IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


අග්නිදිග සරසවියේ සිසුන් 21කට විනය පියවර


 
තරිඳු ජයවර්ධන
 
අග්නිදිග සරසවියේ තාක්ෂණික පීඨයේ සිසුන් 17 දෙනකුගේ පන්ති තහනම් කිරීමටත් හතර දෙනකුගේ ශිෂ්‍ය භාවය අහෝසි කිරීමටත් එම විශ්ව විද්‍යාල පාලනාධිකාරිය තීරණය කර තිබේ.
 
විශ්ව විද්‍යාලයේ නිසි බලධාරිනිය වන උමා කුමාරස්වාමි මහත්මිය ලිඛිතව දැනුම් දී ඇත්තේ අග්නදිග සරසවියේ කවුන්සිලයේ 214 වැනි රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇති බවයි.  මෙම කවුන්සිල රැස්වීම පසුගිය සෙනසුරාදා (14) පැවැති බව එම විශ්ව විද්‍යාලයේ ආරංචි මාර්ග කියයි.
 
පසුගිය බදාදා (11) එම විශ්ව විද්‍යාලයේ  ආපන ශාලාවේදී එහි පළමු වසරේ සිසුන්ට නවක වදය දුන්නේයැයි කියමින් සිසුන්ට මෙම විනය පියවර ගෙන තිබේ. කෙසේ වෙතත් සිසුන් ප්‍රකාශ කළේ තමන් පළමු වසර සිසුන්ට නවක වදය නොදු බවයි. මේ සම්බන්ධයෙන් සාධාරණ විමර්ශනයක් පවා නොතියා පාලනාධිකාරිය මෙම විනය පියවර ගෙන ඇති බව ද ශිෂ්‍ය සංගම් නියෝජිතයෙක් පැවසීය.
 
තාක්ෂණ පීඨයේ පන්ති තහනම් කළ සිසුන් 17 දෙනා සහ ශිෂ්‍ය භාවය අහෝසි කළ සිසුන් හතර දෙනා අද (16) සවස 6ට පෙර විශ්ව විද්‍යාල නේවාසිකාගාරයෙන් පිට විය යුතු බව ද  විශ්ව විද්‍යාල පාලනාධිකාරිය දන්වා තිබේ. 
 
පසුගිය වසරේ අප්‍රේල් මාසයේ සිට තාක්ෂණ පීඨයේ සිසුන් සහ විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සමග ගැටලු සහගත තත්ත්වයක් පැවැති අතර මීට පෙරද  සිසුන් පිරිසකට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනිනි. එම සරසවියේ පරිපාලන අර්බුදය විසඳීමට උසස් අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශ්ව විද්‍යාලයට නිසි බලධාරිනියක් ද පත් කැරිණි.   



අදහස් (9)

අග්නිදිග සරසවියේ සිසුන් 21කට විනය පියවර

kumar (Gulf) Monday, 16 July 2018 07:53 AM

රට හදන්නනම් මෙවැනි දැඩි ක්‍රියාමාර්ග ගත යුතුයි....... එක හොඳ වැඩක්.

:       210       224

Ranga Monday, 16 July 2018 08:07 AM

රට හදන්න මේ ළමයිව ගෙදර යවන එක හරිද බන්..රට හදන්න ගෙදර යවන්න උන් ඕන තරම් ඉන්නවා..මන් දන්න තරමින් මේ ප්‍රශ්නෙ සාදාරනයි..මොන්ටිසෝරි මානසිකත්වයෙන් සරසවි සිසුවා හිර කරන තත්වයක් මෙකෙ තියෙන්නෙ

:       133       187

diasMonday, 16 July 2018 09:53 AM

ඒ කියන්නේ මොන්ටිසෝරි එකක නවක වදය දෙන එක හරියි කියලද? මුලින්ම ඔය කියන ළමයි ගෙදර නොයන විදියට හැසිරුණා නම් මේ ප්‍රශ්නය ඇති වන්නේ නැහැ.

:       57       33

යුක්ති ඉසුරංග Monday, 16 July 2018 08:39 AM

රට හදන්න පියවර මේ ලෙසට ගත යුතු නැත.......සිසු ජීවිත වලින් පලිගෙන රට සෑදිය නොහැක. රට සෑදීමට පෙර තමන් සෑදී සිටීමට කටයුතු කරන ලෙස දන්වා සිටින අතර,නොයෙක් බාදක කම්කටොලු මැද නන්නාදුනන ප්‍රදේශයක ඉගෙනුමට ඔබ ඔබේ දරුවාව ඇතුලත් කල පසු ඔහුට හෝ ඇයට අකටයුතුකම් සිදු අන්නේනම් සිසුන් ලෙස කුමක් කල යුතු ද..??සියල්ලන්ම අස් වී ගෙදර පැමිණිය යුතුද..??ජනතාවනි මේ ඔබේ අවදානය සදහායි...මෙසේ පලිගත්තේ ඔබේ දරුවාගෙන් විය හැකි

:       46       61

Pathum Monday, 16 July 2018 09:32 AM

වැරදි කරලා තියෙනවනම් ඒ දේ ඔප්පු කරලා ,හරියට හොයලා බලලා ක්‍රියාමාර්ග ගන්න ඕනේ..මෙහම කිසිදෙයක් හොයන්නේ බලන්නේ නැතුව ගොන් හරක් වගේ ලමයිගේ ශිෂ්‍යභාවය අහෝසි කරන්නේ...තව ළමයින්ගේ පංති තහනම් කරන්නේ අමන නින්දිත පරිපාලනයක්...

