IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


අධිකරණයේ කලහ කළේ ඥානසාර හිමි බව හඳුනාගැනේ

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීමේ නඩු විභාගය පැවති දින හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණ ශාලාව තුළ ශබ්ද නඟා කතා කරමින් කලහකාරී ලෙස හැසිරුනේ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අභියාචනාධිකරණය හමුවෙහි අද (20) හඳුනා ගත්තේය.

එදින අධිකරණයේ විනිශ්චයාසනයෙහි විනිසුරුවරයා අසුන් ගෙන් සිටියදී ශබ්ද නඟා කතා කරන ලද භික්ෂුන් වහන්සේ කවුරුන්ද යන්න හඳුනාගත හැකි දැයි අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විමසා සිටි අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙලෙස හඳුනා ගත්තේය.

හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණ ශාලාව තුළ නියෝගාත්මක ලෙස ශබ්ද නඟා කතා කරමින් කලහකාරී ලෙස හැසිරීමෙන් අධිකරණයට අපහාසයක් කර ඇති බවට බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ඇති නඩුව විභාගයට ගත් අවස්ථාවේදී එහි දෙවැනි සාක්කිකරු ලෙස සාක්කි දෙමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මේ බව කීය.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු එල්.ටී.බී.දෙහිදෙණිය මහතා සහ අභියාචනාධිකරණ විනිසුරු ප‍්‍රීති පද්මන් සූරසේන මහතා ඉදිරියෙහි මෙම නඩු විභාගය පැවැත්වේ.

2016 ජනවාරි 25 වැනිදා හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයෙහි මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීම සම්බන්ධ නඩු විභාගය අවසන් වනවාත් සමඟම අධිකරණයේදී කලහකාරී ලෙස හැසිරීමෙන් ඥානසාර හිමියන් අධිකරණයට අපහාසයක් කර ඇත්නම් ඒ පිළිබඳ විභාගයක් පවත්වා දඬුවම් නියම කරන ලෙස ඉල්ලා එවකට හෝමාගම මහේසත‍්‍රාත්වරයාව සිටි රංග ශ්‍රීනාත් දිසානායක මහතා අභියාචනාධිකරණයට කරුණු විමසීමක් යොමු කර තිබිණි.

එම කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය දුන් උපදෙස් මත නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මහතා චෝදනා හතරකින් යුතු චෝදනා පත‍්‍රයක් ඥානසාර හිමියන්ට බාරදෙනු ලැබීය.

එම චෝදනාවන්ට තමා නිවැරදිකරු බව ඥානසාර හිමියන් ප‍්‍රකාශ කිරීම නිසා මේ සම්බන්ධ විභාගයක් පැවැත්වීමට අභියාචනාධිකරණය තීන්දු කළේය.

ඒ අනුව නඩුවෙහි පළමු සාක්කිකරු ලෙස හෝමාගම හිටපු මහේස්ත‍්‍රාත් සහ කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් රංග ශ්‍රීනාත් දිසානායක මහතා සාක්කි දීම සිදු කළේය.දෙවැනි සාක්කිකරු ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පළමුවරට සාක්කි දීම නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මහතාගේ මෙහෙයවීමෙන් සිදු කෙරිණි.

එහිදී සාක්කි දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මෙසේද කීය.

‘‘ ඉකුත් වසරේ ජනවාරි 25 වැනිදා හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයෙහි මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන්වීම සම්බන්ධ නඩු විභාගය පැවතෙද්දි එවකට රජයේ අධිනීතීඥවරයෙකු ලෙස කටයුතු කළ මා නීතීපතිවරයා වෙනුවෙන් ඊට සහභාගී වුවා.

එම නඩුව අවසන් වනවාත් සමඟම මා අධිකරණ ශාලාවෙන් ඉවත්ව ගියා.ඒ සමඟම උස් හඬින් කතා කරන හඬක් අධිකරණ ශාලාව දෙසින් මට ඇහුණා.ඒ මෙහොතේදීම ‘ඥානසාර හාමුදුරුවෝ අධිකරණය අමතනවා යැයි හෝමාගම පොලීසියේ නිලධාරියෙකු ප‍්‍රකාශ කරනවා ඇසුණා.එවිට මට හැඟුනා මේ ඥානසාර හිමියන් යැයි කියන්නේ බොදුබල සේවා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් බව.ඔහු එදින අධිකරණ ශාලාවේ සිටිනු මා දුටුවා.

