හර්ෂණ තුෂාර සිල්වා
ලොව විශාලතම සංචාරක මඟ පෙන්වීම් පොත් ප්‍රකාශයා ලෙස හැඳින්වෙන "ලෝන්ලි ප්ලැනට්" ප්‍රකාශයට පත් කරන ලද නවතම වාර්තාවට අනුව ලබන වසරේ සංචාරය කිරීමට හොඳම රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇත.
‘ලෝන්ලි ප්ලැනට්’ වාර්ෂිකව ප්‍රකාශයට පත් කරන වාර්තාව අනුව ශ්‍රී ලංකාව එලෙස මුල් තැනට පත්ව තිබේ.
යුද්ධය අවසන් වීමෙන් ශ්‍රී ලංකාව සංචාරයට හිතකර රටක් බවට පත්වීමත්, ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගමනාගමන පහසු වීම හා සංවර්ධනය වීමත්, නව ප්‍රවාහන ජාල බිහිවීම, නව හෝටල්, අභ්‍යන්තර ගුවන් සේවා සහ සංචාර කර්මාන්තය ආශ්රිත ක්‍රියාකාරකම් වර්ධනය වීම යනාදි හේතු නිසා ශ්‍රී ලංකාව එලෙස මුල් තැනට පැමිණ ඇත.
“ශ්‍රී ලංකාව විවිධ ආගම් ජාතීන්ගෙන් මිශ්‍ර රටක් බව සුප්‍රසිද්ධ කරුණක්. එරට තිබෙන විහාරස්ථාන, පොහොසත් සහ නැරඹිය යුතු වනජීවින්, අතිශය සුන්දර මුහුද ලොව සංචාරකයන් අතර ප්‍රසිද්ධයි.
ඒ වගේම ලංකාවේ මිනිස්සුන්ගේ ආගන්තුක සත්කාරය ඉතාම ඉහළයි” යැයි ‘බෙස්ට් ඉන් ට්‍රැවල් 2019’ ‘ලෝන්ලි ප්ලැනට්’ ග්‍රන්ථයේ කර්තෘ ඊතන් ගෙල්බර් පැවැසීය. මෙම ග්‍රන්ථය අද (23) එළිදැක්විණි.
ලබන වසරේදී සංචාරය කිරීමට හොඳම රටවල් දහය අතරේ දෙවැනි තැන ජර්මනියටත් තෙවැනි තැන සිම්බාබ්වේ දේශයටත් හිමිව ඇත.
එහි ඉතිරි ස්ථාන හතට පිළිවෙළින් පැනමාව, කිර්ගිස්තානය, ජෝර්දානය, ඉන්දුනීසියාව, බෙලරූස්, සාඕ ටොමේ සහ පින්සිපේ සහ බෙලීස් යන රටවල් පත්ව ඇත.
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
2019 දී සංචාරයට හොඳම රට ශ්‍රී ලංකාව
tikiri Tuesday, 23 October 2018 08:46 AM
අනේ දෙයියනේ ! අනෙක් රටවල් මීටත් අන්තද ?
OMG Tuesday, 23 October 2018 08:47 AM
මේ දත්ත එකතු කලේ කව්රුන් කොහෙන්ද කියලා මටනම් ප්‍රහේලිකාවක්.
Perakum Tuesday, 23 October 2018 08:54 AM
කෙසේ වෙතත් ලංකාට ඇවිත් යන සංචාරකයින් වැඩි දෙනෙක් කියන්නේ ආයිත් නම් මේ රටට එන්නේ නෑ කියල තමයි.
silva Tuesday, 23 October 2018 09:01 AM
ශ්‍රී ලංකාව විවිධ ආගම් ජාතීන්ගෙන් මිශ්‍ර රටක් නිසා විදේශිකයන් විහාරස්ථාන පමණක් නරඹිම සුදුසු නැත............
පිටිගල මිලානෝ Tuesday, 23 October 2018 09:12 AM
ආගන්තුක සත්කාර අතින් නම් ඉහලම සත්කාරේ සංචාරකයන්ට දුන්නේ තංගල්ලේ හිටපු සභාපති.
මොහාන් Tuesday, 23 October 2018 09:40 AM
අපොයි , මේ රටට නම් එන්න එපා.
ජය ශ්‍රී... Tuesday, 23 October 2018 09:45 AM
මගේ රට ගැන ඉතාමත් ආඩම්බරයි.. දෙවියනේ මේ රට පාලනය කරන්න එන අය, කරන අය මේ රට ගැන හිතන්නේ කවද්ද?
kapila Tuesday, 23 October 2018 10:04 AM
මොනවා වුණත් අපේ ජනාධිපතිතුමාගේ හොඳ නිසා මෙහෙම වෙන්නේ..
කල්ප Thursday, 25 October 2018 02:26 AM
එක් කාලයක දකුණේ සංචාරය කළ යුවලකින් සැමියා මරා බිරිඳ දූෂණය කල කල්ලිය බලයට එනතුරු නේද?