IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


43 වන සේනාංකය කරළියට

 

(නිමල කොඩිතුවක්කු)
 
පුරවැසි ව්‍යාපාරයක් ලෙස නම් කර ඇති 43 වන සේනාංකය එළි දැක්වීමේ උත්සවය පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාඨලී චම්පික රණවක මහතාගේ ප‍්‍රධානත්වයෙන් ගාලුමුවදොර හෝටලයේදී අද (17) සිදු කෙරිණ.
 
මිනිසත්කම, දැනුම, කුසලතාව පෙරටු කර ගෙන දේශපාලන, ආර්ථික, සංස්කෘතික හා සාමාජික නව ජීවනයක් අත්පත් කර ගැනීමේ සමාජ ප‍්‍රඥාව ගොඩනැගීමේ පුළුල් පුරවැසි ව්‍යාපාරයක් යන තේමාවෙන් එය ක‍්‍රියාවට නංවනු ලැබීය.
 
සමෘද්ධිමත් සහ යුක්ති සහගත ඉන්න හිතෙන රටක් වෙනුවෙන් 43 සේනාංකයේ මංගල ප‍්‍රකාශනය පරිශීලනය සඳහා මෙන්ම සහ සම්බන්ධවීම වෙනුවෙන්  www.43.lk වෙබ් අඩවිය ද එහිදී ප‍්‍රකාශයට පත් කෙරිණ.
 
43 වන සේනාංකයේ ඉදිරි කටයුතු සම්බන්ධීකරණය වෙනුවෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, අනුරුද්ධ ප‍්‍රදීප් කර්ණසූරිය, වෛද්‍ය සංකල්ප මාරසිංහ යන මහත්වරුන් ඇතුලූ සමායෝජකයන් 14 දෙනෙකු නම් කරනු ලැබීය.
 
43 සේනාංකය යනු අධ්‍යාපනය නැමති කුසලතාවය මතින් ඉහළට ඔසවන ලද බලවේගයක් බව මෙම අවස්ථාවට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාඨලී චම්පික රණවක මහතා කියා සිටියේය.
 
‘‘කළකිරීමෙන් පසුවන පිරිසක් එකතු කරගෙන හුදු ආණ්ඩු පෙරලියකින් අද මේ රට එක අඟලක්වත් ඉදිරියට ගෙනයාමට නොහැකියි. එම යුග පෙරළියට ගාමක බලවේගයක් අවශ්‍යයි. අන්න ඒ ගාමක බලවේගය ගොඩනගා ගැනීමට නම් මේ රටේ කුසලතා පූර්ණ පිරිසට අපි දේශපාලන ආගමික ජනවාර්ගික හෝ තවත් භේදවලින් තොරව ආරාධනා කළ යුතුයි.
 
අන්න ඒ සඳහා මූලාරම්භයක් තමයි අපි මේ 43 වන සේනාංකයෙන් ඉන්න හිතෙන රටකට පාර කපන්නට බලාපොරොත්තු වන්නේ’’ යැයිද ඔහු එහිදි පැවසීය.
 
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අනුරුද්ධ ප‍්‍රදීප් මහතාද මෙහිදී අදහස් දැක්වීය.
 
මෙම අවස්තාව සදහා විද්වතුන්, වෘත්තිකයන් ඇතුලූ පිරිසක් එක්ව සිටියහ.

 



අදහස් (9)

43 වන සේනාංකය කරළියට

විමලාවතී Sunday, 17 January 2021 01:03 PM

පිමි ගණනාවක් පැනලා තවත් පිම්මක් පැනලා ජනතාව මුලා කරන්නයි හදන්නේ...

:       1       1

Prdeep Sunday, 17 January 2021 01:07 PM

තවත් වියත් මගක් නොවේවා...!!!

:       0       2

Bamunuarachchi Sunday, 17 January 2021 03:41 PM

මොහු මේ සියලු සටන් දියත් කරනුයේ ඔහු වෙනුවෙන්ම මිස සමස්ත රටවැසියා වෙනුවෙන් නොවන බව ඔහුගේ දේශපාලන පටන් ගැනීමේ සිට මේ දක්වා ඔහුගේ දේශපාලන ක්‍රියාවන්ගෙන් මනාවට පෙන්වා දී ඇත. අවස්ථාවාදය පෙරදැරි කරගත් පුද්ගලයින්ගේ දේශපාලන ගමන හැමවිටම අස්ථිර බවක් මිස ස්ථිර බවක් කිසිදා නොමැත. එය බව මනාවට පෙන්වන දේශපාලන චරිතයක තවත් එක ජවනිකාවක් බවට මෙය පත්වනු ඇත. ප්‍රධාන පක්ෂවලට මුක්කු ගැසීමට අවස්ථාවක් නොමැති නිසා සහ ඔහු සිටිය යුත්තේ කොතැනද කියා ඔහුම නොදන්නා දේශපාලකයෙකි. සත්‍ය මෙය නොවේද කියා බහුතර ජනතාව දනියි.

:       1       2

කසුන් Sunday, 17 January 2021 05:30 PM

පැනමා බැංකුවල මුදල් ආයෝජනය කර රටේ ආර්ථිකය නැංවීමට ක්‍රියාකළ දැන උගතෙක්...

:       1       1

ලුම්බිණි Sunday, 17 January 2021 10:27 PM

ගැනීම ලෙහෙසියි. අවශ්‍ය වන්නේ බලාපොරොත්තු විදියට වැඩ කිරීමයි. සුබ ගමන්...!

:       0       2

Senarath Monday, 18 January 2021 03:18 AM

දැන් මෙයා අලුත් එකක් පටන්ගෙනද? එහෙනම් කළින් කරපු රුපියල් බිලියන 50000 මහකොළඹ සංවර්ධනය කිරීමේ වැඩ ඉවර වෙලා ඇති. මෙයා කටින් බතල කොළ හිටවන්න හරිම දක්ෂයා. දැන් 2025 ජනාධිපති හීනේ දකිනවා වගේ...

:       2       1

Gayan Monday, 18 January 2021 05:12 AM

අනාගතය හොඳ යමක් වෙයි කියා හිතනවා.

:       0       2

sharm warn Monday, 18 January 2021 11:08 AM

අනිවාර්යයෙන්ම බලවේගයක් ගොඩනගන්න ඕනෑ... බුද්ධිමතුන්ගෙන්... මෙහෙම මුලාවෙන් රටක් දියුණු කරන්න බැහැ. මොකද සිංහල අපිට තියෙන්නේ මේ රට විතරයි.

:       0       2

ගුණතිලක Friday, 10 February 2023 09:22 AM

13 වන ව්‍යවස්ථාවෙන් පැන නැගී ඇති දමිළ දේශපාලකයන්ගේ ඉල්ලීමට පාදකව ඇති මූලික කරුණු පිළිබදව සකස් කළ අධ්‍යන වාර්තාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු පාඨලී චම්පික රණවක මැතිතුමාගේ අතට භාර දීමට.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 132 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 1855 1

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 452 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 988 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 138 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 91 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1508 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1413 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site