IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


අඩියාගලහින්න රක්ෂිතයෙත් අක්කර 30 ක් එළි කරයි

 

(අමදෝරු අමරජිව)

ත්‍රිකුණාමලය මොරවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට සීමා මායිම් ඇති අඩියාගල හින්න රක්ෂිතයේ  අක්කර 30ක  ප්‍රමාණයක් එළි පෙහෙළි කර ගිනි තබා  ඇතැයි ප්‍රදේශවාසිහු පවසති.

සංවිධානාත්මක කණ්ඩායම් කිහිපයක්  තැනින් තැන මෙම වන විනාශය සිදුකර ඇති අතර ගස්  කපා හෙළා  කොළඅතු වියලුණු පසු  ගිනි තබා විනාශ කර ඇති බව කියති.

2012 සැප්තැම්බර් 12 දිනැති අංක  1784/10 දරණ  ගැසට් නිවේදනය මගින්  ආඩියාගල  හින්න රක්ෂිතයට අයත්  හෙක්ටයාර් 3055 ක් ප්‍රකාශයට පත්කර තිබියදී මෙම වන  විනාශය සිදුවී තිබේ.

මේ සම්බන්ධයෙන්  අදහස් දැක්වූ  වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ  ත්‍රිකුණාමලය දිසා අඩවි වන නිලධාරි  චන්දන  අබේසේන මහතා පවසන්නේ  සංවිධානාත්මක  පිරිස් පිට ප්‍රදේශවලින්  කුලියට පිරිස් ගෙන්වා ගස් කපා කැළෑ එළි පෙහෙළි කර ගිනි තබා ඇති බවයි.

හේන් වගා  කිරිමේ අරමුණෙන් මෙම වන විනාශය සිදුකර ඇති බව කී  එම නිලධාරියා  සැකකරුවන්  අත්අඩංගුවට ගැනිමට ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර  ඇති බව කීය.



අදහස් (25)

අඩියාගලහින්න රක්ෂිතයෙත් අක්කර 30 ක් එළි කරයි

Prabha Friday, 25 September 2020 02:05 PM

කොටි හිටියා නම් හොඳයි කියලා හිතෙන්නේ මට විතරද?

:       6       54

NuwanFriday, 25 September 2020 02:16 PM

2009 යුද ජයග්‍රහණයෙන් පස්සේ අගේට කරන්න තිබුණු රට පවුල් බල තණ්හාවටයි, යුරෝපා සංගම් කියන දේවල් පස්සේ ගිය කට්ටියයි නිසා විනාශ මුඛයට ගියා. මේ චර්යා රටා ඉවර වෙනකම් තියේවි.

:       1       55

AsankaSaturday, 26 September 2020 06:16 AM

සහතික ඇත්ත. කොටි හිටිය කාලේවත් පරිසරයට මෙච්චර හෙණයක් තිබ්බේ නැහැ. මේ චණ්ඩි දේශපාලකයෝ සේරමත් හිටියේ ඇඳන් යට හැංගිලා...

:       2       10

සෙනෙවිSunday, 27 September 2020 08:49 AM

දැන් ගස් කපන්නෙ අපේ දේශීය මිනිස්සු. ඒකෙ වරදක් නෑ. මේක අපේ රට අපේ ගස්. නමුත් විල්පත්තුව කැපුවෙ කවුද. ඒක අපිට දරාගන්න අමාරුයි. අපේ එකෙක් ගහක් කැපුවට අපිට රට නැතිවෙන්නෙ නෑ.

:       0       1

Hafeel Friday, 25 September 2020 03:14 PM

කෝ දේශප්‍රේමීන්ලා? විනයගරුක පාලනයක් තුළ කෙළින් වැඩකරන නායකයෙක් දැන් බලයේ ඉන්නකොට මෙවැනි දේවල් වෙන්න පුළුවන්ද?

:       0       51

ලසන්තSaturday, 26 September 2020 01:23 AM

ඔක්සිජන් මොකටද කියලා අහන මිනිස්සු සිටින කෙලින් වැඩකරන කණ්ඩායමට 69 ලක්ෂයක පිරිසක් 2/3ක් සහිත බලයක් දුන්නේ ඕකට කියලයි මට හිතෙන්නේ.

:       4       23

Asanga Friday, 25 September 2020 04:27 PM

කෝටි ගණන් ඒ ගොල්ලන්ගේ ඡන්ද ව්‍යාපාරයට සල්ලි වියදම් කරපු ව්‍යාපාරිකයින්ට මැතිවරණයට කලින් වෙච්චි පොරොන්දු ඉටු කරන්න ඕනේනේ.. ඒවා තමයි ඔය කැලෑ ටික බෙදලා දෙන්නේ..

