(නිමල කොඩිතුවක්කු)
ශ්‍රී ලංකාවේ 14 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වූ එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දීමෙන් පැය කිහිපයකට පසුව අරලියගහ මන්දිරයෙන් නික්ම වික්‍රමසිංහ පවුලට අයත් කොල්ලූපිටියේ පස්වැනි පටුමගේ පිහිටි නිවසේ පදිංචියට ගියේය.
රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයේ දිවුරුම් දීම නිමිත්තෙන් අරලියගහ මන්දිරයේ පැවති පාක්ෂික හමුව අවසන් වූ විගසම මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ඊයේ (16) දහවල්ම අරලියගහ මන්දිරයෙන් පිටත්ව ගියාය.
ඔක්තෝබර් 26 වැනි දා රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත් කිරීමෙන් පසුව මෙරට ප්රජාතන්ත්රවාදී බලවේග ඒකරාශී කිරිම සදහා රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේ රැඳී සිටීමට තීරණය කළ අතර මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද මුළු කාළය තුළම එහි ගත කළාය.
යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණු ජාතික රජය 2015 ජනවාරි 08 වැනි දා පිහිටුවීමෙන් පසුව ඔක්තෝබර් 26 වැනි දා දක්වා කාලය තුළදී රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේ ගතකර තිබුණේ රාත්‍රීන් දෙකක් පමණි.
අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත් කිරිමෙන් පසුව පුරා දින 50ක් අරලියගහ මනිදිරයේ රැඳී සිටිමින් මෙරට ප්රජාතන්ත්රවාදී බලවේග ඒකරාශී කරන කේන්ද්‍රස්ථානය බවට අරලියගහ මන්දිරය පත්කිරිමට රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගත් බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
අගමැති රනිල් අරලියගහ මැදුරෙන් යයි
Chamdima Monday, 17 December 2018 05:16 AM
"අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත් කිරිමෙන් පසුව පුරා දින 50ක් අරලියගහ මනිදිරයේ රැඳී සිටිමින් මෙරට ප්රජාතන්ත්රවාදී බලවේග ඒකරාශී කරන කේන්ද්‍රස්ථානය බවට අරලියගහ මන්දිරය පත්කිරිමට රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගත් බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය." මේවා රාජ්‍ය දේපල මිසක් U .N .P පක්ෂ වැඩට ගන්න තවත් සිරිකොතක් නොවේ.
shan saudi Monday, 17 December 2018 05:29 AM
ඔය රජ ගෙදරයි ,අරලියගහ මන්දිරෙයි දෙකම කෞතුකාගාරයට ලබා දෙන්න රටේ ජනතාවට සේවයක් සලසන්න.
ලකිත් ශ්‍යාමන් Monday, 17 December 2018 06:09 AM
5වන පටු මගේ නිවස ප්‍රථම වතාවට ඊයේ තමා දැක්කේ. ඒක දකිද්දි නම් හිතෙනවා රනිල් රටේ අගමැති කමට සුදුසු නෑ කියලා. අවුරුදු ගානක් දේශපාලනය කරලත්, රටේ අගමැති විදිහට 5 වතාවක් පත්වෙලත් තමන්ගේ නිවසවත් හදාගන්නට බැරි වුනු නායකයෙක්නේ රනිල් කියනනේ. ගරා වැටෙන්න ඔන්න මෙන්න තියෙන ගෙයක් නේ 5වන පටුමගේ නිවස කියන්නේ.
HafeelMonday, 17 December 2018 07:25 AM
ඒවුනාට කොහේ හරි බටහිර රටකදී ඇලෝසියස් තරු පහේ නිවසක් පරිත්‍යාග කරලා ඇති.
SaumyaMonday, 17 December 2018 07:50 AM
මගේ නිවාස කිව්වේ? ඔබතුමාත් එතුමාමද?
SanjeewaMonday, 17 December 2018 09:58 AM
අනේ මෙහෙමත් කෙනෙක්...
SamanMonday, 17 December 2018 03:50 PM
මෙයත් අර සිරිසේන ව්‍යවස්ථාවේ එයාට වාසි වගන්ති තනිව ගත්තා වගේ 'පටු මගේ' කියන එකේ ' මගේ ' කෑල්ල විතරක් ගත්තා.
රවී Wednesday, 19 December 2018 01:06 PM
ඔයත් සමනලයෙක්ද නෝනේ..
