IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


අගරදගුරුතුමන් ජනප්‍රියවීමට ගන්නා සෑම උත්සාහයක්ම වරද්දාගන්නවා

(රංජන් කස්තුරි)  

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් මානව හිමිකම් සම්බන්ධයෙන් ඉකුත්දා කළ ප්‍රකාශය පිළිගත නොහැකි බවත් අගරදගුරුතුමන් ජනප්‍රියවීමට ගන්නා සෑම උත්සාහයක්ම වරද්දා ගන්නා බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සිය ට්විටර්
ගිණුමෙහි සටහනක් තබමින් සඳහන් කර ඇත.

මානව හිමිකම් සුරැකීම අවශ්‍යවූයේ කතෝලික ආගම නොපිළිගන්නා සහ ඒ පිළිබඳව ප්‍රශ්න කළ පුද්ගලයන් එදා වධ හිංසාවලට භාජනවීම සහ කුරුස යුද්ධයේදී සමූලඝාතනයට ලක්වීම නිසා යැයි ද සමරවීර මහතා සඳහන් කර ඇත.

මානව හිමිකම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් ඉකුත්දා ප්‍රකාශ කර තිබුණේ ශත වර්ෂ ගණනාවක සිට ආගමික නැඹුරුවක් ඇති ශ්‍රී ලංකාව වැනි රටවලට මානව හිමිකම් ගැන පාඩම් කියාදීමට බටහිර ජාතීන් උත්සාහ දරන බවය.

සාන්ත මතෙව් රෝමානු කතෝලික දෙව්මැදුරේ ඉකුත්දා පැවැති මංගල දේව මෙහෙයට එක්වෙමින් අගරදගුරුතුමන් එසේ සඳහන් කර තිබිණ.

මංගල සමරවීර ඇමැතිවරයා පිළිතුරු දී තිබුණේ අගරදගුරුතුමන්ගේ එම ප්‍රකාශයටය.

 

 



අදහස් (37)

අගරදගුරුතුමන් ජනප්‍රියවීමට ගන්නා සෑම උත්සාහයක්ම වරද්දාගන්නවා

sameera Wednesday, 26 September 2018 04:25 AM

තමන්ගේ රටට ආදරේ නැති අයට අගරදගුරුතුමා බෞද්ධ නොවුනත් හොද පිළිතුරක් දීලා.

:       189       833

RaveendraWednesday, 26 September 2018 06:29 AM

sameera මයා ගේ අදහස් සමග අපද එකග වන්නෙමු. රටට අවංකව ආදරය කරන සාමාන්‍ය පුරවැසියන් වන අපට ගරු අගරදගුරුතුමන්ගේ අදහස් වල කිසිදු අඩුවක් නොපෙනේ. මේ පිනට සියලුම සැප සම්පත් විදින ,පිනටම තුන්වෙලත් ගිලදමන මේ මහජන නියෝජිතයන්ගේ මානසික ලෙඩරෝග පිලිබදව සොයා බැලිය යුතුමය.

:       160       936

suran Wednesday, 26 September 2018 04:45 AM

බටහිර ජාතීන්ට බනිනකොට මේයාට කේන්ති යන්නේ මොකද? අගරදගුරුතුමන්ට විශේෂයෙන් ජනප්‍රිය වෙන්න දෙයක් නැහැ. එතුමා කතාකරන්නේ ඇත්ත. බටහිර ජාතීන්ට ගැතිකම් කර උන්ගේ සංස්කෘතියේ ඇති කුණුගොඩවල් අපේ රටට ඇතුල්කරන්න හදන අයට අගරදගුරුතුමන්ව විවේචනය කරන්න නොදිය යුතුය. ශ්‍රිලංකාවේ කතෝලික ජනතාව සහ බෞද්ධ ජනතාව අතර මෙතුමා පාලමක් වැනිය. මම බෞද්ධයෙක්, එත් මම මෙතුමාට ගරුකරනවා. මොකද මෙතුමා තමා සැබෑ සංහිදියාවේ පියා.

