IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


අද වැඩවර්ජනය වෛද්‍යවරුන්ගේ වෘත්තීය ගෞරවය නැති කරනවා

(ඩයනා උදයංගනී)

සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩාවැදී නීතිවිරෝධී ලෙස හැසිරුණු අයට විරුද්ධව නීතිය ක‍්‍රියාත්මක කිරීමේදී ඊට එරෙහිව වෛද්‍යවරුන් වැඩවර්ජන කිරීම ඔවුන්ගේ වෘත්තීය ගෞරවය නැති කරගැනීමක් බව මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.

සයිටම් ප‍්‍රශ්නය විසඳිය යුත්තේ අහිංසක රාජ්‍ය නිලධාරීන්ට හෝ රෝගීන්ට හිරිහැර කර නොවන බව කී ඩිලාන් පෙරේරා මහතා එසේ ජනතාවට හිරිහැර කළ හා අමාත්‍යාංශයේ දේපල විනාශ කළ අයට දඬුවම්දීම අවශ්‍ය බව ද කියයි.

මෙහිදී සිසුන්ට අමානුෂික ලෙස පහරදීමක් සිදු වී ඇත්නම් එයට ද නීතිය ක‍්‍රියාත්මක විය යුතු බව  ඩිලාන් පෙරේරා මහතා කීවේය.

“වෛද්‍යවරුන්ට පක්‍ෂ අයට නීතිය ක‍්‍රියාත්මක කරන්න එපා, භික්‍ෂූන් වහන්සේලාට නීතිය ක‍්‍රියාත්මක කරන්න එපා,  මුස්ලිම් ඇමතිවරුන්ට, උතුරේ මහ ඇමතිට විරුද්ධව නීතිය එපා, හමුදාවට විරුද්ධව නීතිය එපා කියනවා නම් රටේ නීතිය ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධව ද ගැටලූ ඇතිවනවා“යැයි ඇමතිවරයා කීවේය.

තමන් ද බරපතල ලෙස සයිටම් ආයතනයට විරුද්ධ බව කී රාජ්‍ය අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් රජය නිසි ක‍්‍රියාමාර්ග ගනිමින් සිටින අවස්ථාවක සිසුන් පිරිසක් සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩාවැදී එහි නිලධාරීන්ට හිරිහැර කිරීම වරදක් බව ද පවසයි.

පෙරේරා මහතා මේ බව පැවසුවේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (22)  පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.



අදහස් (10)

අද වැඩවර්ජනය වෛද්‍යවරුන්ගේ වෘත්තීය ගෞරවය නැති කරනවා

Kasun Thursday, 22 June 2017 02:36 PM

ඒක නැතිවෙලා ගොඩක් කල් අමුතුවෙන් නැති වෙන්න දෙයක් නැහැ.

:       0       0

mahasen Thursday, 22 June 2017 03:39 PM

ආණ්ඩුවට කොන්දක් පන තියේ නම් අසරණ රෝගීන් වෙනුවෙන් වෛද්‍ය වූර්තිය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරන්න. යහ පාලනයට අවශ්‍ය වන්නේ සොදුරු dictator කෙනෙකි. සීනිබෝල,පතෝල වැනිවුන් පාලනය කිරීමෙන් රට තවත් විනාශ වේ. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට මේ වාගේ දෙයක් බාර දෙන්න.

:       1765       2165

john Thursday, 22 June 2017 10:04 PM

මහජනතාව රවැට්ටු ජනපති, අගමැති සහ මුළු ඇමති මණ්ඩලයම ගෙදර යා යුතුයි. ඒ තමා විසඳුම

:       0       0

sanju Thursday, 22 June 2017 11:14 PM

ආණ්ඩුව සයිටම් මුදලාලිලා කියන පදේට නටන්නේ නැතුව ජනතාව කියන දේ අහල මේ සයිටම් කඩේ වහල දැම්ම නම් වැඩේ ඉවරිනේ. මේ හොර දේශපාලකයෝ මෙච්චර මොකටද දගලන්නේ සයිටම් වෙනුවෙන්. රටට ආදරේට නෙමෙයිනෙ මොකද රටම විරුද්ධ සයිටම් එකට.

