IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


අගමැති විදෙස් තානාපතිවරුන් හමුවෙයි

(නිමල කොඩිතුවක්කු)
 
රටේ උද්ගතව ඇති වත්මන් තත්ත්වය පිළිබඳව අග‍්‍රාමාතය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ විදෙස් තානාපතිවරු හා නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් අද (22) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. 
 
ස්ථාන කිහිපයක සිදුවූ බෝම්බ පිපිරවීම් සහ රටේ ඉදිරි ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරමින් රටවල් 46 කට අධික තානාපතිවරු සහ විදෙස් නියෝජිතයින් සමඟ පුරා පැයකට ආසන්න කාලයක් මෙම සාකච්ඡාව පැවැත්වූහ.
 
බෝම්බ පිපිරවීමේ සිද්ධියත් සමඟ මෙරටට සංචාරකයින් පැමිණීමේ අවදානමක් උද්ගත විය හැකි බැවින් එය යථා තත්ත්වයට පත් කර රටේ ආර්ථිකය ශක්තිමත් කරගනිමින් රට ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරිණි. 
 
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඊට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට හමුදාවට බලය පැවරීමට සහ අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් පැය 24 කට වැඩි කාලයක් රඳවා ගෙන ප‍්‍රශ්න කිරීමට පමණක් සීමා වූ හදිසි නීති රෙගුලාසි දෙකක් පැනවීමට නියමිත බව පෙන්වා දුන්නේය.
ආගමික සිද්ධස්ථාන සහ සංචාරක හෝටල් මූලික කර ගනිමින් එල්ල වූ මෙම ත‍්‍රස්තවාදී ප‍්‍රහාරය සඳහා ජාත්‍යන්තර වශයෙන් සම්බන්ධතා තිබේ නම් එය පරාජය කිරීම සඳහා ජාත්‍යන්තරයේ සහයෝගය ලබා ගැනීම කෙරෙහි ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු විය. 
 
මෙම ප‍්‍රහාරයෙන් මියගිය හා තුවාල ලබා සිටින විදේශිකයන් පිළිබඳ තොරතුරු තානාපතිවරුන් වෙත ලබාදුන් අතර ඒ සම්බන්ධයෙන් අවශ්‍ය  සහයෝගය විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් ඔවුන් වෙත ලබාදෙනු ඇති බව ද අග‍්‍රාමාතය රනිල් වික‍්‍රමසිංහ මහතා  මෙහිදී ප‍්‍රකාශ කළේය. 
 
මෙම අවස්ථාවට විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන, වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, අග‍්‍රාමාත්‍ය  ලේකම් සමන් ඒකනායක, විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් රවිනාථ ආරියසිංහ යන මහත්වරු ඇතුලු පිරිසක් සහභාගි වූහ.



අදහස් (16)

අගමැති විදෙස් තානාපතිවරුන් හමුවෙයි

Raveendra Monday, 22 April 2019 03:06 PM

"පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට හමුදාවට බලය පැවරීමට සහ අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් පැය 24 කට වැඩි කාලයක් රඳවාගෙන ප‍්‍රශ්න කිරීමට පමණක් සීමා වූ හදිසි නීති රෙගුලාසි දෙකක් පැනවීමට නියමිත බව පෙන්වා දුන්නේය." මෙහි අර්ථය කුමක්ද? තමන්ගේ රටේ ආරක්ෂාව වෙනුවෙන් තීන්දු තීරණ ගන්න කොහෙවත් යන තානපතිලගෙන් අවසර ගන්න ඕනෙද? ඒ ගොල්ලන්ගෙන් අහන්න ඕනෙද අපේ ආරක්ෂාවට ගතයුතු ක්‍රියා මාර්ග පිළිබඳව... ඒ ඒ රටවල මෙවන් ගැටලුවකදී අපේ තානාපතිට කතා කරලා කිව්වද ඒ ගොල්ලෝ ගන්න යන තීරණ ගැන...

:       1015       1540

Dan Monday, 22 April 2019 04:12 PM

තමන්ගේ රටේ ආරක්ෂාව සම්බන්ද ප්‍රශ්නයකදී පිටරට තානාපතිලාගෙන් අවසර ගන්න ඕනෙද? ඒ අය තමයි රටේ ආරක්ෂාව දිය කරලා වෙන කිසිම රටක නැති නීති හදුන්වලා මේ රට පහසු ඉලක්කයක් කලේ.

:       339       799

liyanageMonday, 22 April 2019 09:02 PM

"හෙඩ්ලයින්" පමණක් කියවා අදහස් ලිවීමෙන් වැළකී සියල්ල හරිහැටි කියවා අදහස් දක්වන්න. ලංකාවේ තත්වය.., සංචාරක කර්මාන්තය සහ ආර්ථිකයට ඇතිවූ බලපෑම තානාපතිවරුන්ට පැහැදිලිකර ඇතිබවත් රට බෙදීමක් සම්බන්ධව කිසියම් සාකජච්ඡාවක් සිදුව නොමැතිබව එම ලිපිය කියවීමෙන් පැහැදිලියි. රටේ ආර්ථිකය විශාල ශක්තියක් වන්නේ විදේශ සංචාරකයන් ලංකාවට පැමිණීම නිසා සහ විදේශ ආයෝජන නිසා විදේශ තානාපතිවරුන් දැනුවත් කිරීමෙන් රටට ඇතිවූ හානිය කුමක්ද?