:       303       1310

HafeelWednesday, 26 September 2018 07:36 AM

Suran, ඔබ කියන්නෙක ඇත්ත. බටහිර විවේචන කරනකොට මෙයාට දරාගන්න බැහැ. මෙයා තමයි හැම විටම බටහිර, ජිනීවා ඉල්ලීම් ඉටුකරන්න ප්‍රොගාමීව කටයුතු කරනවා.

:       82       228

සමන්-ඕමානයWednesday, 26 September 2018 07:59 AM

අග රදගුරු තුමා කියා තිබෙන්නේ සම්පුර්ණ ඇත්ත.

:       41       197

saman Wednesday, 26 September 2018 04:50 AM

මෙතුමාට අමතකවෙලා වගේ කුරුසයුද්දේ කරේ, දෙවන ලෝකයුද්දේ කරේ, රතු ඉන්දියානුවන් සමුලගාතනය කරේ , ආගම මුල්කරගන මිනිස්සු මැරුවේ ලංකාවේ නෙවි අද අපිට මානව හිමිකම් උගන්නන එන රටවල් කියලා.

:       78       389

චතුරිකා සිරිසේන - පොලොන්නරුවWednesday, 26 September 2018 02:17 PM

සමන් පිස්සු කියවන්නේ නැතිව ඉන්න.. දෙන්නම යන්න මුල්ලේරියාවට.. අදහස් දමන්න කලින් දෙතුන් වතාවක් හිතලා කියවලා බලන්න.

:       3       0

jayasekara Wednesday, 26 September 2018 04:56 AM

මේ බරපතල ප්‍රකාශය බොදුනුවකු වන මා පිළිකුලෙන් යුතුව හෙළාදකිනවා.... ඇමතිතුමාට වඩා වැඩි කැක්කුමක් මෙරට බොදුණු සංස්කෘතිය ගැන උන්වහන්සේට පවතින එක ගැන අප ආඩම්බර විය යුතුය.

:       124       552

Roshan Wednesday, 26 September 2018 05:01 AM

මුලු ලොකයේම තමන්ගෙ රටට විරුද්ධව කතා කරපු කරන එකම ඇමති මෙයා වෙන්න ඕනෙ.

:       91       444

asanga Wednesday, 26 September 2018 05:17 AM

අපි ඔක්කොම වරද්දාගෙන ඇති බව දැන්නම් හොඳටම පෙනෙනවා.

:       28       180

janu Wednesday, 26 September 2018 05:17 AM

ඔයා මුලින් රුපියල ස්ථාවර කරගන්න...... එතුමාට බහුතරයක් ලාංකිකයන් ගරුකරන උතුමන් කෙනෙක් ...

:       74       464

Riyas Melbourne Wednesday, 26 September 2018 05:22 AM

ශ්‍රී ලංකාවේ කවුරුන් විසින් හෝ මානව හිමිකම් උල්ලංගනය කර ඇති බව කවුරුත් පිළිගත් මතයක් වන අවස්තාවක මෙතුමා යම් කණ්ඩායමක් වෙනුවෙන් සුදු හුණු ගෑමට ගොස් හොඳින් නාගෙන ඇත. මංගල ඇමති තුමාගේ පණිවුඩය කාලෝචිතයි.

:       1304       205

samWednesday, 26 September 2018 06:16 AM

රියාස් ලා මෙල්බර්න් වලම ඉන්න.

:       67       496

BamunuarachchiWednesday, 26 September 2018 11:12 PM

ඒ අයට වැඩ වරදින්න ආපු නිසා කියන කතා ඕවා සතේකට ගණන් ගන්න එපා

:       0       0

hira Wednesday, 26 September 2018 05:42 AM

මංගල ඇමතිතුමා එක්ක මම 100% එකගයි.

:       544       247

nimalWednesday, 26 September 2018 06:41 AM

hira ලා හිතන් ඉන්න දේවල් මේ රටේ කරන්න බැහැ. මොකද මේ රට හොද සංස්කෘතියක් තියෙන රටක්.

