IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


අධිවේගයේ ආදායම අධිවේගයෙන් ඉහළට

(යොහාන් භාසුර සහ මුදිතා දයානන්ද)

ශ‍්‍රී ලංකාවේ සමස්ත අධිවේගී මාර්ග පද්ධතියේ පසුගිය 8 වැනිදා සිට 14 වැනිදා දක්වා දින හත තුළ රුපියල් කෝටි 21 කට (රුපියල් මිලියන 210.33) අධික ආදායමක් උපයා ඇතැයි අධිවේගී මාර්ග මෙහෙයුම්, නඩත්තු සහ කළමණාකරණ වැඩබලන අධ්‍යක්‍ෂ නිහාල් ලොඩිවික් මහතා පැවසීය.

දිනක ඉහළතම ආදායම ලෙස පසුගිය 10 වැනිදා රුපියල් කෝටි හතරකට ආසන්න ආදායමක් ලැබී ඇති බවත් පසුගිය 13 වැනිදා ලැබුණු රුපියල් කෝ්ටි දෙකකට ආසන්න ආදායමක් ලැබී ඇති අතර එම දින හත තුළදී දිනක අඩුම ආදායම එය බවත් නිහාල් ලොඩිවික් මහතා පැවසීය.

වැඩිම ආදායම ඉපයූ පසුගිය 10 වැනි දා වාහන 141,187 ක් අධිවේගී මාර්ග පද්ධතියේ ධාවනය වී ඇති බවත් අඩුම ආදායම ලැබූ 13 වැනිදා වාහන 64,937 ක් පමණක් ධාවනය කර ඇති නිහාල් ලොඩිවික් මහතා පැවැසීය.

සිංහල සහ දමිල අලූත් අවුරුදු සතිය ආරම්භ වූ පසුගිය 8 වැනිදා සිට 11 වැනිදා දක්වා රුපියල් කෝටි 14 කට ආසන්න ආදායමක් ලැබී තිබේ.

සිංහල හා දමිල අලූත් අවුරුද්ද වෙනුවෙන් ජනතාව සිය ගම් බලා යාම සහ විනෝද චාරිකා සඳහා අධිවේගී මාර්ග යොදා ගැනීම මෙම ආදායම වැඩි වීමට හේතුව බව ලොඩිවික් මහතා කීය.

දක්‍ෂිණ අධිවේගී මාර්ගය, කොළඹ සහ කටුනායක අධිවේගී මාර්ගය, සහ පිටත වටරවුම් අධිවේගී මාර්ගය සමස්ත අධිවේගී මාර්ග පද්ධතියට ඇතුළත් වේ.

 



අදහස් (4)

අධිවේගයේ ආදායම අධිවේගයෙන් ඉහළට

Bamunuarachchi Friday, 16 April 2021 02:24 AM

උත්සව කාලෙට ඔහොම වෙනවා. අධිවේගී පාරේ යනගමන් මේවා හදන්න රට ණයකලා කියලා ජෙප්පෝ බැන බැන යනවා.

:       5       5

Raveendra Friday, 16 April 2021 03:55 AM

එක දිගට මාසයක් විතර අවුරුදු කාපල්ල කියලා කියයිද දන්නේ නෑ.

:       1       6

Nuwan Friday, 16 April 2021 05:26 AM

රටේ සල්ලි එක තැනකට ගොඩ ගැහැව්වාම එක රටකට ආදායමක් වෙන්නේ නැහැ. පිට රටින් ආයෝජන අපනයනය වගේ ඒවා තමයි ආදායම් ගනයට වැටෙන්නේ

:       1       4

BamunuarachchiSaturday, 17 April 2021 05:19 AM

ඔබ ඔය කතා කරන්නේ ලෝකයම කෝවිඩ් වලින් වැටිලා, රටවල් අතර ගනුදෙණු අඩපණ වෙලා කියලා දැනගෙන නොවෙයිද? අනික රජයේ සේවකයින්ට වැටුප් ගෙවන්න වාහන තිබෙන මිනිස්සු ගාවට ගිහිල්ලා අනේ රුපියල් 300, 350, 400, දෙන්න කියා ඉල්ලන්නද කියන්නේ? මෙන්න රටේ අනිකුත් වැඩවලට මුදල් ලබා ගන්නා ක්‍රමය... මෙයටයි මුදල් සංසරණය වෙනවා කියන්නේ... රජයක් රුපියල්වලින් දෙනු කරන්න ගනු කරන්නේ මෙහෙමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 103 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 301 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 61 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 64 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 583 0


වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 3326 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site