IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


අග්නිදිග සරසවි භූමියෙන් ඉවත්වන්නැයි දෙමාපියන්ට නියෝග

තරිඳු ජයවර්ධන

අග්නිදිග විශ්ව විද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ලේ විරෝධතාවක නියැලී සිටින එම විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පිඨයේ සිසුන් සහ දෙමාපියන්ට වහාම විශ්ව විද්‍යාල භූමියෙන් පිටව යන ලෙස අක්කරේපත්තු මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

අධිකරණය එසේ නියෝග කළේ අක්කරේපත්තු පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් කුමාර මහතා අධිකරණයට කළ කරුණු වාර්තා කිරීමක් සැලකිල්ලට ගනිමිනි.

ඔලුවිල් අග්නිදිග විශ්ව විද්‍යාලය තුල අනවසරයෙන් පිරිසක් ඇතුළු වී සිටින බවටත්, විශ්ව විද්‍යාලයේ සාමය කඩ කිරීමට හා විශ්ව විද්‍යාලයේ දේපොළවලට හානි කිරීමට උත්සාහ කරන බවටත් පැමිණිල්ලක් ලැබුණු බවත් ඒ අනුව   මෙම පිරිස ඉවත් කරන ලෙසත් පොලිසිය ඉල්ලීමක් කළේය.

අග්නිදිග විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ වසරකටත් වැඩි කාලයක සිට ඇති ගැටලුවකට විසඳුම් නොලැබීම මුල්කරගෙන සිසුහු පිරිසක් හා දෙමාපියෝ පිරිසක් මෙම විරෝධතාවය ආරම්භ කළහ.  ගැටලුවලට විසඳුම් සාකච්ඡා කිරීමට විශ්ව විද්‍යාලයට පැමිණෙන ලෙස දෙමාපියන්ට ආරාධනා කර ඇති බවත්, ඒ අනුව දෙමාපියන් සාකච්ඡාවට ගිය පසු රාත්‍රී වන තුරු සාකච්ඡා පවත්වා විසඳුමක් නොදී  දොරවල් වසා නිලධාරීන් පිටව ගිය බවත්, දවසකටත් වැඩි කාලයක් එනිසා ඇතුළට වී සිටීමට සිදුවූ බවත් දෙමාපියෝ කියති.

තම දරුවන්ට ඇති අධ්‍යාපනයේ අයිතිය විශ්ව විද්‍යාල පරිපාලනයෙන් නැති කිරීමට විරෝධය පළකරමින් පරිපාලන ගොඩනැගිල්ලේ රැඳී සිටින බව සිසුවකුගේ පියෙක් පැවසීය. මීට පෙර සිසුන්ට හිරිහැර කළ විශ්ව විද්‍යාල පරිපාලනයේ නිලධාරීන් සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිදු පියවරක් ගෙන නැතැයි ද ඔහු කීවේය.

අග්නිදිග විශ්ව විද්‍යාලයේ ගැටලුව සම්බන්ධයෙන් මීට පෙර පළ කර ඇති ලිපි පහතින් ඇත.

මොන්ටිසෝරි නීති වලින් වැසුණු ඔලුවිල් සරසවිය

සරසවි සිසුන් ඉවත් කරන්න පොලු මුගුරුත් අරං එයි

ග්නිදිග සරසවියේ අර්බුදය

අග්නිදිග තාක්ෂණ පීඨ සිසුහු කොළඹදී සත්‍යග්‍රහයක

සත්‍යග්‍රහයකට ගිය දෙමාපියන් අග්නිදිග විශ්ව විද්‍යාලයේ සිරකරති

අග්නිදිග සරසවියේ සිසුන් 21කට විනය පියවර

 

 

 

 



අදහස් (2)

අග්නිදිග සරසවි භූමියෙන් ඉවත්වන්නැයි දෙමාපියන්ට නියෝග

tony Tuesday, 16 October 2018 11:00 AM

හරියට වන්දනාවේ ගිය නඩයක් වගෙයි.

:       1       2

upali Tuesday, 16 October 2018 12:28 PM

මොන ලෝකෙද ඉන්නේ.............. යහපලනේ දොරේ ගලනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 49 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 135 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 362 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 635 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 259 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 142 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1672 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1530 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site