:       24       172

hiraWednesday, 26 September 2018 09:01 AM

නිමල්, ඇමතිතුමා කරලා තියෙන්නේ මේ අයගේ අතීතය මතක් කරලා දීපු එක. ලංකාවට මස් කලා, අරක්කු බොන සංස්කෘතිය ගෙනාවේ කවුද, මේවා කියද්දී තද වෙනවා.

:       295       751

ඉන්දික Wednesday, 26 September 2018 05:43 AM

ගරැ අගරදගුරුතුමන් කියපු තකාව ඇත්ත.

:       169       377

Ranjan Wednesday, 26 September 2018 06:14 AM

පදනමක් නැති තුට්ටු දෙකේ අදහස් වලට අපි එච්චර කලබල වෙන්න ඔනෙ නැහැ.

:       38       124

Keppetipola Wednesday, 26 September 2018 06:52 AM

මෙයා සේරම පටලගන්නවා. අගරදතුමාගේ වටිනාකම තේරෙන්නේ නැති හැටියක්. රන්ජිත් පිය තුමා අපේ රටට පහළ වුණු අති ශ්‍රේෂ්ඨ උත්තමයෙක්. එතුමා කියපු දේ සහතික ඇත්ත.

:       35       257

LoveChin Wednesday, 26 September 2018 07:27 AM

අගරදගුරු තුමා ජාති ආගම් බේදයකින් තොරව හැමෝගෙම අතීශය ගෞරවාදරයට පත් අයෙක්.එතුමා හැම විටම නිර්භයව අදහස් පළ කරන ශ්‍රේෂ්ඨ උතුමෙක්. එතුමා මෙහිදි පළ කළ අදහසත් එවැන්නක්..... මේකට වලිගෙ පාගා ගත්තේ ඇයි කියන එකයි මට තියෙන ප්‍රශ්නෙ.

:       185       358

samantha Wednesday, 26 September 2018 07:37 AM

අගරදගුරුතුමාට අමුතුවෙන් ජනප්‍රිය වෙන්න දෙයක් නැහැ. එතුමා අතිශයන්ම ජනප්‍රියයි රට ගැන කැක්කුමක් ඇති පුද්ගලයෙකු ලෙස. කොපමණ රජ බොජුන් දුන්නත් සුද්දගේ අතුරුපසට නොගත්තොත් නින්ද නොයන අදිරාජ්‍ය වාදී වහල්ලුන්ට එතුමාව දිරවන්නේ නැතුව ඇති

:       63       275

d.upul Wednesday, 26 September 2018 07:47 AM

නම් පටලවාගෙන නෙවෙයි, අනාගෙන.

:       13       43

nuwa Wednesday, 26 September 2018 08:24 AM

මෙයා පවත්වපු මම මානව හිමිකම් ගැන රැළියකට මම සහභාගි වුණා. කුරුඳු පොලුපාර තාම පිටේ තියෙනවා..

:       0       218

Rocky Wednesday, 26 September 2018 08:26 AM

මේ ඇමතිතුමා මුදල් ඇමති වෙන්න තිබුනේ කුරුස යුද්ධ කාලේ. එයා ගැලපෙන්නේ ඒ යුගයටයි. පදනමක් නැති, අදාලත්වයක් නැති මෝඩ කතාවලින් මේතුමා තව තවත් මිනිසුන්ට දුරස් වෙනවා.

:       1       65

Ferna Wednesday, 26 September 2018 08:31 AM

මානව හිමිකමයි දේශපාලනෙයි පටලවගෙන... මංගලලාට කඩේ යන අය අපේ රටේ තවත් ඉන්නවා..

:       0       75

Bamunuarachchi Wednesday, 26 September 2018 09:53 AM

මෙයා භයවෙලා අගරදගුරුතුමා ජනාධිපතිකමට තරඟ කරාවි කියලා.

:       0       67

ජනහිත Wednesday, 26 September 2018 10:57 AM

අගරදගුරු තුමාගේ දේශනය මංගල ඇමති තුමා අහළ නෑ.

