IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


වෛද්‍ය ෂාෆිගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
 
තමන් අත්අඩංගුවට ගෙන නීතිවිරෝධී ලෙස රඳවා තබා ගැනීමෙන් සිය මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි කියමින් කුරුණෑගල මහ රෝහලේ වෛද්‍ය සේගු ෂියාබ්දීන් මොහොමඩ් ෂාෆි අද (25) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
 

කුරුණෑගල පොලිසියේ අපරාධ කොට්ඨාස යේ පොලිස් පරීක්ෂක පුෂ්පලාල්, කුරුණෑගල පොලිස් ස්ථානාධිපති, නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ  ⁣ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ෂානි අබේසේකර, ආරක්ෂක ලේකම් ශාන්ත කෝට්ටේගොඩ සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.
 
තමන් අයථා ලෙස දේපල උපයා ගෙන ඇතැයි චෝදනා නගමින් අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය  වළක්වාලීමේ පනත යටතේ රැඳවුම් භාරයේ තබා ගැනීම නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන්නැයි ද වෛද්‍ය සාෆි සිය පෙත්සමෙන් ඉල්ලා සිටී.
 
ආබ්දීන් ඇසෝසියේටඩ් නීතීඥ සමාගමේ උපදෙස්මත ජනාධිපති නීතීඥ ෆයිස් මුස්තාෆා සමග හිජාස් හිස්බුල්ලා, හෆීස් ෆාරීස්, ෂිෆාන් මහරුෆ්, එන්.ජෙගදීෂ්වරන් යන නීතීඥවරුන් මාර්ගයෙන් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ෂානි අබේසේකර, ආරක්ෂක ලේකම් ශාන්ත කෝට්ටේගොඩ සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.
 
තමන් අයථා ලෙස දේපල උපයා ගෙන ඇතැයි චෝදනා නගමින් අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වළක්වාලීමේ පනත යටතේ රැඳවුම් භාරයේ තබා ගැනීම නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන්නැයි ද වෛද්‍ය සාෆි සිය පෙත්සමෙන් ඉල්ලා සිටී.



අදහස් (24)

වෛද්‍ය ෂාෆිගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

Nuwan Tuesday, 25 June 2019 09:46 AM

උපදේශන මණ්ඩලෙන් පේනවා මේවා මොන පැත්තටද යන්නේ කියල.

:       106       80

Amila Tuesday, 25 June 2019 09:54 AM

පැහැදිලිව මේ සිද්ධියේදී පොලීසිය වැඩ කරේ නීතිය ගැන මෙලෝ අවබෝධයකින් නෙමෙනේ. අද වෙනතුරු උසාවි ඉදිරිපත් කර නෑ කියන්නේ කාගෙ හෝ උවමනාවට හොයන්නේ බලන්නේ නැතුව අනාගත්තු සිද්ධික් එහෙම නැත්තම් ලකුණු දාගන්න ගොස් හත්පොලේ ගාගත්ත සිද්ධික්. සල්ලි ලෑස්ති කරගන්න වෙයි නිලධාරීන්ට. උගත් බුද්ධිමත් නිලධාරීන් ඉහළ තනතුරු වලට ගන්න ඕන කියන්නේ ඒ නිසයි.

:       103       297

BamunuarachchiWednesday, 26 June 2019 01:30 AM

පොලිස්සියේ අයගේ උගත් බුද්ධිමත්කම සල්ලි වලට යටයි. ඕනෑම පාවා දීමක් කරනවා කියලා මම හිතන්නේ.

:       0       0

Bamunuarachchi Tuesday, 25 June 2019 09:57 AM

ඔයා බලහත්කාරයෙන් වඳ සැත්කම් කලා කියලා පැමිණිලි දාහක් පැනලා තිබෙනවා. ඒ එක පැමිණිල්ලක් සම්බන්දව ප්‍රශ්න කොරන්න දින 2 රඳවා ගැනීමේ නියෝග ගත්තානම් ඔයා දින 3700 පමණ කූඩුවේ රැඳී සිටින්න ඕනේ. ඒක එන්නේ තව ඉස්සරහට.

:       142       172

BamunuarachchiWednesday, 26 June 2019 12:55 PM

කව්ද මේ කාලකන්නි අලුගුත්තේරුවාට කියන්නේ?

:       0       0

BamunuarachchiWednesday, 26 June 2019 11:31 PM

ඔයා කියන්නේ...

:       0       0

Chathuri Tuesday, 25 June 2019 10:26 AM

අයථා ලෙස දේපල උපයා ගත් නිසාද. නැත්නම් සිංහල කාන්තාවන් වඳ කරපු නිසාද .

