IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


අධ්‍යාපන ඇමැතිගෙන් රතු එළියක්

(ඩයනා උදයංගනී)

ගුරු මාරු ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කරන්නට යාමේදී ඊට එරෙහිව දරුවන් උසි ගන්වන ගුරුවරුන්ට එරෙහිව අමාත්‍යාංශ මට්ටමින් දැඩි විනය ක‍්‍රියාමාර්ග ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

වසර ගණනාවක් තිස්සේ ක‍්‍රියාත්මක නොවී පැවති ගුරු මාරු වැඩසටහන ක‍්‍රියාත්මක කිරීම සඳහා තමන් නායකත්වය දී ඇති බව කී අමාත්‍යවරයා ඇතැම් පාසල්වල ගුරුවරුන් පාසල් දරුවන් ද උසි ගන්වමින් මාරුවීම්වලට එරෙහිව කටයුතු කරන බවට තොරතුරු ලැබී ඇතැයි ද කීය.

පවතින ප‍්‍රතිපත්තීන්ට අනුකූලව ඉදිරියේදී වසර පහෙන් පහට ගුරු මාරු ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කරවීම සඳහා අවශ්‍ය යාන්ත‍්‍රණයක් සකස් කරන බව ද කී අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ විහාර මහා දේවී විද්‍යාලයේදී අද (16) පැවති උත්සවයක් අමතමිනි.



අදහස් (9)

අධ්‍යාපන ඇමැතිගෙන් රතු එළියක්

de silva Tuesday, 17 October 2017 02:31 AM

ඇමෙති තුමනි මම ඔබට අභියෝග කරනවා එක පාසලක අවරුදු 5 ට වැඩි කාලයක් සේවය කරන ගුරුවරුන්ගෙන් 50% ඉදිරි මස 6 තුල මාරු කර පෙන්වන්න කියලා ,සමහර ගුරුවරු පුද්ගලික ටියුෂන් පන්ති පවත්වමින් , විශාල ධනයක් , දරුවන්ගේ දෙමාපියන් වන පොලිස් නිලධාරීන් , පෙරකදොරුවන් , රජයේ උසස් නිලධරීන් , දේශපාලකයන් හරහා , විශාල ආර්ථික , දේශපාලන , නීතිමය පැත්තෙන් බලයක් ගොඩ නගාගෙන ඇත , මේ වැඩෙත් හරියට අර ජොන්ස්ටන් මහතය එළවලු ප්‍රවාහනයට ප්ලාස්ටික් පෙට්ටි යොදාගැනීම අනිවාර්ය කිරීමේ නිතිය වගේ වේවි ,

:       3       55

Pradeep Tuesday, 17 October 2017 08:15 AM

කතාව සහතික ඇත්ත .කරුවොත් ඔබතුම දක්ෂයෙක්

:       0       20

Prabath Tuesday, 17 October 2017 06:52 AM

අමාත්‍යතුමාගේ හොඳ තීරණයක්.........

:       0       13

Kandepola Tuesday, 17 October 2017 07:14 AM

ගුරු මාරු ප්‍රතිපත්තිය ඉක්මනින් ක්‍රියාත්මක කල යුතුයි. ගුරුවරුන් එක තැන පල් වීම ඒ පාසල් වල අධ්‍යාපන මට්ටම පහල යාමට හේතු වී තිබෙනවා. විශේෂයෙන් ජාතික පාසල් වල තත්වය ඉතාම භයානකයි. ජාතික පාසලක් වන නුවරඑළිය ගාමිණි මාධ්‍ය මහා විද්‍යාලය ඊට හොඳ නිදසුනක්. එහි උසස් පෙළ කිසිදු විෂයක් උගන්වන්නේ නෑ. ළමයි පාසල් නෑවිත් අමතර පන්තිවලට යා යුතුයි. පාසලේ කාලයක් සේවය කරන ගුරුහොරුන් කිසිම සේවයක් කරන්නේ නෑ. දේශපාලන බලහත්කාරකම් කරමින් සිටිනවා. විදුහල්පතිට ඊට විරුද්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්න ශක්තියක් නෑ. දරුවන්ගේ විනයත් පවතින්නේ ඉතාම පහල මට්ටමක. ජාතික පාසල් වලටත් මෙහෙම වෙනවානම් රටේ අධ්‍යාපනය ගැන කවර කතාද...?

:       0       47

Weranga Tuesday, 17 October 2017 08:48 AM

තෙල්දෙණිය කලාපයේ දුෂ්කර පාසල්වල ඉන්න ගුරු හොරුත් නිදහස් කරන්න

:       0       0

ama Tuesday, 17 October 2017 11:48 AM

ආදි ශිෂ්‍ය සංගම්, සංවර්ධන සංගම් වැනි සංගම් වල බලපෑමට යටත් නොවී මෙය සිදු කරන්න

:       0       15

kalpa Tuesday, 17 October 2017 12:22 PM

සියලුම රාජ්‍ය නිලදාරීන් සහ සේවකයන්ගේ විනය ආයතන සංග්‍රහය හරහා ක්‍රියාත්මක වෙනවා නමුත් මට හමුවුන ගුරුවරුන් බොහෝ දෙනෙක් කිව්වේ ආයතන සංග්‍රහය අදාල වෙන්නේ රජයේ කාර්යාල සේවකයන්ට පමණයි කියල. වර්තමානයේ ගුරුපත්වීම් වලත් ආයතන සංග්‍රහය 'මුදල්රෙගුලසි සහ චක්‍රලේක වලට අවනතව කටයුතු කලයුතු බව සදහන් වෙනවා නමුත් වර්තමානයේ පත්වීම් ලබන කිසිම කෙනෙකුට එම නීති පිළිඹදව කිසිම පුහුණුවක් දෙන්නේ නැහැ මෙනිසා තමයි මෙම ගැටළු ඔක්කොම මේ නිසා මින් ඉදිරියටවත් රාජ්‍ය සේවයට බඳවා ගන්න සැමට සේවාස්ථ පුහුණුවත් දීමට කටයුතු කිරීම වැදගත් වෙනවා

:       0       2

Chandana Tuesday, 17 October 2017 12:47 PM

ප්‍රතිපත්තිය හොඳයි. නමුත් ආනන්ද නාලන්ද ඉස්කෝල වලට ඒ මාර්ගයෙන් මුස්ලිම් ගුරුවරු පුරවන්න ආවොත් ප්‍රශ්නයක් වේවි.

:       33       145

DilumTuesday, 17 October 2017 02:45 PM

මෙවැනි පුවතක් අද අසන්නට ලැබුණා. එයට ඉඩ නොතබමු.

:       27       42

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 577 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 357 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1118 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 65 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2358 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 432 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 229 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1541 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site