(ඩයනා උදයංගනී)
අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ අධ්‍යයනය කර සුදුසු ඉදිරි ක‍්‍රියාත්මක යෝජනා කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.
අමාත්‍යවරුන් 10 දෙනෙකුගෙන් යුත් මෙම අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවේ සභාපතිවරයා වන්නේ උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතාය.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවක් අනුව මෙම පියවර ගෙන ඇති අතර එම අනුකාරක සභාවේ යෝජනා ක‍්‍රියාත්මක කිරීම පිණිස අවශ්‍ය පහසුකම් සලසා ගැනීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට ද අනුමැතිය හිමිවී තිබේ.
අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය මගින් පසුගිය මාසයේ ඉදිරිපත් කරන ලද අතුරු වාර්තාව මගින් හානි පූරණය සඳහා වන නෛතික වගකීම සඳහා ගත යුතු පියවරත්, එවැනි සිදුවීම් යළි සිදුනොවීමට වගබලා ගැනීම සඳහා වන නෛතික ප‍්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සිය නිර්දේශත් ඉදිරිපත් කරනු ලැබ ඇති බව සම කැබිනට් ප‍්‍රකාශක ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (19) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පාලනය වන කන්කසන්තුරේ වරායේ පූර්ණ සංවර්ධන කටයුතු සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 61.5 ක් හෙවත් ඩොලර් ලක්ෂ 615 ක් ප්රදානය කිරීමට
ශ්‍රී ලංකා මහ බැංකුව අද (19) ඉනිකුත් කළ දෛනික විනිමය අනුපාතයට අනුව ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තව දුරටත් ඉහළ ගොස් තිබේ.
පොදු ජන පෙරමුණේ මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්විය.
දැනට වසරක පමණ කාලයක සිට සිංහරාජය වනාන්තරය ආශ්‍රිතව ජීවත්වන අලීන් දෙදෙනාගෙන් දැනට නිරීක්ෂණය වන්නේ එක අලියකු පමණක් බව සිංහරාජ වන ජීවී කාර්යාලයේ වනජීව
2024 යල කන්නය සඳහා ගොවීන්ට පොහොර සහනාධාරය ලබාදීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය විසින් තීරණ තුනක් ගෙන තිබේ.
රජයේ පාසල් සිසුන් වෙත 2024 වර්ෂයට අදාළව පාසල් පෙළපොත් සහ නිල ඇදුම් සදහා රෙදි නොලද පාසලක් වේ නම් ඒ පිළිබදව අධ්‍යාපන අමාත්‍යංශයට දැනුම් දෙන ලෙස විදුහල්පති
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
අතුරුදන් වූවන්ගේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ඇමැති අනු කමිටුවක්