:       24       84

analyzer Wednesday, 26 September 2018 12:19 PM

මෙතන පුද්ගලයා මත පදනම්ව හරි වැ‍රැද්ද හොයන්න යන එකයි වෙලා තියෙන්නේ. කිතුදහම අදහන අය වැඩි හරියක් ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල ඉන්නේ ඇයි? ඒ අය බටහිරින් ආවාද? නැත්නම් ඒ අයගේ මුතුන් මිත්තන් මොන ආගමේද? වතිකානුව පිහිටා ඇත්තේ බටහිර රටකද? එසේ නම් වතිකානුව හොඳ වීමටත් බටහිර නරක වෙන්නෙත් කෙසේද?

:       2       115

කසුන් Wednesday, 26 September 2018 12:21 PM

ඇත්තටම අපි රටක් වශයෙන් ඉන්නේ ඉතාමත් අභාග්‍ය සම්පන්න අවස්ථාවකයි... මොකද මෙහි පලකරලා තියෙන සමහර අදහස් බැලුවහම අපේ රටේ මිනිසුන්ගෙන් වැඩිහරියක් දෙනා මානසික ආතතියෙන් හෝ දරුණු මානසික ලෙඩකින් පෙලෙන බවයි පේනේනේ. කාදිනල්තුමා රටේ පවතින තත්වය ගැන අපක්ෂපාති විග්‍රහයක් කරන්නේ... අනේ පුලුවන්නම් මේකටත් ගොන් කොමෙන්ට්ස් ටිකක් දාන්න!!

:       7       17

Adam Wednesday, 26 September 2018 12:26 PM

මෙතුමාගේ මොලේ කොහොමත් ටිකක් කචල්... හීනෙන් දොඩවනවා. 2020 කිට්ටු නිසා තද වෙලා රටම පාවා දීලා රුපියලත් නැතිම කරලා දැන් අපිව උලාකනවා.

:       6       77

Adam Wednesday, 26 September 2018 12:29 PM

කිව්වොත් කියන්නේ මෝඩ කතාවක් තමයි ඉතින්....

:       4       24

ගල්කටස් Wednesday, 26 September 2018 12:50 PM

අගරදගුරු අැත්ත කියනකොට සමනළයෙක් චූන් වෙළා... ඔබ වහන්සේගේ අදහස් අපට වටිනාකම කියලා නිමකරන්න බැහැ. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබෙත්වා..

:       8       28

chapa Wednesday, 26 September 2018 01:04 PM

කිව්වොත් "මොංගල්" කතාවක් තමයි..

:       4       56

Bamunuarachchi Wednesday, 26 September 2018 11:25 PM

අගරදතුමාට අමුතුවෙන් ජනප්‍රිය වීමට දෙයක් නොමැත ඔබලා තමයි අවුරුදු 5 න් 5 ට ජනප්‍රිය විය යුත්තේ. දැනටමත් ඔබ අපි අතරේ ජනප්‍රිය වී හමාරය.

:       0       0

sopi Friday, 28 September 2018 06:37 PM

පුහුල් හොරා කරෙන් දැනේ... කියන්නේ මේවට තමයි.. මානව හිමිකම් කඩතුරාවට මුවාවෙලා බඩගෝස්තරය හොයාගන්න අයට තමයි මේවගේ අදහස්වලට තද වෙන්නේ...

:       0       0

rohana kumara mendis Saturday, 29 September 2018 07:25 AM

ඇමතිතුමාගේ අනික් දේවල් නම් මට අදාළ නැහැ. එ්ත් මේ කියලා තියෙන දේ නම් පට්ට ඇත්ත. විවිධ වධ හිංසා පමණක් නොව ක්‍රිස්තියානි නොකරන අයගේ හිස පවා ගසා දැම්මා පෘතුගීසි කාරයින්... අතේ වඩන් ඉන්න දරුවාගේ...දෙමාපියන්ගේ... ඕවා දැන් ඒවා හැමෝටම අමතකයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 111 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 434 0

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 487 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1283 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2729 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1796 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 234 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1451 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site