:       69       108

p.d goonawardena Tuesday, 25 June 2019 10:43 AM

ඔයා එතකොට කරලා තියෙන්නේ හොඳ දෙයක්ද? ඔයාල වගේ අයට මොන මුලික මිනිස් අයිතිවාසිකම්ද??

:       92       110

Sugath sanjeewa Tuesday, 25 June 2019 10:51 AM

අනිවාර්යයෙන් නිදොස් කොට නිදහස් වෙයි. රටේ තත්වය එහෙමයි.....

:       14       54

සම්පත් Tuesday, 25 June 2019 11:16 AM

අන්තිමට අර සුක්කානම වගේ වෙලා අන්තිමට අර ගැහැණු දහස් දෙනාටම වන්දි ගෙවන්න වේවිද දන්නේ නැහැ

:       14       5

සේන Tuesday, 25 June 2019 11:32 AM

එල්ලුම් ගහ තියෙන්න ඕන කෙනෙක් හිරේ තියාගෙන ඉන්න එකයි වරද

:       94       76

රවින් Tuesday, 25 June 2019 11:34 AM

අර අහිංසක පවුල් වලට මුලික අයිතිවාසිකම් නැහැ නේද? කැලේ නීතියද? මේවාගේ අවනින්දිත, ජාති ජාතිත් මහා පොලව නුහුලන අපරාධකරුවන්ට විතරද මුලික අයිතිවාසිකම් තියෙන්නේ? යුක්තියේ සාධාරණත්වය අපරාදකරුවන් හට වෙනමමද බලපාන්නේ?

:       145       125

Uditha - London Tuesday, 25 June 2019 12:21 PM

ඔහොම අත්අඩංගුවට ගත්ත එකේ ඇතුලටම වෙලා ඉන්න කියන්න..

:       94       82

Aruna Tuesday, 25 June 2019 04:36 PM

හැම කෙනාටම අවස්ථාවක් එනවා

:       5       9

prasad Tuesday, 25 June 2019 09:48 PM

සාහසික අපරාධ ගණන 1000 ට වැඩියි . .

:       1       0

මෙලන්ත Wednesday, 26 June 2019 01:07 AM

මේය ඉතා සංවේදී මාතෘකාවක්. ආණ්ඩුව, නීතිය ක්‍රියාත්මක කරන ආයතන සියල්ල, මේ ප්‍රශ්නය ඉතාම නින්දිත ලෙස මහජනතාවටම කුණු රසය සූප්පු කරන්නට ඉඩදී බලා සිටිනවා. ශ්‍රී ලාංකික ජාතියම, ඉතාම ශිෂ්ටසම්පන්න යැයි කියාගනිමින්, නිරෝගී බෝසත් පැටව් බිහිකරන්නට දොඩවමින්, ලෙයට ලෙය යා කරමි කියමින්, නමුත් මෙවන් මාතෘකා ඉතාම කැමැත්තෙන් රස විඳිනවා. දරුවකු බිහිකරන්නට සිටිනා හෝ මේ වනවිට මුස්ලිම් වෛද්‍යවරයෙකුගෙ සායනවලට සහභාගි වන හෝ වූ කාන්තාවකගේ මානසික තත්ත්වය ගැන සිතන්න. එය බිහිවන දරුවාට කොපමණ බලපාවි දැයි සිතන්න. නැත, එසේ සිතන්නට තරම් ජාතිකයක්, සමාජයක් ලෙස අප පරිණත වී නැත. බමුණුආරච්චි වැනි නොදියුණු මිනිසුන් දකින්නට කැමති ගෝත්‍රික සමාජය එයයි.

:       0       3

Bamunuarachchi Wednesday, 26 June 2019 01:17 AM

ඇතුලේ ඉන්න එක ඇඟට ගුණයි.

:       1       0

Bamunuarachchi Wednesday, 26 June 2019 01:22 AM

සේන එල්ලුම්ගහට ගියොත් විඳවන්නේ තප්පර ගානයි. හිරේ ගියොත් ජීවිත කාලයම විඳවනවා. අපි ඉල්ලන්න ඕනේ එල්ලුම් ගහට යවන්න නොවෙයි ජීවිත කාලයට හිරේ යවන්න. යන කෙනා අතර මග නිදහස් නොකරන්න කියා.

