IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


අගමැතිගේ ඉන්දීය සංචාරයේ තතු ජනපතිට

(අංජුල මහික වීරරත්න)


සිය ඉන්දීය නිල සංචාරය පිළිබඳ සම්පූර්ණ විස්තරයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත අද (22) දහවල් ඉදිරිපත් කර තිබේ.


ඉන්දීය සංචාරයේදී එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් සැලකළ කරුණු විශේෂයෙන්ම ජනාධිපතිවරයා වෙත වාර්තා කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගනු ලැබීය.


ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුව, කොටුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද දහවල් පැවැත්විණි.


ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පමණක් සහභාගී වූ ඉහත හමුව පැය භාගයකට ආසන්න කාලයක් පැවති බව වාර්තා වේ.



අදහස් (7)

අගමැතිගේ ඉන්දීය සංචාරයේ තතු ජනපතිට

OMG Monday, 22 October 2018 12:15 PM

රෝ ඔත්තු සේවයේ පඹ ගාල ගැන වෙන්න ඇති...

:       47       10

ගල්කටස් Monday, 22 October 2018 12:18 PM

අයියා මල්ලි වාගෙයි අපි දෙන්නා...ෂුවර් එකටම ගජබින්නයක් අතහැරලා ලොක්කව බය කරන්න අැති. මට නම් මේ උත්තමයන් දෙන්නා දකින වාරයක් පාසා මතක් වෙන්නේ පිස්සු පූසා කාටුනයයි.

:       32       62

සතයපාල Monday, 22 October 2018 12:31 PM

මේ මේ මට ඕවා කියන්න එන්න එපා. ඉන්දියන් කාරයින්ට මේවා දෙන්න පොරොන්දු වුනේ මං ගැන තියලා නොවෙයි.

:       0       3

sirimal Monday, 22 October 2018 12:33 PM

කවුද දන්නේ ඇත්තම කීවද කියලා? අගමැති මාධ්‍ය ඒකකය විසින් නිකුත් කල නිවේදනයේ "රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය අගමැති මෝදි මහතා හමුවූ අවස්ථාවේ මෝදිගේ කණස්සල්ලත් කණගාටුවත් රනිල්ගේ මුහුණටම ප්‍රකාශ කර ඇති බව සඳහන්ලු... 2017 වසරේ ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුමට අනුකූලව ඉන්දු – ශ්‍රී ලංකා හවුල් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දැඩි පමාවක් දක්නට ලැබීම තමන්ගේ කණස්සල්ලට හා කණගාටුවට හේතු වී ඇති බව පැවසූ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඒ ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කරලීමට පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා අගමැතිගෙන් ඉල්ලා සිටිබවත් එහි සඳහන් වෙනවාලු. එම නිවේදනයෙහි තවදුරටත් සඳහන්ව ඇත්තේ "රාජ්‍ය තාන්ත්‍රික කාර්යයන් සම්බන්ධව තමා වැඩිම කාලයක් වැයකර ඇත්තේ ශ්‍රී ලංකාව වෙනුවෙන් බවත්, ඒසේ වී තිබියදීත් ඉන්දියාව විසින් සිදුකරන සත්කාරයන් සඳහා ශ්‍රී ලංකා රජයෙන් ලැබෙන ප්‍රතිචාර සම්බන්ධව තමා කණගාටුවන බවත් පැවසූ මෝදි මහතා තමා පිළිබඳව හෝ ඉන්දීය රජය පිළිබඳව කිසියම් සැකයක් හෝ ගැටළුවක් ඇත්නම් නොපැකිලව සාකච්ඡා කරන ලෙසද" ඉල්ලා සිටි බවලු. මුණ ගැහෙන්න ඉස්සර ඔය නිවේදනය දුන්නානම් වැඩේ අහවරයි.

:       0       64

chathuri Monday, 22 October 2018 12:50 PM

බොළඳ කතා නතරකරලා රටේ මිනිසුන්ට බඩ පිරෙන්න කන්න දෙන්න බලන්න. අැමතිලගේ ගමන්, සුඛෝපභෝගී ජීවිත ඒවාට යටකරපුවා ඇති. තව ටික කලයි. පක්ෂේත් තාමත් ඉන්නේ ජනතාවගේ පොරොන්දු ඉටු කරන්න. හාමතේ මැරෙන්න නොදී... ඉන්දියාවේ ජයග්‍රහණයෙන් කාලක්වත් ලංකාවේ නැහැ. මේ ටිකදෙනා පාලනය කරගන්න. බැරිනම් වැඩක් තියෙනවද යන රටවල... නායකයින් අපේ රටට හිනහවෙන් බව. මතක තියාගන්න. අබඇටය අරක්ෂා කරගන්න බැරිව ලොකු දේවල් කරන්නේ.... කොහොමද?

:       30       21

Amila Monday, 22 October 2018 11:50 PM

මෙච්චර සම්පත් තියෙන රටක් දියුනු කරන්න බැරුව නය ගොඩක හිරකරගෙන ලෝකේ රටවල් ඉස්සරහා දනින් වැටෙන අනුවන නායකයෝ ඉන්න තවත් රටක් මේකත්. අපි, වෙනිසියුලාව වගේම බෝහොමයක් අප්‍රිකානු රටවලත් සම්පත් තියන් අනුවන පාලකයෝ නිසා දුක් විදින රටවල්. මේ තට්ටු මාරු නායකයෝ වෙනුවට අලුත් යහමින් මුදල් තියෙන දක්ෂ ව්‍යාපරිකයෙක් ( මොකද තමන් හැදිලා ඉන්න ඔන රටක් හදන්න . නැත්තම් කොච්චර උගතෙක් වුනත් හොරා කනවා සල්ලි නැත්තම් ) රටේ නායකයා කරගෙන නුතන තාක්ෂණය සහ ලෝකය ගැන අවබෝධයක් තියෙන පිරිසක් හදාගන්න ඕන.

:       0       1

hasantha Tuesday, 23 October 2018 03:03 AM

තව අවුද්දක් විතරයි තියෙන්නේ. මේක අපිට දෙන අවසන් අවස්ථාව.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 194 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 2216 1

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 518 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 1076 3

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 147 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 93 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1508 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1413 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site