(හර්ෂණ තුෂාර සිල්වා)
‘ලෝක විවාහක රූ රැජින 2021 තරගාවලිය’ ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන බව කොළඹ කිංග්ස්බරි හෝටලයේ දී අද (03) නිවේදනය කළේය.
ඒ අනුව වෝග් ජුවෙලර්ස්, කිංග්ස්බරි හෝටලය සහ ජීෆ්ලොක් යන සමාගම්වල ප්‍රධාන අනුග්‍රාහකත්වයෙන් මේ වසරේ නොවැම්බර් 12 වැනිදා සිට 21 වැනිදා දක්වා ‘ලෝක විවාහක රූ රැජින 2021 තරගාවලිය’ කොළඹ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
‘ලෝක විවාහක රූ රැජින-ශ්‍රී ලංකා’හි ජාතික අධ්යක්ෂ චන්දිමාල් ජයසිංහ සහ ‘ද කලම්බු ලයිෆ්ස්ටයිල්’ සමාගම ‘ලෝක විවාහක රූ රැජින 2021’ තරගාවලියේ සම සංවිධායකත්ය හොබවති.
‘ලෝක විවාහක රූ රැජින 2021 තරගාවලිය’ ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන බව නිල වශයෙන් නිවේදනය කළේ වසර 35කට පසු ‘ලෝක විවාහක රූ රැජින’ කිරුළ ශ්‍රී ලංකාවට දිනා දුන් කැරෝලයින් ජූරිය. ඉකුත් වසරේදී ඇමෙරිකා එක්සත් ජනපදයේ ලාස් වේගාස් හි පැවැති ලෝක විවාහක රූ රැජින 2020 තරගාවලියේදී කිරුළු පැළැඳීමට සමත් වූවාය. ඒ බව නිවේදනය කිරීමේ අවස්ථාවට ‘ලෝක විවාහක රූ රැජින 2018 තරගාවලියේ’ කිරුළ දිනූ ඇලිස් ජී ජෙනාටා ද එක්ව සිටියාය. ‘ලෝක විවාහක රූ රැජින’ සංවිධානය නියෝජනය කරමින් ඇය මෙම අවස්ථාවට එක්ව සිටියාය.
1984 වසරේදී කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පළමු වරට ලෝක විවාහක රූ රැජින කිරුළ ශ්‍රී ලංකාවට දිනා දීමට සමත්වූවාය. ලෝක විවාහක රූ රැජින තරගාවලියක් පැවැත්වුණු පළමු අවස්ථාව එය වූ අතර ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ්හිදී එම තරාගවලිය පැවැත්විණි.
පසුගිය වසර කිහිපයේදී ඔස්ට්‍රේලියාව, ඊශ්‍රායලය, හවායි, ඇමෙරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, රුසියාව, වියට්නාමය, චීනය, දකුණු කොරියාව සහ දකුණු අප්‍රිකාව යන රටවලදී ලෝක විවාහක රූ රැජින තරගාවලි පවත්වා ඇත.
ලොව පුරා රටවල් 80ක ලෝක විවාහක රූ රැජින සංවිධානයේ අධ්යක්ෂවරු සිටිති. ඒ අනුව කොළඹ දී පැවැත්වෙන ‘ලෝක විවාහක රූ රැජින 2021 තරගාවලියට’ රටවල් 80ක් නියෝජනය කරමින් තරගකාරියන් සහභාගී වනු ඇත.
‘ද ලයිට්හවුස් ඕඩියෝ විෂුවල්’ සමාගම මෙම තරගාවලියේ අලෝක හා ශබ්ද අනුග්‍රාහකත්වය සපයයි.
කොළඹ කිංග්ස්බරි හෝටලයේ පැවැති මාධ්‍ය හමුවට ‘වෝග් ජුවෙලර්ස්’ හි ප්‍රධාන විධායක අධ්යක්ෂ උදාර කරුණාතිලක, ‘කිංග්ස්බරි හෝටලයේ’ අධ්යක්ෂ - මහජන සබඳතා අමන්දා ප්‍රනාන්දු, ‘ලෝක රූ රැජින- ශ්‍රී ලංකා ජාතික සංවිධායක’ චන්දිමාල් ජයසිංහ, ‘ජීෆ්ලොක් ක්ලෝතින්’ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රනිල් විල්ලදරගේ, ‘ද කලම්බු ලයිෆ්ස්ටයිල්’ සමාගමේ ඉසව්-අධ්යක්ෂ රිෂිනි වීරරත්න සහ ‘ද කලම්බු ලයිෆ්ස්ටයිල්’ සමාගමේ අධ්යක්ෂ - මහජන සබඳතා මිනෝලි රත්නායක යන මහත්ම මහත්මීහු සහභාගී වී සිටියහ.
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
2021 ලෝක විවාහක රූ රැජින තරගාවලිය ලංකාවේදී
menna Tuesday, 03 March 2020 02:03 PM
ලංකාවට හරියන්නේ විවාහක රූ රැජින තරගාවලි විතරයි.
Nuwan Tuesday, 03 March 2020 02:39 PM
පින්තුර දැක්කම වෙන මොකක් හරි සම්මේලනයක් කියලා හිතෙනවා!
Pradeep Tuesday, 03 March 2020 05:04 PM
එච්චරයි රටට අඩුවෙලා තිබුනේ.. දැන් එකත් හරි..
Chica vipula Tuesday, 03 March 2020 11:54 PM
ජේවීපී එකෙන් ඇහුවේ නැද්ද?
sharm warn Wednesday, 04 March 2020 04:41 AM
කොරෝනා වලට බයේ වෙන්න ඇති … කමක් නැහැ අපේ සංචාරක කර්මාන්තෙට වත් උදව්වක් වෙන්නේ නැතැයි ..