:       14       42

vernon Monday, 16 July 2018 10:24 AM

යම් සිසුවෙක් ශිෂ්‍යයෙක් විදිහට සිටීම විනය පරීක්ෂණ තියන්න බාධාවක් නම් ශිෂ්‍යභාවය අහෝසි කරලා තමයි පරීක්ෂණ කරන්නේ. ඒ වගේම නවක සිසුන්ට කැන්ටින් වල නවක වධය දෙන එක තමයි දැන් අලුත්ම ප්‍රවණතාව. ඒක අහුවෙනවට නවක සිසුන්ට තර්ජනය කරලා තියෙන්නේ අයියලා අපිව අඳුනගන්න ආවා කියලා. පුදුම වැඩේ කියන්නේ මේ අඳුනා ගැනීමට අසභ්‍ය වදන් නැතුවම බෑ.

:       44       38

සෙනෙවි Monday, 16 July 2018 10:55 AM

අහෝසි කිරිමේ සහ තාවකාලිකව අත්‍ හිටුවීමේ වෙනස දන්නේ නැද්ද ?

:       1       49

sanath Monday, 16 July 2018 05:46 PM

අපේ විශ්වවිද්‍යාල වලින් නවක වදය සම්පූර්ණයෙන්ම අතුගා දැමිය යුතුයි කියලයි මං හිතන්නේ. අපි විශ්වවිද්‍යාලයට ඇතුල්වුන අවධියේ තිබුන නවක වදය දරාගැනීමට අමාරු නොවුනත් ඒ වදක මාසය තුල අප ජීවත්වුණේ මරණයට කැපවුන මුවපොව්වන් වගේ බයකිනුයි. මගේ දරුවා ඉංජිනේරු පාඨමාලාව අතහැර දැම්මෙත් අමානුෂික නවක වදය ඉවසා ගැනීමට නොහැකිවූ නිසයි. අනික් දරුවාත් ඉංජිනේරු පිඨයට තේරුනත් අයියට නවක වදයෙන් වුන පාඩුව ඔහුටත් සිදුවේයයි සිතා පිටරට විශ්වවිද්‍යාලයකට ඇතුලත්වුනා. මේ හේතුව නිසා මට නිකරුනේ මිලියන් ගණනාවක් වියදම් කරන්න සිද්ධ වුනා. මේවගේ ළමයි දෙතුසීයක් නවක වදය නිසා අවුරුදුපතා විශ්වවිද්‍යාල අධ්‍යාපනය අතහැරලා දමනවා.

:       0       2

හසිත ශාලික Tuesday, 17 July 2018 05:31 AM

විශ්වවිද්‍යාලයක ශිෂ්‍යයෙක් සිරකරුවෙකු විය යුතු නැත. එසේම විශ්වවිද්‍යාල ශිෂ්‍යා විසින් අලුතෙන් එන සිසුන් සිරකරුවන් කොට නවකවදය දිය යුතුද නැත. නවක වදය නවක වදය යනුවෙන් කෑගසන ඇතැම් පිරිස් කිසි දිනෙක එවන්නක් දැක් තිබෙනවාද යන ප්‍රශ්නයක්ද පවතී. කෙසේ වෙතත් නවක වදය තිබුනා හෝ නොතිබුණා නිසි පියවරෙන් පියවර ගත යුතු ක්‍රියා පටිපාටීන් තිබියදී සිසු ජීවිත විනාස කොට දමමින් එක්වරම පන්ති තහනම් පැනවීම හා ශිෂ්‍ය භාවය අහෝසි කොට දැමීම ඉතාමත් බැරෑරුම් ලෙස සිතිය යුතු සුලුවෙන් තැකිය නොහැකි අකටයුත්තකි. ඊටත් වඩා විශ්වවිද්‍යාල සිසුන් පරිපාලනය කරන පරිපාලනය මුවහත් කරගත් කතුරු පොලු මුගුරු රැගෙන එමින් සිසුන් වටකොට බිය වද්දා සිසුන්ගේ අනන්‍යතා පත්‍ර විසි කරමින් අලුගෝසුවන් සේ හැසිරීම ඉතාම භයානක තත්වයකි. අප මූලිකවම එයට විරුද්ද විය යුතුමය. මේ ආකාරයේ පාතාල කල්ලි සාමාජිකයන් ලෙස හැසිරෙන පාලනාධිකාරියකින් සිසුන්ට සහ සිසුන්ගේ අධ්‍යාපනයට කවර ආකාරයේ පහසුකම් ලැබෙන්නේදැයි සැකයකි. එමෙන්ම අනාගතය බාර ගැනීමට සිටින වසර දහතුනක් පමණ ප්‍රමාණයක් හොද අධ්‍යාපනයක් ලැබූ සිසුවෙක් ගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීම රටට කරන අපරාදයක් මෙන්ම සුලුවෙන් තැකිය නොහැකි සමාජ ව්‍යසනයකි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 640 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 121 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 872 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 896 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1256 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1137 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 219 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1535 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1430 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site