(රංජන් කස්තුරි)
මහජන බැංකුව, ලංකා බැංකුව සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යන අයතනවල සභාපතිවරුන් හා අධ්යක්ෂ මණ්ඩල සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වකරුවන් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය අතර අර්බුදකාරී තත්ත්වයක් හටගෙන තිබේ.
එම රාජ්‍ය ආයතනවල අධ්යක්ෂ මණ්ඩල විසුරුවා හැරි බවට ඊයේ (17) ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළද අද (18) රාත්‍රීය වන තුරු ඒවායේ සභාපතිවරුන් හා අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින් ඉවත්වීමක් හෝ ඉල්ලා අස්වීමක් හෝ සිදු නොවූ බව වාර්තා වේ.
මහජන බැංකුව සහ ලංකා බැංකුව ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයාට අයත් රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍යාංශයට අයත්වන අතර ශ්‍රී ලංකා අයෝජන මණ්ඩලය අයත්වන්නේ සංවර්ධන ක්‍රමෝපාය හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශයටය.
එම ආයතනවලට සභාපතිවරුන් හා අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින් පත්කර ඇත්තේ එම විශයභාර ඇමතිවරුන් වන අතර ආණ්ඩුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කළේ ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයා හෝ මලික් සමරවික්‍රම ඇමතිවරයා හෝ සභාපතිවරුන්ට හෝ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින්ට ඉල්ලා අස්වන ලෙස දැනුම් දීමක් අද පස්වරුවේ වන විටත් නොතිබු බවය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
අධ්යක්ෂ මණ්ඩල ඉවත් කිරීම ගැන මත ගැටුම්
Amila Thursday, 18 October 2018 07:41 PM
ප්‍රධාන පක්ශ දෙකක් ආණ්ඩු කරන එක මේ රටට හරියන්නේ නෑ. මේකෙන් රටේ ආර්ථීකය තමයි විනශ වෙන්නේ. මොකද අස්ථාවර රජයක් සහ බොහෝ දුරට ඊලග ඡන්දයකදී අවධානමක සිටින පක්ශ දෙකක් ඉන්න කොට පිට රට ව්‍යාපාර තියා දේශිය ව්‍යාපාරවත් අලුතෙන් පටන් ගන්නෙ නැ. තියෙන ඒවත් වැහෙනවා මිසක්.
OMG Thursday, 18 October 2018 09:20 PM
මණ්ඩලේ කචල්. අපිටනම් මුල ආණ්ඩුවම කචල්.
Chanak Los angeles Friday, 19 October 2018 12:42 AM
පොඩ්ඩක් ඉවසගෙන ඉන්න තව සති 50 යි තිබෙන්නේ .
gunarathna Friday, 19 October 2018 12:55 AM
මේ යනවිදියට අස්වෙන්ට වෙන්නේ ජනාධිපතිට තමා. කිසිම සාමුහික වගකීමක් නැතිව තීරණ ගත්තම මේ වගේ ප්‍රශ්න ඇතිවෙනවා.
Samathasena A . Aluthgamage. Friday, 19 October 2018 02:35 AM
අගමැති තනතුරේ අත්දැකීම් නොමැතිව එක්වරම ජනාධිපති පුටුවට පත්විය. එබැවින් එතුමාගේ ඇතැම් තීන්දු තීරණ මතභේදාත්මක තාවයක් ගෙනහැර පෑවේය. එතුමා කොතරම් හොඳ කෙනෙකු වුවද මෙවැනි තීන්දු තීරණ රටට කෙතරම් ප්‍රගතියක් ඇතිකරන්නේදැයි අපහට ඇත්තේ බලවත් ගැටලුවකි.
sathyapala Friday, 19 October 2018 04:53 AM
අනා ගන්න එකෙත් සීමාවක් නැහැ, අඩුම තරමේ ඒ විෂය භාර අමාත්‍යවරයාව කැදවලා අධ්‍යක්ෂක මණ්ඩලයට ඉල්ලා අස්වෙන්න කියන ලෙස උපදෙස් දිය යුතුව තිබෙනවා. එසේ නැත්නම් අමාත්‍යංශ තමන් යටතට පවාරාගෙන අධ්‍යක්ෂක මණ්ඩලයට ඉවත් වෙන්න කියන්න ඕනා.දැන් මොකද වෙලා තියෙන්නේ ජනාධිපති අයින් වෙන්න කියනවා ඇමති ඉන්න කියනවා රටටම විහිළු සපයනවා.
Hafeel Friday, 19 October 2018 07:57 AM
අර මහින්ද මහත්තය සවි කරපු සැලූන් දොර තාම ගලවලා නැහැ වගේ. මේ ආණ්ඩුව තුළ තනතුරුවලින් අයින් කරනවා, අයින් වෙනවා, ආපහු පත්වෙනවා.
සනත් ඉතාලිය Friday, 19 October 2018 08:47 AM
තමන්ගෙ තටු කපාගෙන දැන් වලිගයෙන් ඉගිලෙන්න හදනව ඔබතුමන්ට තෙරෙනවද දැන්වත් 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිව රූකඩයක් කලබව අහෝ ඔබට කාගේ සරණක්ද ? ප්‍රබල ඇමැති කම් ගණනාවක් දරල ඔබතුමා ගොඩනගාගත් ප්‍රතිරූපය මේ දිගෙන් බින්දුවටම බස්සගත්ත නේද?