IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


අධිකරණ‍ය බාරයේ තිබූ මුදල් අතුරුදන්

(හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු)
    
හලාවත මහේස්ත්‍රාත් හා  දිසා අධිකරණ‍ය බාරයේ රඳවා තබා තිබු දේශීය හා විදේශීය මුදල් තොගයක් අතුරුදහන්ව ඇති බවට ඊයේ ( 6 දා ) රාත්‍රි පැමිණිල්ලක් ලැබි ඇති බව හලාවත පොලිසිය කියයි.

මෙසේ අතුරු දහන්ව ඇත්තේ අධිකරණය හමුවෙහි විභාග වන නඩුවක් සම්බන්ධයෙන් රඳවා තබා තිබූ රුපියල් දෙලක්ෂයක මුදලක් හා ඩොලර් 5000 ක මුදලක් බවත් කියයි.

හලාවත අධිකරණයේ රාජ්‍ය කළමනාකරණ සහකාර නිලධාරිණියක සේ සේවය කරණු ලබන මුණසිංහ කපුරු බණ්ඩාගේ ආශා ගංගා මුණසිංහ මහත්මිය ( 34 ) විසින් ඊයේ ( 6 දා ) රාත්‍රි පොලිසියට කර ඇති පැමිණිල්ලක් අනුව මෙම මුදල් තොගය තමා බාරයේ අධිකරණ නඩු භාණ්ඩ කාමරයක තිබූ එක් සේප්පුවක රඳවා තිබූ අතර මෙම ඒකකයේ තමා හා එක් කාර්යාල සහායකයෙකු පමණක් සේවය කරණු ලබන බවත්, අවශ්‍යතාවක් අනුව පරීක්ෂා කළ විට එම මුදල් තොගය සේප්පුවෙන් අතුරුදන්ව ඇති බවත්,  එම සේප්පුවේ යතුර තමන් වෙත තිබු අතර මුදල් කෙසේ අතුරුදහන්ව ඇත්තේ දැයි තමන් නොදන්නා බවටත් පැමිණිළිකාරිය විසින් පොලිසියට දන්වා තිබුණි.

මෙම මුදල් අතුරුදන්වීම අභිරහසක් වන අතර මේ සම්බන්ධයෙන් කිසිවකු අත් අඩංගුවට ගෙන නැති අතර හලාවත මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සෙනරත් එදිරිසිංහ මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන ඒකකය පරික්ෂණ ආරම්භ කර ඇත.



අදහස් (13)

අධිකරණ‍ය බාරයේ තිබූ මුදල් අතුරුදන්

mihira Saturday, 07 December 2019 06:40 AM

බහිරවයා එන්න ඇති

:       0       19

Nimal Saturday, 07 December 2019 06:53 AM

අනික් තැන් ගැන මොන කතාද?

:       0       129

Raveendra Saturday, 07 December 2019 07:52 AM

ඔව් ඉතින් බෝක්කු යට සීනි මඳවශයෙන් කවලම් කර සාදන ලද හකුරු හැංගුවාම ඔහොම වෙනවා. හැබැයි අපරාදේ කියන්න බැහැ හොඳ විශ්වාස තැනක්නේ හංගලා තියෙන්නේ...

:       0       39

malani Saturday, 07 December 2019 07:57 AM

හිටපු අධිකරණ ඇමැතිනී ඕස්ට්‍රේලියාවේ තියෙන මිලර්ස් එකේ ෂොපින් ගිහින්...

:       235       1

RaveendraSaturday, 07 December 2019 09:05 PM

මාලනි මහත්මිය, අප දේශපාලුවන්ට හොදයි කියනවා නොව සෑමවිටම දේශපාලුවන් හොරුන් තක්කඩින් පල හොරුන් බව සත්‍යකි . පළමුව අපි අපට අවංක වෙමු. එවිට අප අවට පරිසරය අප වෙත අවංක වෙනු ඇත.

:       1       1

Mahesh Saturday, 07 December 2019 08:28 AM

භූතයෙක් අරන් ගිහින් වෙන්න ඇති එහෙනම්... මේ දෙවෙනි සැරේට නේද මේ වගේ කතාවක් අපි අහන්නේ.. අයියෝ සංසාරේ!

:       0       2

lanka Saturday, 07 December 2019 08:55 AM

මෙවැනි නිලදාරීන්ට වගකීම් දෙද්දී ඇපකර තැන්පත් කරන්න ඕන නේද. අතින් ගෙවන්න කියන්න. නැත්නම් මේක ට්‍රෙන්ඩ් එකක් වෙන්න පුළුවන් .

:       0       6

isurandi Saturday, 07 December 2019 09:45 AM

ඉස්සෙල්ලම අධිකරණයේ ඉන්න හොරු ටික ඉහළ සිට පහළටම සුද්ධ පවිත්‍ර කළයුතුයි.

