IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘අධිකරණයෙන් යුක්තිය ඉටුවනු ඇතැයි විශ්වාස කරනවා‘

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

අධිකරණය තුලින් තම පාක්ෂිකයාටත්, රටටත් සාධාරණත්වය සහ යුක්තිය ඉටුවනු ඇතැයි තමන් තරයේ විශ්වාස කරන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සහ හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද (12) කොළඹ අලුත්කඬේ පිහිටි උපරිමාධිකරණ සංකීර්ණ පරිශ්‍රයේදී පැවසීය.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවාලීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂ ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයින් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 13ක් ගොනු කළ අතර එම පෙත්සම් අධිකරණය හමුවේ සලකා බැලීමෙන් පසුව අධිකරණ සංකීර්ණයෙන් පිටතට පැමිණ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් හෙතෙම මේ බව කියා සිටයේය.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවත් එමඟින් රට ආරාජික තත්ත්වය පත්වීමක් සිදුවන බවද එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීය.

    ‘‘අපි තරයේ විශ්වාස කරනවා අපිට යුක්තිය , සාධාරණත්වය ඉතා නිවැරදි ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබෙයි කියලා.මොකද ශ්‍රේෂ්ඨාධිකරණය කියන්නේ ඉතාම ගෞරවනිය ස්ථානයක් .මේ රටේ ව්‍යවස්ථාවක් පවතිනවා.අප සෑම දෙනාම ඒ අනුවයි කටයුතු කරන්නේ .නමුත් පැහැදිලිවම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා කටයුතු කිරීම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්.මෙලෙස දිගින් දිගටම ව්‍යවස්ථාව උල්ලංඝනය වෙන්නේ නම් රට අරාජික බවට පත්වනු ඇතැයිද සජිත් ප්‍රේමදාස මහතා කීය.

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් සහ හිටපු අමත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙසේ පැවසීය.

       ‘‘පක්ෂයක් ලෙස අපිට අධිකරණය විශ්වාසයි.පෙත්සමින් අපි ඉදිරිපත් කර ඇති කාරනයේ ව්‍යවස්ථානුකූලභාවය අධිකරණය විසින් තීන්දු කරාවි.ඒ නිසාමයි අපි උසාවිය පැමිණියේ.

හිටපු අමාත්‍ය සහ හිටපු පාර්ලිමේන්තු සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේද කීය.

      ‘‘ඕපාදූප වලින් රට කරන්න බැහැ නේ.ඒ නිසා පාර්ලිමේන්තුව විසුරුවන්න නම් පාර්ලිමේන්තුවේ බහුතර බලය ඕන.ඒක කර ගන්න බැරි නිසා විසුරුවා හැරියා.මේ අසාධාරණයට එරෙහිව අපි උසාවියට ආවා.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවාලීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂ ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයින් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කිරීමෙන් පසුව එම පෙත්සම් සලකා බැලීම නැරඹීම සඳහා  එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍යවරුන් වන මංගල සමරවීර , රාජිත සේනාරත්න , ජෝන් අමරතුංග , චන්ද්‍රානි බණ්ඩාර , රවී කරුණානායක , ගයන්ත කරුණාරත්න , රාවුෆ් හකීම් , රිෂාද් බදියුදීන් , හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් වන රුවන් විජයවර්ධන , නීතීඥ අජිත් පී.පෙරේරා , සුජීව සේනසිංහ , ආචාර්ය හර්ෂ ද සිල්වා , එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර , මුජිබර් රහුමාන්,හර්ෂණ රාජකරුණා , ආදී මන්ත්‍රීවරුන් පිරිසක්ද පැමිණියහ.

වත්මන් භාරකාර අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන් වන අනුර ප්‍රියදර්ශන , උයද ගම්මන්පිල , ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිමල් ලන්සා , අරුන්දික ප්‍රනාන්දු , සුසන්ත පුංචිනිලමේ යන මහත්වරුන් පිරිසක්ද මෙම අවස්ථාවේ උපරිමාධිකරණ සංකීර්ණයට පැමිණියහ.

මීට අමතරව එක්සත් ජාතික පාක්ෂිකයින් විශාල පිරිසක්ද අලුත්කඬේ උපරිමාධිකරණ සංකීර්ණයේ ප්‍රධාන පිවිසුම දොරටුව ඉදිරිපස හා ඒ අවට රැඳී සිටියහ.



අදහස් (5)

‘අධිකරණයෙන් යුක්තිය ඉටුවනු ඇතැයි විශ්වාස කරනවා‘

Chanak Los angeles Monday, 12 November 2018 06:30 PM

එය අනිවාර්යයෙන් සිද්ධ වෙනවා. ඉන්පසු යහපාලකයාට බල කරන්න මැකෝ විසින් මැතිවරණයට යනවා කියපු බිලියන 2ක පමණ මුදල් යොදන්න සංවර්දනයට දැන් කියා...

:       0       0

මල්ලී Tuesday, 13 November 2018 03:44 AM

මහින්ද - මෛත්‍රී බලය බාගෙට තියාගෙන මෙහෙම නම්.......... සම්පූර්ණයෙන් තියා ගත්තොත් නීතිය බල්ලට යාවි.

:       41       562

Bandula. Tuesday, 13 November 2018 05:55 AM

ඔය දෙගොල්ල පැතී මාරු කරගෙන දගලනවා. රටේ ජනතාව දුක් විදිනවා. අවරුදු ගානක් කලේ මැටිකමනේ, ජනතාවගේ සාපෙන් මිදෙන්න නම් කවදාකවත් ලබෙනෙකක් නැහැ ඔය හැමෝටම.

:       20       61

Chandana Tuesday, 13 November 2018 06:26 AM

ඔයාල හරියට රට පාලනය කරානම් ඔහොම වෙන්නේ නෑනේ....

:       230       358

Arafath Qatar Tuesday, 13 November 2018 10:47 AM

ඡන්දයකට යනවට වඩා වෙන මොන යුක්තියක්ද මහත්තයෝ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 134 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 291 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1236 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 169 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 373 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 340 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site