ඒ උස් හඬ ඇසෙනවාත් සමඟම මා නැවත අධිකරණ ශාලාවට ගියා.ඒ වනවිට භික්ෂූන්වහන්සේ නමක් විනිසුරු අසුන ඉදිරිපිට උස් හඬින් කතා කරමින් සිටියා.එදින භික්ෂූන්හන්සේලා 10 ක් 12ක් පමණ අධිකරණ ශාලවේ රැඳී සිටියා.මීට පෙරත් මෙම නඩුවට භික්ෂූන්වහන්සේලා මෙන්ම දේශපාලනඥයින් පැමිණියා.ඒ නඩුවට සම්බන්ධ වීමට නිතර මා සහ රජයේ නීතීඥ වසන්ත පෙරේරා මහතා යන නිසා ඒ බව හොඳින්ම දන්නවා.“

“එදින උස් හඬින් කතා කරමින් සිටි ස්වාමීන්වහන්සේ මට හඳුනාගත හැකියි.උන්වහන්සේ ‘දේහධාරී හිමිනමක්‘ ඊයේ මෙන්ම අදත් උන්වහන්සේ මෙම අධිකරණ ශාලාවටත් පැමිණ සිටියා.මේ අවස්ථාව වන විටත් උන්වහන්සේ මෙහි සිටිනවා“ යැයිද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ සාක්කි දෙමින් කියා සිටියේය.

නියෝජ්‍ය සොලිසිටර් දිලීප පීරිස් මහතා ගෙන් වැඩිදුර සාක්කි විමසීම ලබන 26 වැනිදාට කල් තැබිණි.



අදහස් (6)

අධිකරණයේ කලහ කළේ ඥානසාර හිමි බව හඳුනාගැනේ

Matara Thursday, 20 July 2017 01:58 PM

උසාවියට අපහාස කරන අයෙකුට දඩුවම් කිරීමට මහේස්ත්‍රාත්තුමාට බලයක් නැහැ කියන්නේ ඉතාමත්ම වැරදි පුර්වාදර්ශයක්. ඉදිරියට හැම වරදකාරයෙක්ම උසාවියට කෑ ගහල බැනල බය කරගනීවි. ඉක්මනට මෙම කාරණය විසදලා මොහුට දඩුවම් කල යුතුයි.

:       5335       4627

මහකන්දේ විජිතසිරි හිමි Thursday, 20 July 2017 04:48 PM

බුදු දහමට අනුව සියලු ඝාතන, සූදු , මත්ද්‍රව්‍ය , පිරිමි /ගැහැණු ගණිකා සේවනය වැරදි ධර්ම විරෝධී. ඒ සියලු දෙයින් වැලකීම ධර්මානුකූලයි. නමුත් මෙරට අැති රෝම ලන්දේසි දෙමල ශරියා ආදී කලවම් නිතියට අනුව සමහර ඝාතන, මත්ද්‍රව්‍ය , සූදු , ගණිකා සේවනය නීත්‍යානුකූලය.

:       4256       1807

AsankaFriday, 21 July 2017 07:26 AM

අපේ හාමුදුරුවනේ,.. කියන්නකෝ කොහෙද නීතියේ කොතනද සදහන්වෙන්නේ? සමහර ඝාතන, මත්ද්‍රව්‍ය, සූදු, නීත්‍යානුකූලයි කියලා...

:       0       104

tony-maharagamaFriday, 21 July 2017 07:52 AM

ඔයා කියපු එක නීති සහ සමාජ විරෝධී දෙයක් "ශරියා" නීතියත් එක්ක සම්බන්ධ කරන්නේ කොහොමද..? ලියන්න පුළුවන් වුණාකියල, කාටවත් අපහාස කරන්න ලියන්න එපා....

:       47       102

sarath Friday, 21 July 2017 01:29 AM

අන්න දීගවාපියේ කුණු කන්දකුත් ගොඩ ගහල.ඒවා කමක් නැහැ නේද

:       4       0

Karu Friday, 21 July 2017 08:31 AM

මොනවා වුණත් බුද්ධාගම හා සිංහලකම වෙනුවෙන් ක්‍රියා කරන මේ හාමුදුරුවන්ගේ හැසිරීම ඉතා නරකයි. කතා කරන්න දන්නේ නෑ. සිංහලයන්ටත් බුද්ධාගම් කාරයන්ටත් ලැජ්ජයි. රටේ නීතිය සුද්දාගේ නීතිය කියා පිළිගන්නේ නැහැ කියනවා. අපි පිළිගන්නේ නායක හාමුදුරුවන්ගේ නීතිය කියනවා. ටිකක් කල් වත් හිර ගේ පැත්තේ ඉන්න ඇරිය නං පිං.

:       0       245

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 209 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 719 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 440 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1235 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 68 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2452 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 229 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1541 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site