(බිඟුන් මේනක ගමගේ)
අගුණකොළපැලැස්ස බන්ධනාගාර ප්‍රහාරයේ කමිටු වාර්තා යටගැසීම සම්බන්ධයෙන් තමා පෞද්ගලිකවම සොයාබලන්නේ යැයි මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමැති නීතිඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා ‘ලංකාදීප’ යට අද(15) පැවැසීය.
බන්ධනාගාරවල මූලික ප්‍රශ්න ගැන සොයාබැලීමක් කරන්නේ යැයි ද එහිදී අගුණුකොළපැලැස්ස සිදුවීම ගැන කඩිනම් මැදිහත්වීමක් කරන්නේ යැයි ද රාජ්‍ය ඇමැති සිල්වා මහතා කීය.
මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමැති නීතිඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා මේ බව පැවැසුවේ අගුණකොළපැලැස්ස බන්ධනාගාර ප්‍රහාරය ගැන නව රජය සොයාබලන්නේදැයි කළ විමසීමට පිළිතුරු දෙමිනි.
අගුණකොලපැලැස්ස බන්ධානාගාරයේදී පසුගිය නොවැම්බර් 22 වැනිදා රිමාන්ඞ් සිරකරුවන් පිරිසකට එල්ල වූ ප්‍රහාරයක් සම්බන්ධයෙන් මුල්වරට මාධ්‍යට කරුණු අනාවරණය කෙරුණේ මෙම වසරේ ජනවාරි 16 වැනිදාය.
සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී මෙම අනාවරණය කෙරුණු අතර හිටපු අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනි තලතා අතුකෝරාල මහත්මිය ඒ ගැන සෙවීමට ත්‍රිපුද්ගල කමිටු දෙකක් පත්කළාය.
බන්ධනාගාර අධිකාරින්ගේ හා ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ සාමාජිකත්වයෙන් වෙන වෙනම පත්කළ මෙම කමිටු දෙකෙන් වාර්තා සකස් කර හිටපු ඇමැතිවරියට බාරදුන්නද මාස දහයකට අධික කාලයක් ගතවීත් ඒවායේ නිර්දේශ ගැන හෙළිදරවු කෙරුණේ නැත.
තොරතුරු දැනගැනීමේ පනත යටතේ කළ විමසීමේදී අමාත්‍යාංශ නිලධාරිහු එවැනි වාර්තා සකස් කර නැතැයි මුලදී ප්‍රකාශ කළ අතර පසුව එම වාර්තා ලබාදීම ප්‍රතික්ෂේප කළහ.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
අගුණකොළපැලැස්ස කමිටු වාර්තා සොයන්න රාජ්‍ය ඇමැතිගෙන් සහතිකයක්
සෙනෙවිරත්න Sunday, 15 December 2019 12:23 PM
බොහොම කැතයි. එහෙම කළා නම්...