Sanath Kandy Monday, 17 December 2018 07:23 AM
මේ මන්දිරය දුක් විඳින ජනතාව වෙනුවෙන් කැපවුනු සැබෑ ජනතා නියමුවන්ගේ සටන් මධ්‍යස්ථානයක් වන්නේ කවදාද? අවුරුදු හැත්තෑවක් තිස්සේ මේ මන්දිරයට අරක්ගෙන සිටි දේශපාලුවන් තමා අපේ රට විනාශ මුඛයට ඇදගෙන ගියේ.
chamath Monday, 17 December 2018 07:37 AM
මොකටද දැන් යන්නේ... ඔය ටික කාලෙත් ඉන්න...?
MaheeMonday, 17 December 2018 08:58 AM
ඒක නම් ඇත්ත, චමත්... ආයේ ඉතින් ඔය ගමන ගියහම එන්න වෙන්නේ නැති එකේ ඔය ටිකත් ඉඳලම ගියාට අපේ අකමැත්තක් නෑ.
nishantha Monday, 17 December 2018 08:49 AM
කරුණාකර මෙය නැවත නැවතත් කියවන්න "යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණු ජාතික රජය 2015 ජනවාරි 08 වැනි දා පිහිටුවීමෙන් පසුව ඔක්තෝබර් 26 වැනි දා දක්වා කාලය තුළදී රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේ ගතකර තිබුණේ රාත්‍රීන් දෙකක් පමණි." අවුරුදු තුනටම රාත්‍රී දෙකක් පමණි. එයම ඇති රනිල් වික්‍රමසිංහ මහතා නියම මහත්මයෙක් බව ඔප්පු කිරීමට... රටේ බහුතර මෝඩ බයියන්ට නොපෙනුනාට දන්නෝ දනිති ඔහුගේ අගය...
Bandula. Monday, 17 December 2018 09:45 AM
අනේ ඔහේ කොහේ ගියාම මොකද? වැඩේ හරියට කෙරෙනවා නම්...
BamunuarachchiMonday, 17 December 2018 12:34 PM
2001 සිට 2005 දක්වාත් බැරි වුණා... 2015 සිට 2018 දක්වාත් බැරිවුණා හරියට කරන්න. හරියට කරන්න බැරි බව ඔප්පු කරලා බොහොම කල්...
chanak los angelesMonday, 17 December 2018 10:18 PM
මොනවා බැරිවුණත් පික්පොකට් කාරයෝ ටික පන්නලා ව්‍යවස්ථාව ආරක්ෂා කර දුන්නා... ඒ හොඳටම ප්‍රමාණවත්...
BamunuarachchiWednesday, 19 December 2018 01:48 PM
හලෝ දෙමල්ලුයි, ජෙප්පොයි නොසිටින්න රනිල් පන්නලා බොහොම කල්... පන්නන්න දෙයක් නැහැ. මෙයා පාර්ලිමේන්තුව දකින්නෙත් නැහැ. ඒක නේද ඇත්තම ඇත්ත...
BamunuarachchiWednesday, 19 December 2018 05:53 PM
රනිල් පැරදුන වාර ගණන ගැන කියනවාට අකමැතියි වගේ. රනිල් 30 වතාවක් ජනතාව ප්‍රතික්ෂේප කළා.
Nishan Tuesday, 18 December 2018 12:05 AM
අනිත් එක්කෙනා හොරට අගමැති වෙලා හිටපු දින 50 ට පවුලේ හෙලිකොප්ටර් වියදම විතරක් රුපියල් මිලියන 850ක්...
jaya Tuesday, 18 December 2018 12:28 AM
මේ රට හරියට කරපු කෙනෙක් ඉන්නවද? එහෙනම් මෙහම වෙනවාද?
chanak los angeles Tuesday, 18 December 2018 10:22 PM
පස්ස දොරෙන් ඇතුල් වෙලා කිලිටි කරපු ස්ථානයක වැදගත් කෙනෙක් ඉන්නේ කොහොමද ?
Bamunuarachchi Wednesday, 19 December 2018 01:53 PM
මොනවත් බැරිනම් වැඩ කර පෙන්වපු මිනිස්සු පන්නන්න ඕනේ නැහැ තමන් මකබෑවිලා යන එකයි තියෙන්නේ... අපට ඕනේ රට වැඩ කරන මිනිස්සු මිස බැංකු කොල්ල කාරයින් නොවේ..
Bamunuarachchi Wednesday, 19 December 2018 02:00 PM
මුට්ටි දාලා ආවේ රනිල්ද මහින්දද? රනිල් සිරිසේන පස්සේ ගිහිල්ලා අගමැතිකම් ගත්තා.. සිරිසේන මහින්ද ඉස්සරහට ඇවිත් අගමැතිකම දුන්නා. සිරිසේන ජනාධිපති නොවෙන්න රනිල් අගමැතිවෙනවාද? එහෙනම් 31 වතාවටත් පරදිනවා.