ගයේ වාහන ගමනාගමනයට වරින්වර බාධා පැමිණියේය.
ඕමාන මුහුදේදී අනතුරට පත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක සිටි ශ්‍රී ලාංකික නාවිකයන් 21 දෙනකු බේරා ගැනීමට ඉරාන හදිසි සේවා සමත් වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.
පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන බවට කළ පොරොන්දුවකින් එක වාර්තාවක් අතපුච්චාගත් බවත් බලයට පැමිණි පසු පාස්කු දින ත්‍රස්ත ප්‍රහ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම
සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දනය කිරීම සදහා පොලිස් නිලධාරීන් 100 ක් පොලිස් විශේෂ කාර්ය බළකාය යටතේ පුහුණුවීම් සිදුකරමින් පවතින බව පොලිස් මූලස්ථානය පවසය
අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු මෙන්ම මානවහිතවාදී දේශපාලනඥයකු වූ පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්
ඥානාර්ථ ප්‍රදීපය කතෝලික පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරිල් ගාමිණී පියතුමා අනිද්දා(19) පෙරවරු 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබේ.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
අනතුරට පත් ටිපර් රියේ ගැටී යතුරුපැදිකරු මරුට
ajith Saturday, 17 August 2019 09:56 AM
මේ හා සමාන අනතුරුවලින් ලංකාවේ ගොඩාක් ජීවිත අහිමිවෙනවා. අඩුම ගානේ බර වාහන වලටවත් පිටුපස ස්ටිකර් එක ඇලවීම අනිවාර්ය කරනවා නම් මේ මාරක අනතුරු නවත්වා ගන්න පුළුවන්.
සුජිත්Sunday, 18 August 2019 01:50 AM
මඟ හොඳට පෙනේ නම්. කිම බැදිවල යන්නේ මංමුලා වූ එකෙකු සේ කිව්වලුනේ. ඉදිරියේ අනතුරට පත්ව ඇති ටිපර් රථය නොදැක්කේ.... මේ යතුරු පැදියේ ලාම්පු නොතිබූ නිසාද? එසේ නැත්නම් හෙල්මටය අස්සේ ගසාගත් සෙල්ෆෝනයෙන් කථාකරමින් ගිය නිසාද... කියා සිතෙනවා. මෙවැනි කෙනෙකුට වල්අලියෙක් පාරේ සිටියත් පේන්නේ නැතිවෙන්න පුළුවන්. කල්පනාවක් නොමැතිව මෙසේ යන අයට ස්ටිකර ගැසුවා කියා හරියාවිද?
AkilaSunday, 18 August 2019 02:47 AM
මේ ටිපර් ඇතුළු බර වාහනවලට බලපාන ගොඩක් නීති අලුතින් ගෙන්න වෙනවා. මොකද ඒ ගොල්ලෝ තමයි මහමග ගොඩක් ජීවිත නැතිකරන්නේ..., පාරේ යන බයිසිකල්, පයින් යන අය පාර පනින සතෙක් ගැන ඒ ගොල්ලෝ කිසිම දවසක තැකීමක් කරන්නේ නැහැ... දවසක් දැක්කා පාරේ එළුවෝ රංචුවක් සිටින නිසා අනික් රියැදුරන් නවත්තගෙන සිටිද්දී ටිපර් රථ රියදුරෙක් අාපු වේගෙන්ම අයිනෙන් දාලා යන්න හදලා එතැන හිටපු යතුරුපැදි කරුවෙක්ව යටකළා.
MD Saturday, 17 August 2019 01:01 PM
ටිපර් සඳහා අනිවාර්ය වේග සීමාවක්, කාලසටහනක් පනවන්න. දිනපතා මෙහෙම මිනිසුන් මැරෙන තුරු රජයක් මෙලෙස නිහඬව සිටින්නේ කෙසේද? මොන අපරාදයක්ද? මේවා ප්‍රමාදකර රටේ පාලකයින් කරගන්න පව් කන්දරාව කෙසේ ගෙවා නිමකරන්නද?
සෙනෙවිරත්න Saturday, 17 August 2019 01:05 PM
බොහෝ වාහනවල පසුපස ලාම්පුවක් නැත. නවීනතම ස්කූටර්වල පවා පසුපස බල්බ් නොදැල්වේ. පදින්නන් එය නොදන්නවා විය හැක. තමන් විශාල අනතුරකට ලක්වන බව මොවුන් නොදනී. ත්‍රීවිල් බොහොමයක පසුපස ලාම්පුනැත. පොලිසියට මේවා නොපෙනෙන්නේ පසුපස බැවිනි.
ධම්ම Saturday, 17 August 2019 02:43 PM
පොදුවේ මහපාරේ රිය පදවන සියලුම දෙනා හැකි ඉක්මණින් මේ යතුරුපැදිකරු ගිය මගේ යන්න හදනවාදැයි විටෙක මට සිතේ. ඒ තරම් හදිස්සියක් ඔවුන්ට ඇත්තේ...
shan Saturday, 17 August 2019 03:15 PM
ලංකාවේ මිනිස්සු මොන ස්ටිකර් ගැහුවත් ගිහින් හප්පා ගන්නවා. දවල්ට පෙනී පෙනී ගිහින් හප්පා ගන්න හැටියට රාත්‍රියට මොන කතාද? රටේ මාර්ග නීති දැඩි නොකිරීම හා රියදුරන්ගේ නොමනා හැසිරීම් නිසා මේ සියල්ල සිදුවන්නේ රටේ නීති දේශපාලනයට යට වෙලානේ... මේ සියල්ල නුගත් පාලකයන් රට පාලනය කිරීම නිසයි.