:       0       0

දිනේෂ් Friday, 23 June 2017 02:13 AM

සිසුන් කලහකාරීව හැසිරෙන කොට සූප්පුවද කටට දෙන්න ඕන. එතකොට තමයි අර කලින් කිව්ව අවම බලව පාවිච්චි කරන්න වෙන්නෙ. ඇයි ඩිලාන් ඇමති තුමා දැක්කේ නැද්ද ගාල්ලේ රාලහාමි කෙනෙකුට වෙන දේ. ඒක මතක් වුනේ නැද්ද ඔය මාධ්‍ය සාකච්චිවේදී. ඔබ තුමා දන්නේ නෑනේ පිකටින් කරනකොට ඔය අන්තරේ මිනිස්සු කොහෙමද හැහිරෙන්න කියල. එතනට ගිහිල් ටික වේලාවක් ඉන්න ඕන. රාජ්‍ය දේපලවලට අලාභ හානි සිදු කිරීමට නීතිය හරියාකාරවම ක්‍රිත්මක විය යුතුයි.

:       0       0

Dinesh Friday, 23 June 2017 04:57 AM

මේවගේ කොන්ද පනනැති රටට අාදරයක් නැති නායකයෝ ඉන්නකම් අපේරට දියුණුකරන්න බෑ.මේ අවුරුදු දෙකහමාරේම කරපු හැමදෙයක්ම වගේ fail.කාලය ගතවෙනවා. රට පිරිහෙනවා. කරන්න පුළුවන් කෙනකුට දීල යන්න. .

:       0       2

alwis Friday, 23 June 2017 06:15 AM

මෙම වැඩ වර්ජනයේ මුලික අරමුණ ශ්‍රී ලංකික වෛද්‍ය වරුන්ගේ වෘත්තීය ගෞරවය ආරක්ෂා කර ගැනීම මිසක රට අස්ථාවර කිරීම නොවේ. දැනට ඉන්දියාවේ වෛද්‍ය උපාධිය එංගලන්තය වැනි රටවල පිළිගන්නේ නැත. එයට හේතුව එම රටේ මෙම උපාධිය මුදලට ගත හැකිවීමි. දැනට අප රටේ දොස්තරල ට එංගලන්තය ඇමෙරිකාව වැනි රටවල සේවය කරන්නට හැකිවී ඇත්තේ අපේ උපාධිය ඕනෑම රටක පිළිගත හැකි නිසාය. ඉදිරියේදී මෙම උපාධිය මුදලට විකිණීමෙන් අප රටටද ඉන්දියාවට මෙන්ම තත්ත්වයක් උදාවීමට ඉඩ ඇත .

:       1       10

sachith Friday, 23 June 2017 06:43 AM

අල්විස් ඉතාම වැදගත් දෙයක් කියල තියෙන්නේ. දැන් ඉන්දියාවේ පවුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට ළමුන් ඇතුලත් කරන එක තහනම් කරලා තියෙන්නේ. අපේ අය එ්කෙන්වත් ආදර්ශයක් නොගන්න එක තම දුක.

:       0       0

buddhikaFriday, 23 June 2017 11:05 AM

අල්විස්, සචිත්, ලෝකයේ වර්ගීකරණවලින් හොඳම වෛද්‍ය විද්‍යාලවන හාර්වර්ඩ්, ස්ටන්ෆොර්ඩ්, ජෝන් හොප්කින්ස් - යන මේවා පෞද්ගලික විද්‍යාල නෙවේද? ප්‍රශ්නය තියෙන්නේ පෞද්ගලික හෝ රජයේ කියන එක නොව අධ්‍යාපනයේ තත්වය රැක ගැනීමය. වෛද්‍යවරු මේ කරන්නේ ඔවුන්ගේ බමුණු කුලය රැක ගැනීමය. රජය කලාතුරකින් වුණත් හරි පිළියමක් දී තිබියදීත් ඒවා ක්‍රියාත්මක කිරීමට බැරිවීම රජයේ නොහැකියාවය...

:       0       0

upuli Friday, 23 June 2017 09:58 AM

අද ඉන්න දොස්තරලට මොකක්ද මේ වෙලා තියෙන්නේ...? විනයක් නැතිනම් කාටවුණත් දැඩි දඬුවම් දිය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 589 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 112 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 819 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 840 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1230 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1113 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 217 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1534 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1427 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site