:       4       44

පොල්ගහවෙල Friday, 25 September 2020 04:39 PM

එක රටක් එක නීතියක් හොඳේ... මරු නේද?

:       3       37

dayanda Friday, 25 September 2020 05:21 PM

අනේ කැලෑවලට යන කල...

:       0       37

dasa p Friday, 25 September 2020 06:12 PM

ගස් නැතිව කොහොමද පොහොට්ටු පිපෙන්නේ..?

:       0       9

Perera Friday, 25 September 2020 07:17 PM

කැලෑවල් කපන්නේ මැදපෙරදිග රටවල් වගේ ලංකාව සංවර්ධනය කරන්න. 69 ලක්ෂයට ඕවා තේරෙනවා. ටික දෙනාටයි ඕවා තේරෙන්නේ නැත්තේ...

:       1       12

banda Friday, 25 September 2020 08:26 PM

ලංකාවට මාර වැඩේ වුණේ...

:       0       15

විජේ Friday, 25 September 2020 11:09 PM

අනේ අපොයි...

:       0       11

ලුම්බිණි Saturday, 26 September 2020 12:49 AM

හොඳ වැඩේ. මක්කැයි කියන්නේ දැන්?

:       0       14

rohana Saturday, 26 September 2020 01:25 AM

මේ අය බලයට එන්න කළින් දේශප්‍රේමියෝ... දැන් දේශපාලුවෝ... ලංකාවේ ඉන්නේ බත්කන වහල්ලු.

:       0       25

s d Saturday, 26 September 2020 02:13 AM

දිනු ජය සාමකමීව සමරමු.

:       0       26

Champa Saturday, 26 September 2020 04:17 AM

කෝ පරිසර ඇමති? පරිසරයට මුදා හරින බෝල්පොයින්ට් පෑනට අඬනවා. මෙහෙ රටපුරාම රක්ෂිතවල මහ ගස් කොළන් බිම හෙලනවා. ගිනි තියනවා.

:       0       26

GAYAN Saturday, 26 September 2020 04:22 AM

මක්කෙයි ඔහෙලා කියන්නේ.. අපි හම්බ කළොත්, අපි කනවා.

:       1       12

nalin Saturday, 26 September 2020 06:08 AM

අත්තනෝමතික ලෙස රජයේ ඉඩම් බලෙන් අල්ලගෙන ඉන්නවා නම් ඒ ඉඩම්වලට ඔප්පු ලබාදෙනවා කියලා ගහපු ගැසට් හින්දා වෙන වන විනාශය.. කොහොමත් අවුරුදු පහ ඉවරවෙනකොට රටේ පරිවාර වනාන්තර ටික ඔක්කොම ඉවරවෙලා තියේවි..

:       0       12

Wimal Saturday, 26 September 2020 08:05 AM

කොහොමත් සියලු කැලෑ කපන්න ඕනේ නරි ඉන්න නිසා.

:       0       6

dhamneth Saturday, 26 September 2020 09:24 AM

කැලේ නිධන් හාරන ආරංචි එනවා. නිධන් හොරුන්ව පොලිසිය අල්ලගෙන එනවා.

:       1       6

siri Saturday, 26 September 2020 02:21 PM

මේවා සාධාරණීයකරණය කරන්න හොර පරිසර සංවිධානත් පිහිටුවාගෙන වොයිස් කට් දෙනවා වගෙයි පෙනෙන්නේ.

:       0       0

rohana Sunday, 27 September 2020 02:11 AM

තාම වුනේ නැහැ මේවට වග කියන්න ඕන ලංකාවේ 69 ලක්ෂය

:       0       0

Bamunuarachchi Sunday, 27 September 2020 03:27 AM

ලස්සන වැඩේ කියන්නේ කැලේ කපලා ගිනිතියලා ලී ටික මෝලෙ ඉරලා විකුණාගෙන සල්ලි බෙදාගත්තාට පසුව තමයි අදාළ නිලධාරීන් කැලේ කැපුවා කියලා දැනගන්නේ. ඊටපසු ලොකුවට දානවා. වගකිව යුතු හෝ දඬුවම් ලබන කෙනෙක් නැහැ. මේවා රජයේ නිලධාරීන්ගේ සම්බන්ධතා ඇතුව කෙරෙන බවට හොඳටම ශුවර්. ගමේ මිනිහෙක් පැලඉනි වැටට කෝටු ටිකක් කැපුවහොත් අනවසරයෙන් කැලේ කැපුවා කියා අල්ලාගෙන යනවා.

:       0       1

fairoos Sunday, 27 September 2020 08:37 AM

යහපලානේ කාලේ කැලේ කැපුවේ මුස්ලිම් අය දැන් කපන්නේ සිංහල අය ඒක තමයි වෙනස.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 690 0

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 294 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 655 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 101 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 76 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 761 0


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1411 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site