:       0       116

GuneSunday, 08 December 2019 04:08 AM

ඉසුරන්දි අහල ඇතිනේ අධීක්ෂණය ගැන? ඉහලින් ඉන්න නිලධාරියෙක් හෝ වෙනත් වග කිවයුත්තෙක් පහල අයගේ වැඩ ගැන සොයා බැලිය යුතුයි. නමුත් ඉහලින් ඉන්නේ හොරු නම් ඔය වැඩේ කෙරෙයිද? ඒ හින්දා පුද්ගලයන් ඉස්මතු නොවී නීතිය සහ පිළිගත් සම්මතයන් ඉසමතු වෙන්න ඕන. එතකොට ඉහළ මනුස්සයටවත් පහල නිලධාරියටවත් මග හරින්න බෑ. වගකීම නමැති සිධාන්තය (Accountability) විසින් ඔවුන් ඉදිරියට තල්ලු කරනවා හැංගෙන්න නොදී. ලංකාවේ කොයි ලොක්කද පොඩ්ඩද තමන් කරන දේ ගැන වගකීම බාරගන්නේ මග අරිනවා මිසක්......

:       0       2

සත්‍යපාල Saturday, 07 December 2019 02:46 PM

ලංකාවේ පළමු පුරවැසියා පටන් ඉන්නේ හොර දූෂිතයන් නම් අනික් අය ගැන මොන කතාද?

:       1       268

Chathuri Saturday, 07 December 2019 09:28 PM

ඉස්සෙල්ලම පටන් ගන්නේ අධිකරණ සේප්පුවෙන්. මොකද තවම ලෝක ආධාර ලැබුනේ නැහැනේ. නැකතට වැඩ පටන් ගන්න ඕන නිසා පින් කැටේ හරි කඩලා වැඩ පටන් ගන්නවා.

:       0       1

බැංකුවා Sunday, 08 December 2019 01:44 AM

ඔය විදිහට මුදල් පිල්ලි ගැහෙනවා නම් බැංකු වල මුදල් ආරක්ෂා වන්නේ කොහොමද? විසඳුම ද්විත්ව පාලනයයි . නඩු භාණ්ඩ කාමරය තුල අගුල් දෙකක් සහිත සේප්පුවක් තබා යතුරු දෙක දෙදෙනකු භාරයේ පවත්වාගත යුතුයි.

:       0       1

Mahee Sunday, 08 December 2019 02:24 AM

රටක රජවිය යුත්තේ දේශපාලුවන්වත්, විනිසුරන්වත්, පොලිසිය හෝ වෙනත් නීති බලධාරියෙකුවත් නොවේ. රටක රජ වියයුත්තේ නීතියයි. ඒ නීතිය රැකීම කලින් කී සියල්ලන්ගේ සහ ජනතාවගේ වගකීමයි. මේ අපි දකින්නේ නීතියේ දෝෂයක් නොව නීති රකින්නන්ගේ දෝෂයයි. එය නිවැරදි කළයුත්තෙත් ඔවුන්මයි. ඒ වැඩේ නොකරන්නේත් ඔවුන්මයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිව් හැවිරිදි දරුවාට සීනි කරිඤ්ඤං පොවලා
2024 අප්‍රේල් මස 18 44 0

අවුරුදු හතරක දරුවකුට සීනි කරිඤ්ඤං පොවන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අසල්වැසි නිවසයක 52 හැවිරිදි කාන්තාවක් හිඟුරුකඩුව පොලීසිය විසින් අත්අඩංගුව


දවසේ කාලගුණය
2024 අප්‍රේල් මස 18 5 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්


මගී වලියෙන් බදුලු දුම්රිය පැයක් ප්‍රමාද වේ
2024 අප්‍රේල් මස 18 22 0

බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රි තැපැල් දුම්රියට හැටන් දුම්රිය ස්ථානයේදී ගොඩවීමට ගිය මගින් පිරිසක් සහ දුම්රිය මැදිරියක සිටි මගීන


තැනින් තැනට සවස වැසි
2024 අප්‍රේල් මස 18 17 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට ගිගුරුම් සහිත වැසි ඇති වේ.


පාර්ලිමේන්තු පිවිසුමේ සිවිලිම් කොටසක් කඩා වැටේ:පොලිස් නිලධාරියෙකුට තුවාල
2024 අප්‍රේල් මස 18 94 0

පාර්ලිමේන්තු සංකීර්ණයට පිවිසෙන ජයන්තිපුර ප්‍රධාන පරීක්ෂා මුරපොළේ සිවිලිමේ කොටසක් කඩා වැටීමෙන් පොලිස් නිලධාරියකු තුවාල ලබා ඇත.


ඉරාන නැවියෝ මෙරට නැවියන් 21 බේරා ගැනෙති
2024 අප්‍රේල් මස 17 1281 0

ඕමාන මුහුදේදී අනතුරට පත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක සිටි ශ්‍රී ලාංකික නාවිකයන් 21 දෙනකු බේරා ගැනීමට ඉරාන හදිසි සේවා සමත් වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 184 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1468 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1385 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site