IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


අංගොඩ ලොක්කා බලහත්කාරයෙන් අයිතිකරගත් ඉඩම් ගැන තොරතුරු හෙළිවෙයි

(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)

සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ චමින්ද පෙරේරා නොහොත්  අංගොඩ ලොක්කා අයිතිකරුවන් බිය ගන්වා බලහත්කාරයෙන් අත්පත් කරගත් කෝටි 50 කට අධික වටිනා ඉඩම් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වූ බව බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන අංශය මගින් සිදුකළ විමර්ශනයේ දී මෙම තොරතුරු අනාවරණය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

අංගොඩ ලොක්කාගේ සමීපතමයෙකු වූ ලොකු නාඹුගල  ආරච්චිගේ සමන්ත පුෂ්පකුමාර  නොහොත් සිම්බු සමන් නැමැත්තා අංගොඩ මුල්ලේරියාව රණබිම් මාවත ප්‍රදේශයේ දී හොරෙයින් මත්කුඩු ග්‍රෑම් 7 මිලිග්‍රෑම් 600 ක් සමඟ අත්අඩංගුවට ගෙන සිදු කළ මූලික විමර්ශනවල දී  අංගොඩ ලොක්කා මෙම පුද්ගලයාගේ නමට සහ තවත් පුද්ගලයන් රැසකගේ නම් වලට බලහත්කාරයෙන් ලබා ගත් ඉඩම් පවරා මෙම ජාවාරම බලහත්කාරයෙන් සිදු කරගෙන ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඒ අනුව කොටිකාවත්ත ප්‍රාදේශීය සභාවට අයත් බැන්ඩියාවත්ත  ප්‍රදේශයේ  වගුරු ඉඩමක් ගොඩකර පර්චස් තුන බැගින් වූ ඉඩම්  කොටස් වල නිවාස ඉදිකර ලක්ෂ  43 බැගින් වූ මුදලකට නිවාස 60 ක් අලෙවි කර ඇති බව මේ වන විට සිදු කළ  මූලික විමර්ශනවල දී  අනාවරණය වී ඇත.

වෙනත් පුද්ගලයන්ට අයත් වගුරු බිම් සහ කුඹුරු යායවල් පස් සහ අබලි ද්‍රව්‍ය යොදා ගොඩ කර මෙම ජාවාරම කාලයක සිට කරගෙන ගොස් ඇති බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

මේ වන විට අත්අඩංගුවට ගත් සිම්බු සමන් නමැත්තා  අංගොඩ ලොක්කාට සිදුකළ බව කියන මුදල් වංචාවක් හේතුවෙන් මීට මාස 8 කට පමණ ඉහතදී   පිරිසක් යොදවා ඔහුගේ අත් පා තියුණු ආයුධවලින්  කපා බරපතළ තුවාල සිදු කළ බව පොලිසිය කියයි.

මේ ආකාරයෙන් මුල්ලේරියාව, අතුරුගිරිය ,වැල්ලම්පිටිය පොලිස් වසම් වල   පර්චස්  917 ක ආසන්න ප්‍රමාණයක්  අංගොඩ ලොක්කා බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා  පැවසීය.

මෙලෙස ලබාගත් සියලුම ඉඩම් මුදල් විශුද්ධිකරණ පනත යටතේ  රාජ සන්තක කිරීමට හෝ සැබෑ හිමිකරුට ලබාදීමට කටයුතු කරන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත බස්නාහිර දකුණ දිසාව භාර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක  පොලිස්  අධිකාරී ලලිත් අබේසේකර මහතාගේ උපදෙස් මත  ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා , මුල්ලේරියාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කළුවිතාරණ මහත්වරු පරීක්ෂණ පවත්වති.

 



අදහස් (3)

අංගොඩ ලොක්කා බලහත්කාරයෙන් අයිතිකරගත් ඉඩම් ගැන තොරතුරු හෙළිවෙයි

karunatissa Monday, 03 August 2020 01:45 AM

මෙච්චර දේවල් කරනකන් රජයේ නිලධාරීන් නිදාගෙනද හිටියේ.?

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Monday, 03 August 2020 02:28 AM

ඇත්තටම ජනාධිපතිතුමාට පාතාලයන්, අපරාධකාරයන්, කුඩ්ඩන් ඇල්ලීමට සැබෑ වුවමනාවක් තිබෙන බව පේනවා. අනිත් අය ගැන නම් අපි දන්නේ නෑ. ජනපතිතුමාට, ආරක්ෂක අංශවලට, පොලිසියට මේ කරනා වැඩපිළිවෙළට අනේක වාරයක් ස්තූතියි. බලාගෙන යනවිට මේ රට තිබිලා තිබෙන්නේ කුඩ්ඩන්, පාතාලයන් හා අපරාධකාරයන් අතේ. එතකොට මේ කොටස් කරපු ඉඩම්වල සෑදූ ගෙවල් සැබැ තත්වය නොදැන මිලට ගත් මිනිසුන්ට කිසියම් සාධාරණයක් විය යුතුයි නේද? මේවා ගැන කිසිඳු හාංකවිසියක් නොදැන ඔවුන් මේ ගෙවල් දොරවල් මිලට ගත්තේ නම්, ඒවාට ඔවුන් වැරදිකරුවන් නොවේ නේද? එයට වගකිව යුත්තේ ඉඩම් ගොඩ කළ කාලයේ තිබූ රජයන් නොවේද? එබැවින්, ඒ මිනිස්සුන්ටත් සාධාරණයක් වෙනවා නම් හොඳයි නේද?

:       0       20

Mangala Monday, 03 August 2020 08:29 AM

මේ තරම් දෙයක් කරනකම් ලංකාවෙ නීතිය සහ පොලීසිය කොහෙද දන්නෙ නැහැ හිටියෙ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 96 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 225 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 974 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 122 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 309 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 285 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site