:       0       0

td Monday, 22 April 2019 04:35 PM

ලංකාවේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයේ ලෝකයේ ප්‍රබල ජනමාධ්‍යය විසින් පුළුල් ප්‍රචාරයක් ලබාදෙමින් තිබෙන නිසා ලංකාවේ සිදුවීම පිලිබදව මුළු ලෝකයාගේ අවදානය මේ වන විට යොමුව තිබේ. අගමැතිවරයාගේ විදේශ මාධ්‍ය හමුවේදී ත්‍රස්තවාදය තුරන් කිරීම පිළිබද ප්‍රකාශය කිහිපවරක් ප්‍රවුර්ති හරහා විකාශනය කරන ලදී. බෝහෝ රටවල් ලංකා රජය ඉල්ලීම් කරන්නේනම් සහයෝගය පවා බලපොරෝතු වන බව එම බලධාරීන් ප්‍රකාශ කළේය. මේ ගැන අවධානය යොමුකොට තාක්ෂණික සහ බුද්ධි අංශ ශක්තිමත් රටවල් වල සහයෝගය ලබගෙන් එම රටවලට ලංකාවේ ආරක්ෂාව පිලිබදව විශ්වාසයක් ඇති කර ගැනීමට ඉක්මනින් කටයුතු කලයුතුය. මේ සිදුවීම පිලිබදව මාධ්‍ය අදහස් වීමට ඇමැතිවරුනට වඩා දක්ෂ මාධ්‍යය ප්‍රකාශකයකු පත් කිරීමේ විදෙස් මාධ්‍ය වලට සහයෝගයක් වනු ඇත.

:       35       246

BamunuarachchiMonday, 22 April 2019 11:44 PM

"ත්‍රස්තවාදය තුරන් කිරීමේ ප්‍රකාශය" මෙයා කවදාද මේ රටේ ත්‍රස්තවාදය තුරන්කලේ හලෝ? දෙමළ ත්‍රස්තවාදය තුරන් කරන්න හැදුවේ උතුර ප්‍රභාකරන්ට දීලා... මුස්ලිම් ආගමික ත්‍රස්තවාද තුරන් කරන්න අපූරු යෝජනාවක් එවි කියා සිතමි.

:       0       0

nimalTuesday, 23 April 2019 12:28 AM

කවුරු කෙසේ කුමක් කීවද ආරක්ෂක ලේකම්වරයා ආරක්ෂාව පිළිබද දන්නා ප්‍රවීණයකු නොවන බව ඔහුගේ කතාවලින් ඉතාම පැහැදිලිය. ඔහු නොකියා කියන්නේ ප්‍රහාර ගැන දැනුවත්ව සිටි බවත් මෙතරම් බලවත් ප්‍රහාරයක් බලපොරොත්තු නොවූ බවත්ය. ජනමාද්‍යට අදහස් ප්‍රකාශ කිරීමේදී වගකීමකින් කටයුතු කළයුතුය.

:       0       0

යහ Monday, 22 April 2019 06:15 PM

මේවා තමා කරන්නේ.. රනිල් බේරා ගත්තේ බටහිර කොටි හිතවතුන්.. වහාම මොහු ඉල්ලා අස්විය යුතුය. රට පාවලා දෙන්නන් අඳුනාගන්න බැරි අය ඉන්න රටක්..

:       0       0

rasika Monday, 22 April 2019 07:47 PM

ඇමෙරිකානු තානාපතිනිගෙන් අහන්නේ නැද්ද? කොහොමද මේකට මුහුණ දෙන්නේ කියලා..? අැයි දැන් එයාලනේ හමුදාවට විරුද්ධව මානව හිමිකම් කවුන්සලේට පැමිණිලි කරලා බුද්ධි අංශ හිරේ දාලා.. ලොකුවට උපදෙස් දුන්නේ.. අවුරුදු 30ක යුද්දේ ඉවර කළ, ලෝකයේ තිබුණු විශාලම ත්‍රස්ත සංවිධානයට එරෙහිව.. එ්ක කලේ හමුදාව විතරක් නෙමේ. එ්කට හරියන දේශපාලන යාන්ත්‍රණයකුත්.. එතකොට අපිට තිබුණා.. අපි උපදෙස් ගන්න ඕනේ ඔවුන්ගෙන්.. අපි නැවත 2009 එපිට තිබුණු දේශපාලන යාන්ත්‍රණයට යන්න ඕනේ මේක නවත්වන්න. කරන්න ඕනෑ දේ ඉක්මණින් කරන්න ඕනේ.. ඇඳිරිනීතිය ඒ මොහොතේම දාන්න තිබුණා, හදිසි නීතියත් ඒ මොහොතේම දන්නා තිබුණා.. දැන් ප්‍රහාරකයන්ට වෙනත් තැන්වලට ස්ථානගත වෙන්න කාලය ලැබිලා..

