(ඩයනා උදයංගනී)

මෙරට 71 වැනි නිදහස් දින උළෙලෙහි කටයුතු සංවිධානය කිරීම සඳහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සභාපතීත්වයෙන් යුත් අනුකමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

මෙම අනු කමිටුව සඳහා ජනතා නියෝජිතයින් 13 දෙනෙකු ද පත්කිරීමට නියමිතය.

ලබන වසරේ පෙබරවාරි 4 වැනිදාට යෙදෙන 71 වැනි නිදහස් දින සැමරුම් උළෙලට අදාළ වැඩසටහන පිළියෙල කර අවශ්‍ය කටයුතු සංවිධානය සහ මෙහෙයවීම සඳහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සභාපතීත්වයෙන් යුත් අනුකමිටුවක් පත්කිරීම වෙනුවෙන් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.