(ළහිරු හර්ෂණ සහ ඩිල්ශානි චතුරිකා දාබරේ)
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වනවිට ශ්‍රී ලංකාවේ මිය ගිය ආසාදිතයන්ගෙන් වැඩි ම පිරිස වයස අවුරුදු 60ත් 90ත් අතර අය බව, සංඛ්‍යා දත්ත අනාවරණය කරයි. ඒ අනුව, එම වයස් කාණ්ඩයට අයත් පුද්ගලයන් 166දෙනෙකු අද(17) උදෑසන වනවිට මියගොසිනි. එය ප්‍රතිශතයක් වශයෙන් 64.84 % කි.
ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා මරණ ගණන 256ක් බව කෝවිඩ් -19ට එරෙහි ක්‍රියාන්විතයට අදාළ ශ්‍රී ලංකා නිල අන්තර්ජාල අඩවිය(අද උදෑසන 7.44ට) වාර්තා කර තිබේ. ඒ අතරින් පිරිමි පුද්ගලයන් 164දෙනෙකු වන අතර, ස්ත්‍රීන් 92කි.
මිය ගිය ආසාදිතයන් වයස් කාණ්ඩ අනුව හඳුනාගතහොත්(වගු සටහනේ දැක්වෙන පරිදි), වයස අවුරුදු 1 සිට අවුරුදු 40 දක්වා මිය ගිය ආසාදිතයන් ගණන 11කි. අවුරුදු 40 සිට 60 දක්වා මිය ගිය ආසාදිතයන් ගණන 73කි. අවුරුදු 90ත් 100ත් අතර වයස්වලින් මිය ගිය අය 6කි. මේ අනුව කොරෝනා වයිරසයෙන් මියයාමේ වැඩි අවදානම ඇත්තේ අවුරුදු 60න් ඉහළ පිරිස බව පැහැදිලි ය.
එසේම, ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියනයකට සිදු වූ කොවිඩ්-19 මරණ ගණන 11ක් බව වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කරන දෛනික වාර්තාවේ සඳහන් කරයි. ඉන්දියාවේ එම ගණන 109කි. දකුණු ආසියානු කලාපය සලකා බලතොත්, ජනගහනය මිලියනයකට ආසාදිතයන්ගේ මරණ ගණන 93ක් වෙයි.
ගෙවී ගිය සතිය තුළදී (ජනවාරි 11 දින සිට අද(17) දක්වා) රෝහල්වල රැඳී සිට තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින ආසාදිතයන් ගණන 6618 සිට 7311 දක්වා ඉහළ ගොස් තිබේ. දැනට රෝහල්වල් සිට ප්‍රතිකාර ලබමිස් සිටින සමස්ත ආසාදිතයන් පිරිස ප්‍රතිශතයක් වශයෙන් 14.0%කි.
එම කාලය තුළ වාර්තා වූ දෛනික ආසාදිතයන් ගණන 569 සිට 719 දක්වා සංඛ්‍යා අගයක් ගනී. වැඩිම දෛනික ආසාදිතයන් පිරිසක් සුවය ලබා පිටව ගොස් ඇත්තේ, ජනවාරි 11 වැනිදාය. එම ගණන 766කි. එම සතියේ සෙසු දිනවල එම අගය 400න් ඉහළ අගයක් පෙන්නුම් කරයි. ඒ අනුව, මේ දක්වා සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 44,746කි. සුවය ලැබූ පිරිස ප්‍රතිශතයක් වශයෙන් 85.5%කි.
මේ දක්වා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශ විසින් තහවුරු කරන ලද සමස්ත ආසාදිතයන් ගණන 52,313කි. එම පිරිසට මිනුවන්ගොඩ, පෑලියගොඩ, බන්ධනාගාර පොකුරුවල ආසාදිතයන් ද ඇතුළත් ය.
(කෝවිඩ් -19ට එරෙහි ක්‍රියාන්විතයට අදාළ ශ්‍රී ලංකා නිල අන්තර්ජාල අඩවියෙනි)
(වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ නිවේදනයෙනි)
ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත
ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා
ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්
රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
60 පැන්න 166 ක් කොරෝනාවෙන් දිවිය හැරයති