:       0       0

Bandara Monday, 22 April 2019 08:17 PM

ඔව්..ඔව් කතාකරලා තව හමුදාව ඉවත් කරගෙන තවත් රට අනාරක්ෂිත කරන්න.

:       0       0

Bamunuarachchi Monday, 22 April 2019 11:58 PM

ඒ රටවලටත් මුස්ලිම් ත්‍රස්තවාදය තිබෙනවා. එ්ක තේරුම් ගත්ත මිනිසුන් තමයි නවසීලන්තයේ වගේ ක්‍රීයාකාරී උනේ. අපේ රටේ මුස්ලිම් ත්‍රස්තවාදය නැතිකරන්න විදේශිකයින් සහයෝගය දෙන්නේ කොහොමද කියා තේරුම් ගන්නට බැරිය. පළමුව ලැබිය යුත්තේ සිංහල බෞද්ධයාගේ සහයෝගයයි. 20% ක මුළු මුස්ලිම් ජනතාව දිනක සිංහලයාට විරුද්ධව නැගී සිටිනබව තේරුම් ගන්න.

:       0       0

Bamunuarachchi Tuesday, 23 April 2019 12:02 AM

සිංහලයින් නිවටයින් කරන්න එපා.

:       0       0

Bamunuarachchi Tuesday, 23 April 2019 12:12 AM

ඇමරිකාවේ මෑන්හැට්ටන් ට්වින්ටර්වර්ස් වලට ගහපු වෙලාවේ මීට වඩා ලොකු ප්‍රචාරයක් දුන්නා. ලෝකයා මීට වඩා අවධානයක් යොමු කළා. නමුත් වෙනසක් සිදු උනාද? නවසීලන්තයේ වීර ක්‍රියාවක් කළ ඒ මිනිසාට බනින එකයි ලංකාවේ මිනිසුන් කළේ. දැන් ඒ අයගේ නමක්වත් මෙතන දකින්නට නැත.

:       0       0

[email protected] Tuesday, 23 April 2019 12:59 AM

මම දැනගත්ත පහුගිය දවස්වල ඇමෙරිකන් යුද්ධ නාවික යාත්‍රා ලංකා වරායට එනකොට ගේමකට තමා කියලා. හොරකම් කරපු සල්ලි මෙයාලගේ රටවල හංගල මෙයාලා කියන හැම දෙයක්ම අපේ දේශපාලකයෝ කරනවා. මෙයාලගේ අරමුණ වහල්ලු අපේ රටෙන් අරගෙන යන එක .ඕකම තමා 83 කළු ජූලියෙදි එවකට පාලකයොත් එක්ක එකතුවෙලා කරේ.

:       0       0

චන්දා Tuesday, 23 April 2019 01:11 AM

ලංකාවේ ආරක්ෂක ලේකම් තනතුරේ ඉන්න හේමසිරි කරන රාජකාරිය හා වග වීම කුමක්ද ?එවැනි පුද්ගලයන් වගකීම පැහැර හැරියොත් නීතියෙන් දිය හැකි දඩුවම කුමක්ද ?

:       0       0

Chandima Tuesday, 23 April 2019 03:20 AM

අපේ රටේ 2015 ට කලින් තිබිච්ච ආරක්ෂක ක්‍රමවේද ඔය රටවල් වලට දෙවෙනි වුනේ නැහැ. මේ සුද්දන්ටත් ආරක්ෂාව ගැන උගන්නන්න පුළුවන් තත්වෙක අපේ රට තිබුනේ. මේ මිනිස්සු මතුපිටින් හොඳ මුහුණ පෙන්නුවට අන්තිමට ලණු කවල අපිව දැක්කන්නේ අර යුද්ද කාලේදී වගේ මෝඩයට අන්දන එකයි. මේ ගොල්ලෝ ඇවිත් මානව හිමිකම් මුවාවෙන් බුද්ධි අංශ නිලධාරීන්ට හිරිහැර කිරීමේ විපාක තමයි තිබිච්ච නැති ප්‍රශ්නයක් උදාවෙලා තියෙන්නේ. ඒ නිසා මේ වෙලාවේවත් අපේ රටේ ආරක්ෂක වැඩ අපිට ඕනි විදියට කර ගන්න ඉඩ දෙන්න කියල ඉල්ලුවනම් තමයි හරි වෙන්නේ.

:       2       16

yaha Tuesday, 23 April 2019 05:13 AM

විදේශයට රට පාවල දීපු එක ඇරෙන්න වෙන මොකද්ද ලංකාවට කරපු සේවය...... රටේ සුළු ජාතීන්ට ඕන විදිහට නටල රටේ මහා ජනතාව නැති කරන පිරිසක්

:       0       12

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 22 0

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 292 0

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 178 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 122 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 203 3

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 2141 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1514 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site