:       1       0

lanka Wednesday, 26 June 2019 02:30 AM

මෙ සිද්ධිය මුල ඉඳල බලපුවහම ඕනෑම මොලේ තියෙන කෙනෙකුට තේරෙන්න ඕන මේක පෞද්ගලික කෝන්තරයක් පිරිමහගන්න හා දේශපාලන අරමුණු සඳහා කිසිම සාක්ෂියක් නොමැතිව සහ විද්‍යාත්මක පදනමක් නැතුව කරපු මෝඩ වැඩක් කියලා. එත් ලාංකිකයන්ට විචාරක බුද්ධිය තිබුනට විචක්ෂණ බුද්ධිය හරිම අඩුයි. ඇත්ත කෙසේ වෙතත් තමන්ට ආශ්වාදයක් ගෙනදෙන දේ විතරයි විශ්වාස කරන්නේ. මේ සිද්ධිය ඇත්ත කියල ඔප්පු කරන්න හුදෙක් වචන විතරක්ම පාවිච්චි කරා මිසක් විද්‍යාත්මකව ඔප්පු කරන්න බැරිවෙලා තියෙනවා. කෙනෙක් නොකරපු දෙයකට මුළු සමාජයම එකතුවෙලා ඒ මිනිහට කරපු දේ කොයි තරම් සදාචාරාත්මකද කියල තමන්ගේ හෘද සාක්ෂියෙන්ම අහල බලන්න.

:       0       2

සිසිල් සුදේශ් Wednesday, 26 June 2019 02:48 AM

අසාධාරණ අත්අඩංගුවට ගැනීමකි. මෙයට සම්බන්ධ සැම දෙනාම නීතිය ඉදිරියට ගෙන යා යුතුය.

:       0       2

yamuna Wednesday, 26 June 2019 08:47 AM

මේ ප්‍රශ්නය ළඟදීම ආපහු කැරකෙන්න පුළුවනි. මට ආරංචි විදිහට මේ මනුස්සයා අහිංසකයෙක්. එක්තරා දේශපාලකයෙක්ගෙන් මුදල් අල්ලස් ගත්ත ගැහැණුන් විසින්ලු.. මේ බව පැමිණිලි කලේ. දැන් 500දෙනෙක් මේ දොස්තරව කන්සල්ට් කරලා නැතිබව ඔප්පුවෙළාලු... ඉතිරි 500න් පරීක්ෂණවලට ඉදිරිපත්වෙලා තියෙන්නේ 50ලු. ඒ 50ත් තම ස්වාමි පුරුෂයා සමග ඇවිත් පරීක්ෂණය කරවාගන්න අකමැතියිලු. ඒ ඔවුන්ගේ පළමු දරුවාගේ පියා පිළිබඳ ප්‍රශ්නයක් නිසා බව ආරංචියි...

:       0       1

BamunuarachchiWednesday, 26 June 2019 03:43 PM

ඔයාත් ශාෆිගෙන් සැත්කම කරගත්තාලු කියලා ආරංචීලු.

:       8       0

BamunuarachchiWednesday, 26 June 2019 03:45 PM

මට ආරංචී ඔබ දොස්තරගෙන් අල්ලස් අරගෙන එයා අහිංසකයි කියනවා කියලා.

:       5       0

Bamunuarachchi Wednesday, 26 June 2019 11:35 PM

මට හිතෙනවා මුසල්මානුවන් සිංහල නම්වලින් ලියනවා කියලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නිවෙස් බිඳින ළමා කල්ලියක් අල්ලයි
2024 අප්‍රේල් මස 18 212 0

මුහුණු ආවරණය කර අත් ආවරණ පැළඳ නිවස බිදුම් කරන බාලවයස් කාර කල්ලියක සාමාජිකයන් තිදෙනකු කහතූඩුව පොලිස් අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පො


නරක් වූ සිරුරු දෙකක් කලුතර නිවසක
2024 අප්‍රේල් මස 18 269 1

කළුතර ඉසුරු උයන ප්‍රදේශයේ නිවසක වයෝවෘධ අඹුසැමි යුවළක් සැකකටයුතු අන්දමින් මියගොස් සිටියදී සොයාගත් බව කළුතර දකුණ පොලිසිය පවසයි.


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 208 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


සිව් හැවිරිදි දරුවාට සීනි කරිඤ්ඤං පොවලා
2024 අප්‍රේල් මස 18 345 0

අවුරුදු හතරක දරුවකුට සීනි කරිඤ්ඤං පොවන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අසල්වැසි නිවසයක 52 හැවිරිදි කාන්තාවක් හිඟුරුකඩුව පොලීසිය විසින් අත්අඩංගුව


දවසේ කාලගුණය
2024 අප්‍රේල් මස 18 42 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්


මගී වලියෙන් බදුලු දුම්රිය පැයක් ප්‍රමාද වේ
2024 අප්‍රේල් මස 18 454 0

බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රි තැපැල් දුම්රියට හැටන් දුම්රිය ස්ථානයේදී ගොඩවීමට ගිය මගින් පිරිසක් සහ දුම්රිය මැදිරියක සිටි මගීන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 185 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1471 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1386 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site