(ඉන්දිකා රාමනායක)
ඉන්දියාවේ මධුරේ ප්‍රදේශයේ දී මියගිය බව කියන සංවිධානාත්මක අපරාධකරුවකු වන ලසන්ත චන්දන පෙරේරා හෙවත් අංගොඩ ලොක්කා සම්බන්ධ ඩී. එන්. ඒ. පරීක්ෂණයක් සිදුකිරීම සදහා එම පරීක්ෂණයට අවශ්‍ය ඇගිලි සළකුණු ඇතුළු ඩීඑන්ඒ සාම්පල් මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට බාරදුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසීය.
අංගොඩ ලොක්කා මියගිය බවට වාර්තා පළවුන ද ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් රාජතාන්ත්‍රික මට්ටමින් තහවුරු කරගෙන නොමැති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ පරීක්ෂණ පැවැත්වෙන බවත්, ඩී එන් ඒ සාම්පල් තහවුරු වීමෙන් පසුව ඔහු මියගිය බවට නිළ වශයෙන් තහවුරු කරගත හැකි බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
එම ඩී එන් ඒ වාර්තා ලංකාවට කඩිනමින් ලැබෙයි කියා බලාපොරොත්තුවෙන් සිටින පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න මහතා මේ බව පැවසුවේ අද (14) පොලිස් මුලස්ථානයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ය.
ආර් ප්‍රදීප් සිං නැමැති ව්‍යාජ නමකින් ඉන්දියාවේ ජීවත්ව සිටින අංගොඩ ලොක්කා නැමැත්තා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඉකුත් ජුලි මස 3 දින කොලොම්තූර් රෝහලට ඇතුළත් කර සිටියදී මිය ගිය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
ඔහුගේ සිරුර ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර රෝහලින් මුදාගෙන ගොස් ආදාහනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික කාන්තාවක් ඇතුළු තිදෙනකු ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත්කර ඇති බවට ඉන්දීය මාධ්‍ය පසුගියදා වාර්තා කර තිබිණි.
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
පාස්කු ඉරිදා දින (31) විශේෂ දේව මෙහෙය වෙනුවෙන් දේවස්ථානවල ආරක්ෂාවට ආරක්ෂක අංශ නිලධාරීන් 6837 ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහ
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
අංගොඩ ලොක්කා සම්බන්ධයෙන් මෙරට දී ඩීඑන්ඒ පරීක්ෂණයක්